IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යතුරුපැදියේ අංකය උඩුයටිකුරු කළ සිසුවාට පොලිසියේදී ජීවිතේටම මතක හිටින පාඩමක්

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස) 
උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකු පොලිසියේ දී බුදුන්ට වඳින ගාථාව නොදන්නාකම නිසා පැයක පමණ කාලයක් පොලිසියේ රැඳී සිට බුදුන්ට වඳින ගාථාව ඉගෙනගෙන පොලිසියෙන් පිටත්ව ගිය පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා විය. 


දඹුල්ල නගරාසන්නයේ පදිංචි මෙම පාසල් සිසුවා දඹුල්ල නගර මධ්‍යයේ විශේෂ පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය යතුරුපැදියේ අංක තහඩු උඩු යටිකුරුව සවි කරගෙන යෑම හේතුවෙනි. 


මෙම සිසුවාගෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී  හෙළිවී ඇත්තේ තමන්ගේ මිතුරෙකු විදේශගතවීමට සූදානමින් සිටින බවත් නගරයට යන්නට පැමිණෙන්නැයි ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙන විට තමන් යතුරුපැදිය සුළු අලුත්වැඩියාවකට ලක් කරමින් සිටි බවය. පසුව මිතුරාගේ ආරාධනය නිසා ඔහු බැලීමට දඹුල්ල නගරයට කඩිනමින් පැමිණීම සඳහා කලබලයට ගලවා තිබූ අංක තහඩුව සවි කරගෙන ඇත්තේ උඩුකරුව බවය. 


මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහාම තම නිලධාරින් ලවා ඔහු සිදුකරන ප්‍රකාශය පිළිබඳව පැය කිහිපයක් ඇතුළත සත්‍ය අසත්‍ය අවබෝධ කරගෙන තිබේ. එමෙන්ම ඔහුගේ මිතුරන් පිරිස ද දඹුල්ල පොලිසියට කැඳවා තිබුණි. 


දඹුල්ල ප්‍රදේශයේම උසස් පාසලක උසස් පෙළ අධ්‍යාපනය හදාරන මෙම සිසුවාට දැඩි ලෙස අවවාද කොට මවට වඳින, පියාට වඳින සහ බුදුරජාණන් වහන්සේට වඳින ගාථාව කියන්නැයි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සිසුවාට නියම කළේය. 


මව සහ පියාට වඳින ගාථා දෙක ඉතා සෙමින් ස්ථාන කිහිපයක් වරදවමින් කී සිසුවා බුදුන්ට වඳින ගාථාව නොදන්නා බව පැවසීය. 


පසුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඔහුගේ මිතුරන් කැඳවා වහාම තම මිතුරාට බුදුන්ට වඳින ගාථාව කටපාඩම් කරවා තමා ඉදිරියේ එය කියා පිටව යා හැකි බවට අවවාද කළේය. 


උසස් අධ්‍යාපනය ලබාගැනීමට සිටින බොහෝ දරුවන් සිය මව්පියන්ගේ අනුදැනුමකින් තොරව මව්පියන්ගේ උපදෙස් නොතකා මෙයාකාරයෙන් හැසිරීම බරපතළ ප්‍රශ්නයක් බවත් මේ වනවිට බොහෝ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සිය හිසකෙස් විවිධ පාට ගන්වා කන්වල කරාබු දමා අඳින කලිසම විවිධාකාරයෙන් ඉරා දමා ඉතා අශෝභන ලෙස ජීවත්වන බවද හෙට මේ රට භාර ගැනීම සඳහා සිටින බුද්ධිමත්ම ජන කොටස මෙම පිරිස බව පෙන්වා දෙමින් මිතුරන් සියලු දෙනාටම දැඩි ලෙස අවවාද කරන්නට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පියවර ගත්තේය.



අදහස් (10)

යතුරුපැදියේ අංකය උඩුයටිකුරු කළ සිසුවාට පොලිසියේදී ජීවිතේටම මතක හිටින පාඩමක්

buddika Thursday, 16 May 2019 05:54 AM

කොල්ලට හපන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාව. වාහනේ අන්කේ උඩු යටිකුරු උනාම ගාථා කියන්න ඕනේ මොකද?

:       2273       813

gayan Thursday, 16 May 2019 07:29 AM

පොලිස් ස්ථානාධිපති හොඳ වැඩක් කරලා තියෙන්නේ. හරි නම් දෙමාපියන්ව කැඳවලා කියලා දෙන්න තිබුනේ...

:       0       0

ruwan Thursday, 16 May 2019 08:15 AM

ඔබතුමා කියන්නේ පාසැල් වයසේ දරුවෙකුට දඩුවම් කරන්න ඕනැයි කියාද? ආගමක් දහමක් නොදන්න දරුවන් මෙහෙම වත් හදන එක නෙමෙයිද හොද?

