(ගම්පොළ සුරංග රාජනායක)
අනියම් බිරියගේ නිවෙසින් ගත් මිරිස්කුඩු වයෝවෘද්ධ පුද්ගලයකුගේ මුහුණට ගසා ඔහු සතුව තිබූ රුපියල් 1800ක් කොල්ල කන ලද 43 හැවිරිදි හා 46 හැවිරිදි අයියා මලෝ දෙදෙනෙක් නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සිද්ධියට මුහුණ දී ඇත්තේ 67 හැවිරිදි වයෝවෘද්ධ අයෙකු බවත් නාවලපිටිය තිස්පනේ කන්ද ප්‍රදේශයේ තිබූ මළ ගෙදරකට ගොස් රාත්‍රි කාලයේදී නිවෙස වෙත යමින් සිටියදී ඔහු මෙම සිද්ධියට මුහුණ පා ඇත.
මෙම අයියා මලෝ දෙදෙනා බීමත්ව මග රැක සිට මෙම පුද්ගලයා අල්ලාගෙන අසල ඇති එක් පුද්ගලයකුගේ අනියම් බිරියගේ නිවෙස වෙත රැගෙන ගොස් එම නිවෙසින් මිරිස් කුඩු ගෙන මුහුණට ගසා පසුව දෙදෙනාම එක්ව මෙම මුදල් කොල්ල කා තිබේ.
සිද්ධිය වන විට අනියම් බිරියගේ සැමියාද නිවෙසේ සිට ඇති අතර මෙම සිද්ධියෙන් අනියම් සම්බන්ධතාවද හෙළි වී තිබේ.
නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුජීව ද සොයිසා මහතාගේ උපදෙස් මත ප්‍ර.පො.ප. මාපා, පොලිස් සැරයන්වරුන් වන (32527) විජේතුංග, (31064) සුගත්, (36744) රාජකරුණා, පොලිස් කොස්තාපල්වරුන් වන (35781) ප්‍රියන්ත, (37426) ජයසේකර, (35266) සමරවීර, කා.පො.කො. (3660) සමන්මලී යන නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මිරිස් කුඩු ගැහිල්ලෙන් හොර මගුලකුත් එළියට ඇවිත්