IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යාළුවන්ගේ පෙරැත්තයට බීලා දඩ කොළය දෙක වෙලා

(තිහගොඩ – උපසේන ලියනගම)
එකම යතුරු පැදිකරුවකුට එකම දවසේ අවස්ථා දෙකකදී, රුපියල් දහසය දහස බැගින්වූ දඩ කොළ දෙකක් ලබා දීමේ පුවතක් වාර්තා වූයේ මාතර කොටවිල ප්‍රදේශයෙනි.


ඔහු කොටවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වසර අටක් පමණ සිය යතුරු පැදියට අවශ්‍ය බලපත්‍ර සියල්ල නිවැරදිව නඩත්තු කළද කවදාවත් ඔහුගේ යතුරු පැදිය කිසිවකුගේ පරීක්ෂාවට ලක්වූයේ නැත.


පසුගියදා යහළුවකුගේ මඟුල් ගෙදර යාමට සූදානම්වූ ඔහු මෙකී බලපත්‍ර පරීක්ෂා කිරීමේදී රක්ෂණ සහතිකය එක් දිනක් කල් ඉක්මවා ඇති බව දැනගත්තත් කවදාවත් එය පරීක්ෂාවට ලක් නොවූ නිසා සැකයක් නැතිව ගමන ගියද හරියටම එදා පොලිස් පරීක්ෂාවට ලක්වී රුපියල් දහසය දහසක දඩ කොළයක් ලැබිණ. රියැදුරු බල පත්‍රයද පොලීසිය ලබා ගත්තේය.


මඟුල් ගෙදර ගිය ඔහුට යහළුවන් බීමට ආරාධනා කළත් ඊට සහභාගි නොවුවද ඔවුන්ගේ පෙරැත්තය නිසා බීර වීදුරුවක් බීවේය.


එන අතර මගදී වෙනත් පොලිස් කණ්ඩායමකට ඔහු හසුවූ අතර තමා උදේ දඩ කොළ ලැබූ බව කීවත් මෙවර දඩ කොළය ලියුවේ බීමත්ව රිය පැදවීම හේතුකොට ගෙනය. එම දඩ මුදලද රුපියල් දහසය දහසක්ලු.

 



අදහස් (0)

යාළුවන්ගේ පෙරැත්තයට බීලා දඩ කොළය දෙක වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 534 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 886 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 934 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1246 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1580 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site