හෝටලයේ කුස්සියේ ගෝලයාවූ ඔහුගේ රාජකාරිය වූයේ එළවළු හා මාළු සුද්ධ කිරීමත් කුස්සියේ භාජන සේදීමත්ය. ඔහු සේවයට පැමිණ මාස දෙකක් ගතවිය. දිනක් හෝටලයේ මුදලාලි ඔහු අමතා හෙට ඉඳන් නිකන් ඉන්න වෙලාවට පැනටි්‍රයේ තියෙන පිඟන් ටිකත් හෝදල දානවා යැයි පැවසීය.
මහත්තයා මට කරන්න තියෙන්නේ කුස්සියේ වැඩ ටික විතරනේ. වෙන දේවල් කරන්න බැහැ. ගෝලයාගේ පිළිතුර විය. එවිට මුදලාලි එහෙම කරන්න බැරිනම් මම කෙනෙක්ව දාලා වැඬේ කරලා තමුසෙගේ පඩියෙන් දවසට සීය ගානේ කපලා එයාට දෙනවා යැයි කීය.
කිසිවක් නොකී ගෝලයා කරබාගෙන සිටියේය. මේ මාසේ පඩි ඕනේ කීවාම මම වේලාසනින් පඩිත් දුන්නා. මුදලාලි පැවසුවේ කෝපයෙනි. රාත්‍රියේ මුදලාලි පිටව ගිය අතර තම ඇඳුම් ස්වල්පය බෑගයක දැමූ ගෝලයා එය හිතවතකුගේ නිවසේ තැබීය. පසුදින අවදිවූ හෙතෙම දියනා පිරිසිදුවී කැෂියර් වෙතට ගොස් මල්ලී මට රුපියල් දෙදහක් දෙන්න. මම ටක් ගාලා පිටකොටුවට ගිහිල්ලා බෙහෙත් වගයක් තියෙනවා. අරගෙන එන්නම් යැයි පැවසීය.
රුපියල් දෙදහස ලබාගත් ගෝලයා හිතවතාගේ නිවසේ තිබූ තම ඇඳුම් ද රැගෙන පිටකොටුවට පැමිණියේය. පිටකොටුවේ ඇවිදින ඔහුට මුදලාලිගෙන් ඇමතුමක් ලැබිණි. වැඩ ඉවර වෙලා පැන්ටි්‍රයේ පිඟන් ටික හෝදලා දානවා. හෙතෙම තද ස්වරයෙන් පැවසීය. තව මුකුත් එපාද ගෝලයා විමසීය.
මොකක්ද කිව්වේ. මුදලාලි විමසු විට දුරකථනය විසන්ධි කළ ගෝලයා නුවර බලා යන බසයකට ගොඩ වූයේය.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය.
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුදලාලිට පාඩමක් දී ගෝලයා නික්මිලා නික්මිලාගෝලයා නික්මිලා