මධ්‍යම රාත්‍රියේ මුහුණු පොත පුරා සැරිසරමින් සිටි කාන්තාවකගේ දුරකතනය නිසා ඇයගේ සිඟිති දරුවාගේ ජීවිතයට වෙන්න ගිය විපතක් තම නැන්දම්මාගේ අවධානයෙන් වැළකී ගිය පුවතක් වයඹ පළාතෙන් වාර්තා වේ.
ඇය සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ රූමත් තරුණියකි. නිතරම මුහුණු පොතේ සැරිසරමින් කාලය ගත කරන්නීය. බස් එකේ ගියත්, දුම්රියේ ගියත් මේ පුරුද්ද අතහැරියේම නැත.
ඇයගේ මේ හැසිරීම් නිසා කාර්යාලයේ ලොක්කන්ගෙන් බැණුම් අහපු වාර අනන්තය. කාලයක් ගිය පසු මුහුණු පොතේ සැරිසැරූ තරුණයකු සමග හාද වී විවාහ විය. මේ තරුණයා ආරක්ෂක අංශයක සේවය කළේය. ඔහු ද ඇයගේ මේ දුරකතනයේ එල්ලී සිටීමේ පුරුද්දට අවවාද කර තිබුණි. මෙසේ කාලයක් ගත වන විට ඇය සිඟිති දියණියකගේ මවක් වූවාය. ඇයගෙත් දරුවාගෙත් සියලුම කටයුතුවලට නැන්දම්මා හරියට උදව් කළාය. මේ ලැබුණු නිදහස තුළින් ඇය කාලය ගත කළේ මුහුණු පොතේ සැරිසැරීමටය.
එහෙත් නැන්දම්මා “දුවේ මේ දරුවා බලාගෙන ඉන්න ඔය දුරකතනය පැත්තකට දාලා” යනුවෙන් නිතරම ඇයට අවවාද කරන්නීය.
නැන්දම්මා කොතරම් අවවාද කළත් වැඩක් නැත. ඒනිසා ඇය දරුවා ගැන ඇස ගසාගෙන සිටියාය. දිනපතාම දෙදෙනා නින්දට යනතුරු අවධානයෙන් සිටියාය.
පසුගිය දිනක මධ්‍යම රාත්‍රියේ අවදි වූ නැන්දම්මා ලේලිය නිදා සිටි කාමරය දෙසට සෝදිසියෙන් පියමැන ඇත්තේ පුතා ද එනතුරු සිටින නිසාය. දෙදෙනා දෙස ළංවී බලන විට ඇය දැක ඇත්තේ මිනිපිරියගේ මුහුණ අසලින් එළියක් විහිදෙන බවයි. පසුව සෝදිසි කර බලන විට දැක ඇත්තේ එය ජංගම දුරකතනයක් බවයි. ඇයට දෙවියෝ සිහිවිය. තමා නාව නම් දුරකතනය මිනිපිරියගේ මුහුණට සිරවී ඇයට කරදරයක් වීමට ඉඩ තිබූ බව ඇයට වැටහුණි. ඇය දුරකතනය රැගෙන ලේලිය අවදි කළාය.
හීනෙන් මෙන් අවදි වූ ලේලිය දුරකතනය සොයන්නට වූවාය. මේ විකාර රංගනය දුටු නැද්දම්මාට යකා නැග එය පොළොවේ ගසා මහ හයියෙන් ලේලියට බැණවැදුණාය. ඉකිබිඳීම් මධ්‍යයේ ලේලියට මැවී පෙනුණේ සැමියාගේ තරහ ගිය මුහුණයි.
තමාගේ මේ ඉවක් බවක් නැති මුහුණු පොතේ සැරිසැරිල්ල නිසා තම දියණියගේ ජීවිතයට හානියක් නොවී බේරාදීම ගැන වැඳ වැටෙමින් පිං දී ඇත්තේ තම නැන්දම්මාටය.
බන්දුල පතිරණ
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුහුණු පොතේ රිංගු ලේලිය නැන්දම්මා ළඟ වැඳ වැටිලා
sana Saturday, 20 April 2019 07:37 AM
මෙතන වැරැද්ද දුරකථන භාවිතයේ නොසැලකිල්ල. දවසට කෝල් දෙක තුනක් පමණක් ගන්නා අයෙකුට වුවත් දරුවෙකු අසල දුරකථනය අතපසු වුවහොත් මෙවැනි දෑ විය හැකියි.
GGNT Thursday, 25 April 2019 05:09 AM
අනේ ඉතින් ලේලිට මේ තුන් සරණේ සරණයි