IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්නයට තාත්තාගෙන් අහලා කියන්නම් කියලා

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවක මන්ත්‍රීවරියකගෙන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මාධ්‍යවේදිනියක ඇසූ  ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී තාත්තාගෙන් අහන්න ඕනේ යැයි පැවසීමේ සිද්ධියක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවකින් වාර්තාවේ.


සිද්ධිය සැකෙවින් මෙසේය.


පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ සභාවල සභාපති වැඩ බාර ගැනීමේ උත්සවයකට පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට මෙන්ම ඒ පක්‍ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ මෙන්ම මන්ත්‍රීවරියන්ගේ ඥාති හිතවතුන්ද සහභාගි වී මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ උත්සවයේ මූලික කටයුතු ආරම්භ විය.


මෙවර පළාත් පාලන මැතිවරණයට සීයට විසිපහක් කාන්තා නියෝජනය අනිවාර්ය කර තිබුණු බැවින් පෙර නොවූ විරූ තරමට නවක මන්ත්‍රීවරියන්ගෙන්ද අඩුවක් නොවීය.


එකී උත්සවයට සභා පරිශ්‍රය පමණක් නොව සභා පරිශ්‍ර  භූමියද  පිරී ඉතිරී ගොස් තිබූ බැවින් මන්ත්‍රී කවුද?

මන්ති්‍රීවරිය කවුදැයි නිශ්චිතව සොයා ගැනීම දැඩි ගැටලුවක් විය. 


පිරිත් දේශනයට සවන් දී අනතුරුව පිරිත් නූලක්ද අතෙහි ගැට ගසා ගත් මන්ත්‍රීවරියක් පසෙකට ආ පසු මාධ්‍යවේදිනියක් ඇය අසලට ගොස් මන්ත්‍රීතුමියනි ඔබ තුමිය මොකක්ද ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ යැයි ප්‍රශ්න කළේ ඇයගෙන් ලැබෙන පිළිතුර පළාත් පාලන මැතිවරණයට කාන්තා නියෝජනය යෙදීමෙන් සිදුවන  ප්‍රතිඵල පුවත්පතෙහි ප්‍රසිද්ධ කිරීමටය. 


ඇය ගත් කටටම “තාත්තාගෙන් අහන්න ඕනේ” යැයි පැවසීමත් සමග ඇයගෙන් ප්‍රශ්න ඇසීම නතර කළ මාධ්‍යවේදිනිය ඇය පැවසූ පිළිතුර තවත් මාධ්‍යවේදියෙකුට ඒ මොහොතේම පැවසුවේ සිහින් සිනහවක් පාමින් කනට කොඳුරමිනි.



අදහස් (2)

මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්නයට තාත්තාගෙන් අහලා කියන්නම් කියලා

sam Saturday, 31 March 2018 11:37 PM

ලංකාවේ කාන්තාවන්ට සමතැන්, ඒ කියන්නේ 50/50 දෙනවා කියලා පළාත් පාලන මැතිවරණයේ 25/75 දීලා මේ කරන්නේ විකාරයක් . තම අභිමතය පරිදි කටයුතු කිරීමට ලිංග භේදය බාධාවක් නොවිය යුතු බව රටේ සම්මත නීතියයි . මේ කියන 25% අවම කාන්තා නියෝජනයෙන් සිදු වන්නේ දේශපාලනයට ඒමට කිසිම කැමැත්තක් , දැනුමක් නැති කාන්තාවන්, කාගේ හෝ බල කිරීමකට අර ඉහතකී 25% නියෝජනයේ වාසිය ලබාගැනීම මත පමණක්ම මේ තනතුරු වලට පත්වීමයි . ඉහත සිද්ධිය මේ ගැන හොඳ උදාහරණයක් .

:       56       84

janahitha Monday, 02 April 2018 05:15 AM

එයා තාම විවාහ වෙලා හෝ පෙම්වතෙක්වත් නැතිව ඇති නිසා පියාණන්ගේ උපදෙස් අකුරටම පිළිපදින එක්කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්නය මේකයි සභා රැස්වීම් වලට යනකොට පියාණන්ව එතෙන්ට එක්ක යන්න බැරි එකයි.

:       69       27

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 465 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 302 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1045 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 819 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 700 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 431 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site