IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මුදලාලි ඩීසල් මිල ගෙවා වතුර බැරල් දෙකක් අරන් ගිහින්

(හිඟුරානේ නවරත්න සමරතුංග) 
ඇස්බැන්දුම්කරුවන් දෙදෙනකු ගෙනා වතුර බැරල් දෙකක් ඩීසල් යැයි සිතා වැඩි වාසි ලබා ගැනීමට මිල දී ගත් වෙළෙන්දෙකු අමාරුවේ වැටුණු සිද්ධියක් අම්පාරේ එක් ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


එක්තරා කර්මාන්ත ශාලාවකට ඩීසල් ඉන්ධන සැපයූ තම ලොරියේ කාර්මික දෝෂයක් ඇති වූ බැවින් එය අලුත්වැඩියා කරගෙන යාමට අතේ මුදල් නැති බව කියමින් බැරල් දෙකක්ද රැගෙන රියැදුරකු සහ ගෝලයෙකු මෙම වෙළෙඳ ව්‍යාපාරිකයා හමුවීමට පැමිණ ඇත. 


පවතින මිලට ඉතාම අඩුවෙන් මෙම බැරල් දෙක අලෙවි කරන බව ඔවුන් පැවසූ අතර ගණන් හදා බලන විට ඒවා අලෙවි කිරීමෙන් තමන්ට ලොකු ලාභයක් ලැබිය හැකි බව මෙම වෙළෙන්දා කල්පනා කළේය. 


ඒ අනුව ඩීසල් බැරල් දෙකේ මූඩි ගලවා ඒ තුළට අතැඟිලි ඔබා නාසයට ද අල්ලා බැලූ වෙළෙන්දා එහි ඇත්තේ ඩීසල් බවට සනාථ කරගත්තේය. 


‘ඩීසල් බැරල් දෙක නම් ගන්න පුළුවන් ඒත් මේවා හිස් කරගන්න බැරල් දෙකක් මා ළඟ නැතැයි’ වෙළෙන්දා කීය. 


‘කමක් නෑ මුදලාලි අපි ගිහින් අනිද්දාට එන්නම් හිස් බැරල් දෙක මෙහෙ තිබුණාවේ’ යැයි රියැදුරා පැවසූයෙන් මුදලාලි එයට ද එකඟවිය. 


ඒ අනුව ගනුදෙනුව සිදුවිය.  


පසුව මුදලාලි තම සේවකයකු අමතා එම බැරල්වල තිබෙන ඩීසල් වෙනත් බැරල් දෙකකට පුරවන ලෙස නියම කර ඇත. 


ඔහු ඩීසල් මාරු කිරීමට යාමේදී එම බැරල්වලවතුර ඇති බව දැක  ‘මුදලාලි මේවා ඇතුළේ තියෙන්නේ ඇල් වතුරනේ’ යැයි කීය. 


‘මොනවා... මම ඕවා ඇතුළට අත දාලත් බැලුවානේ...” පැවසූ මුදලාලි නැවත ඒවා පරීක්ෂා කිරීමේදී වැඩි වාසි ලබාගන්නට ගොස් තමන් ලොකු ප්‍රෝඩාවකට හසුවී ඇති බව වැටහිණි.


තමන්ට අලෙවි කළ ඩීසල් ලීටර් 120 බැගින් වූ වතුර බැරල් දෙකටම රියැදුරා සහ ගෝලයා ඩීසල් ලීටර් තුනහතරක් පමණක් උඩින් දමා තිබුණ බව මුදලාලි දැන ගත්තේ එවිටය. 


‘ඩීසල් මිල වැඩි වුණාට වතුර තරම් බර නෑ එහෙනම්’ යැයි පැවසූ මුදලාලි විද්‍යාත්මක පාඩමක් ද ඉගෙන ගත්තා පමණක් නොව වත්මන් මිල යටතේ ගණන් බලන විට ඔහුට රුපියල් 51,660 පමණ පාඩුවක් සිදුවී ඇති බව අපට තොරතුරු සැපයූවෝ පවසති. හිස් බැරල් දෙක ගෙනයාමට තවමත් රියැදුරා පැමිණ නැති බව ද දැනගන්නට ඇත.

 



අදහස් (1)

මුදලාලි ඩීසල් මිල ගෙවා වතුර බැරල් දෙකක් අරන් ගිහින්

pitigala Thursday, 04 October 2018 01:51 AM

හොරුන්ගේ දක්ෂකම හොඳ වැඩකට යෙදවීනම් කෙතරම් අපූරුද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 343 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 702 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 570 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1116 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 868 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 744 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site