:       774       2181

himal Thursday, 16 May 2019 08:43 AM

වැ‍රැද්දක් කරා නම් ඒකට අදාළ දඬුවම පැමිණවීමෙන් තොරව මේ වගේ විකාර කරන නිලධාරීන්ට එරෙහිව වහාම පියවර ගත යුතුයි. යම් හෙයකින් වෙනත් ආගමක තරුණයෙක් අහුවුණා නම් මොකද කරන්නේ? අනෙක් අතට අංකය උඩු යටිකුරු වෙච්ච එක හරියනවද ගාථා කිව්වම? කවුරු හරි දේශපාලකයෙකුගේ හෙංචයියෙක් අහු වුණා නම් බලාගන්න තිබ්බා.. ගාථා පාඩම් ගන්න හැටි...

:       0       0

himal Thursday, 16 May 2019 08:43 AM

වැ‍රැද්දක් කරා නම් ඒකට අදාළ දඬුවම පැමිණවීමෙන් තොරව මේ වගේ විකාර කරන නිලධාරීන්ට එරෙහිව වහාම පියවර ගත යුතුයි. යම් හෙයකින් වෙනත් ආගමක තරුණයෙක් අහුවුනා නම් මොකද කරන්නේ? අනෙක් අතට අංකය උඩු යටිකුරු වෙච්ච එක හරියනවද ගාථා කිව්වම? කවුරු හරි දේශපාලකයෙකුගේ හෙංචයියෙක් අහුවුණා නම් බලාගන්න තිබ්බා.. ගාථා පාඩම් ගන්න හැටි...

:       0       0

nali Thursday, 16 May 2019 06:43 PM

ඉතා කාලෝචිත දඬුවමක් . මෙම ප්‍රවෘතියෙන් අද බෞද්ධ ළමා පරපුරේ ඛේදවාචකය ඉතා හොඳින් පෙනෙනවා . මාපියන් දරුවන්ට අධ්‍යාපනය දෙනවා . ගුණධර්ම යකාට ගිහින් . දහම් පාසල් අධ්‍යාපනය පසෙකලා කුඩා දරුවාගේ පටන් තරුණ පිරිස දක්වා අද සුපර් ස්ටාර් පිස්සුව පස්සේ යනවා , මෙන්න ප්‍රතිඵල . අනාගතයේදී ඔය දරුවන්ගේ මාපියන් මහලු නිවාස වලට යන්ඩ බලාගෙන ඉන්න එක හොඳයි . තම ලබාදිය පිළිබඳව සත්‍ය නොදන්නා පිරිසක් තමයි අද මේ රට මෙවන් අගාධයකට පත්කර තියෙන්නේ . ඒ පොලිස් නිලධාරියට තුති .

:       0       0

දිමුත් Friday, 17 May 2019 03:42 AM

දැන් එතකොට අංක තහඩුව නිවැරදිව සවිනොකිරීමට දඩුවම බුදුන් වැදීමද? කෙනෙක් මත ආගමක් බලෙන් පටවන්න කාටවත් අයිතියක් නැහැ.

:       739       59

pakeer Sunday, 19 May 2019 01:49 AM

මම හිතන්නේ බුදුන්ට වදින සහ මව්පියන්ට වදින ගාථ අහන්න ඇත්තේ ජාතිය සහ ආගම ලේසියෙන්ම තහවුරු කර ගන්න. එත් හුඟක් වෙලාවට උසස් පාසල් වල ළමුන් ගේ හැසිරීම නම් මෙහෙම තමයි. ඔවුන්ගෙන් රට ජාතිය ට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න නම් බහ. හැසිරීමත් ඉතින් ඒ වගේම තමයි. හොඳ ළමුන් නැතුව නෙමෙයි. හැබයි බහුතරය මෙහෙම තමයි.

:       42       111

Bamunuarachchi Tuesday, 21 May 2019 01:43 PM

පලවෙන්න ඕනේ කාව සතුටුකරන අදහස්ද කියා සිතා ගන්න අමාරුයි. පත්තර මහතුනවද පාටකයාද?

:       0       0

යොහාන් Tuesday, 21 May 2019 02:32 PM

මෙතෙන අර ලිබරල් ලෙඩේ හැදුණු ආගම පාසලේ ඉගැන්වීම වැරදියි කියලා හිතන ලෙඩ්ඩු ලියන බව පේනවා. මේ අයට වුවමනා බටහිර වගේ ආගමක් දහමක් අදහන්නේ නැති නරුමයන් පිරිසක් බෝ කරන්න බව අපිට පේනවා. හැබැයි ඉතින් මේ රටේ කවුරුත් දන්නවා ඔය ආගම් විරෝදි ප්‍රසිද්ධ චරිතවල කැත අසම්මත හැසිරීම්....

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 545 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 780 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1035 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 998 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1273 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1616 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site