IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මැරුණු ගුරුතුමා දොරකඩ බලා ඉඳලා

(තිහගොඩ උපසේන ලියනගම)
තමාට ඉතා ආදරයෙන් උගන්වා සරසවි යන තෙක්ම උදව් කළ විදුහල්පතිවරයකුගේ අවමඟුලට සහභාගි වූ ගුරුවරියක වන ගෝලයකු එම මියගිය විදුහල්පතිවරයා විසින්ම පිළිගැනීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ වැව් බැඳි රාජ්‍යයේ නිවෙසකිනි.


දුෂ්කර සේවය සඳහා ගිය මේ විදුහල්පතිවරයා එම ප්‍රදේශයෙන්ම විවාහයක් කරගෙන එහි නැවතී සිටි අතර, ඔහු මියගිය පුවත පුවත්පතකින් දුටු ඇය දුරකතන ඇමතුමක් දුන්නත් ඵලක් නොවූ නිසා ගුරුවරයකු වූ සිය සැමියා සමග වයඹ පළාතේ සිට එම නිවෙස සොයා ගියේ යතුරුපැදියකිනි.


නිවෙස අසලට යන තෙක්ම අවමඟුල් සේයාවක් නුදුටු ඇය සිතුවේ කොරෝනා අර්බුදය නිසා මෙය චාම්ව සිදු කරනු ඇත කියාය.

හෙත් නිවෙසට ඇතුළුවන විටම විදුහල්පතිවරයා සිනාසෙමින් ඇය පිළිගත්තේ ‘‘දුවේ මොකද මේ සුදු ඇඳගෙන’’ කියාය. ඇයට කිසිවක් කීමට සිහියක් නොවූවත්, සැමියා ‘‘ළඟපාත මළගෙයක් තිබුණා. එහි ආපු ගමන් සර් බලන්න යන්න ඕනෑ කියල මෙයා කිව්වා’’ යනුවෙන් කීවේ ඇය දෙස ද බලා සිනාසෙමින් ලු.



අදහස් (1)

මැරුණු ගුරුතුමා දොරකඩ බලා ඉඳලා

ශාන් Wednesday, 17 June 2020 03:16 AM

ඔහ‌ොම තමයි ඉතින් වයිෆ්ලා. ‌හ‌ොඳ වැඩ නරක වැඩ කරන්න ගිහින් නාගන්නවා.

:       0       16

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 551 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 894 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 939 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1247 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1582 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site