(දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති)
සිය යෙහෙළියගේ විවාහ ලියාපදිංචි උත්සවයට පැමිණි තරුණියක මනාලියගේ රන් මාලය සහ පෙන්ඩනය සොරාගෙන ගොස් උකස් කිරීමේ සිද්ධියක් මීගහවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ සියඹලාපේවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම තරුණිය සිය යෙහෙළියගේ විවාහ උත්සවයට පෙර දින ඉකුත් (16) දා සියඹලාපේවත්ත යෙහෙළියගේ නිවෙසට පැමිණ ඇය සමඟ නිවසේ එකම කාමරයක රාත්‍රිය ගත කරමින් මනාලියගේ රන් භාණ්ඩ තැන්පත් කර ඇති ස්ථානය පිළිබඳව සෙවිල්ලෙන් සිට ඇත.
මනාලිය රාත්‍රී නින්දට යාමෙන් පසු හොර රහසේ අවදි වී ඇති මෙම තරුණිය අල්මාරියක තිබූ මනාලියගේ රන් මාලය සහ පෙන්ඩනය සොරාගෙන හිමිදිරියේ මෙම නිවෙසින් පලාගොස් ඇත.
පසුව ඇය බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට රු. 29,000 කට රන්මාලය උකස් කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
සැකකාරිය කොට්ටාව ප්‍රදේශයේදී මීගහවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
මීගහවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වික්‍රමසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.ඒ.පී.ආර්. ප්‍රේමලාල්, පොලිස් කොස්තාපල්වරු වන 13405, අබේසිංහ, 78653 වීරසිංහ, 32625 තිලකරත්න යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රන්රස සේ ඉඳලා රන්බඩු ටිකට විදලා