IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රැග් එක දෙන්න ගිය අය රැග් වී හූ වරුෂාවක්...

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
මගුල් උත්සවයේදී මංගල යුවළට රැග් එක දීමට සුදානම් වූ පිරිසකට මනාල යුවළ එක්ව රැග් එක දීමේ පුවතක් මොරගොල්ලාගමට නුදුරින් පිහිටි රජරට ප්‍රදේශයේ ගම් සීමවෙකින් අපට අසන්නට ලැබුණි. 


සිද්ධිය මෙසේය.


මනාලියගේ නිවසේ පැවති මංගල උත්සවයෙන් අනතුරුව හෝටලයක එදින රාත්‍රිය ගත කළ මනාල යුවළ පසු දිනයේ මනාලයාගේ නිවසට කැඳවාගෙන ඒමේ උත්සවයකි. 


මනාලියගේ පාර්ශ්වයේ අය හෝටලයට පැමිණ එතැන්සිට මනාල යුවළ කැටුව මනාලයාගේ නිවසට ළඟාවීමට නියමිතව තිබුණි.


මනාලයාගේ හිතවත්හු පිරිසක් ඔවුන් පිළිගැනීම සඳහා එම නිවසේ සිට අතුරු මාවත පසු කරමින් ප්‍රධාන මාවත දෙසට ගමන් කළහ.


පැමිණෙන මනාල යුවළ මෝටර් රථයෙන් බස්සවා ඔවුන් සැරසූ බක්කි කරත්තයක මනාලිය වාඩිකරවා මනාලයාට ඇදගෙන යාමටත්, තවත් තැනක සැරසූ විල්බැරෝවක මනාලයා හිඳුවා මනාලියට තල්ලු කරගෙන යාමටත් සියල්ල සැලසුම් කළහ.


බොහෝ පිරිස එය දැකගැනීමට ඒ වටා ඒකරාශීවී සිටියහ. නැකැත් හෝරාව ආසන්න වෙනවිට මෝටර් රථය හා මනාලියගේ පාර්ශ්වයේ උදවිය එහි ළගා වූ නමුත් මංගල යුවළ දක්නට නොලැබිණි.


කලබලයට පත් හිතවතුන් ඒ ගැන සොයා බැලීමේදී ඔවුනට දැනගන්නට ලැබුණේ මනාලයා මනාලිය බස්සවාගෙන අතුරු පාරකින් හොර රහසේ මනාලයා නිවසට ගොස් ඇති බවය. 


ඒ අනුව රැස්ව සිටි පිරිස මනාල යුවළ දකින්නට එහි දිව ගිය අතරේ රැග් එක දීමට සුදානම් වූ පිරිසද බක්කි කරත්තය හා විල්බැරෝව මහමග දමා එහි ගොස් තිබේ.


මනාලයාගේ නිවසේ බක්කි කරත්තයක් හා විල්බැරෝවක් නැති නිසා හිතවතුන් එය ගෙනැවිත් තිබුණේ අවට ගම්මානයකින්ය. 


රැග් එක දීමට බැරි වුවත් ඔවුන් ගෙනා බක්කි කරත්තය හා විල්බැරෝව මහමග දිගේ තල්ලු කරගෙන අයිතිකරුවන්ට බාරදීමට දුර ගෙවා යාමේදී ගමේ උදවියගෙන් ඔවුනට හූ වරුසාවක් එල්ලවීමට නියමිතව තිබු බැවින් ලැජ්ජාවෙන් බේරීමට රැග් කණ්ඩායම කුලී ගෙවා ඒවා තැරෑව්කරුවන්ගේ මාර්ගයෙන් එහි යැවීමට පියවර ගත් බව ප්‍රදේශවාසීන්ගෙන් දැනගන්නට ලැබුණි.

 



අදහස් (1)

රැග් එක දෙන්න ගිය අය රැග් වී හූ වරුෂාවක්...

dias Wednesday, 29 May 2019 09:22 AM

මෙවැනි වැඩ කරනවුන්ට හොඳ පාඩමක්.

:       13       226

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 431 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 744 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 613 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1131 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 876 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 755 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site