(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
ජංගම වෙළඳාමේ ගිය චූන් පාන් රථ හිමිකරුවකු මළ ගෙදරක් ඉදිරිපිට දී රථයේ සංගීත නාද රටාව නතර කිරීමේ වරදට උරණ වූ මළ ගෙදර සිටි ඥාති පිරිසක් චූන් පාන් අලෙවිකරුට පහර දීමට තැත් කර බැන වැදීමේ පුවතක් ප්‍රදේශය අවට ගම්මානයකින් අසන්නට ලැබේ. වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය.
මියගිය සාමාජිකයා ගමේ මරණාධාර සමිතියට බැඳී නැත. මේ නිසා සමිතියේ වරප්‍රසාද ද නැත. ඒ අනුව උදේ කෑම වේල නිවැසියන්ටම සකසා ගැනීමට සිදු විය. උදේට කෑමට පාන් සුදුසු බවට යෝජනා විය.
උදේ සවස හැම දිනකම නිවස අසලින් චූන් පාන් රථය යන නිසා නිවස ඉදිරිපිට දීම නවතා පාන් ගැනීමට තීරණය කළ නිවැසියෝ සංගීත නාදය ඇසෙන තෙක් පිටු පසට වී සල්ලාපයේ යෙදෙමින් සිටියහ.
මේ අතර චූන් පාන් රථය පැමිණෙන වේලාව පසු වී ඇති බැවින් ඒ ගැන විපරම් කළ ඔවුනට දැන ගන්නට ලැබී ඇත්තේ එය එතැනින් නික්ම ගොස් බොහෝ වේලාවක් ගත වී ඇති බවයි. කෙසේ වෙතත් කෑමට පාන් අවශ්‍ය නිසා එය හඹා ගොස් හෝ පාන් ගැනීමට ඔවුනට සිදු විය.
ඒ අනුව කිලෝ මීටර් තුනක් පමණ දුරට ගොස් එය නවත්වන විටත් පාන් බොහොමයක් විකිධෑ තිබූ නිසා මළ ගෙදරට අවශ්‍ය තරම් පාන් දීමට ද එහි තිබුණේ නැත. පාන් ගැනීමට වෙනත් තැනක්ද නැත. මේ නිසා මළ ගෙදරට පැමිණි දුර ඥාතීන්ට දීමට පාන් ද නැත. ඉන් උරණ වූ පිරිස් මළ ගෙදර ඉදිරිපිටින් සංගීතය නතරකර ගමන් කිරීම වරදක් යැයි පවසා එතැනදී ඔහුට පහර දීමට තැත්කර බැන වැදී ඇත. මිය ගිය අයට ගරු කිරීමක් ලෙසට නිවහන ඉදිරිපිට දී සංගීත නාද රටාව නවතා නිහඬව එම සීමාවෙන් ගමන් ගත් බව හෙතෙම පවසා ඇත.
සිද්ධිය තේරුම් ගත් ඔවුන් ඉතිරි පාන් ටික රැුගෙන ඉන් නික්ම ගොස් ඇත.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මළගෙදර ළඟදී චූන්පාන් සංගීතය නතර කළාට පහරදීලා
asokaa Thursday, 06 July 2017 07:48 AM
අනේ මන්දා ඔය සමිති එන්න කලින් ගම් වල මිනිස්සු කොපමණ සහයෝගයෙන්ද වැඩ කලේ? අද මල ගෙදරකට කෑම ටිකක් දෙන්නත් සමිතියට බැඳුනේ නැත්නම් කවුරුවත් නැහැ. මේකද අපේ දියුණුව? මනුස්සකම ගම් වලිනුත් තුරන්වෙලා.
sam Thursday, 06 July 2017 08:18 AM
මේ කතාවේ අවසානය දක්වාම කියෙව්වාම තමයි සිද්ධිය වැටහුනේ.. මේ මල ගෙදර ඉන්නේ කොහොම මිනිසුන්ද කියලා හිතාගන්න අපහසුවක් නැහැ. මරණාධාර සමිති ඇතත්, නැතත් අසල්වැසියෝ මරණයකදී වත් කන්න වේලක් දෙන්නේ නැත්තේ හොඳ කමට නේද?
RD Thursday, 06 July 2017 08:35 AM
උදේ සවස හැම දිනකම නිවස අසලින් චූන් පාන් රථය යන නිසා නිවස ඉදිරිපිට දීම නවතා පාන් ගැනීමට තීරණය කළ නිවැසියෝ සංගීත නාදය ඇසෙන තෙක් පිටු පසට වී සල්ලාපයේ යෙදෙමින් ඉන්න ඇති. ඉන් උරණ වූ පිරිස් මළ ගෙදර ඉදිරිපිටින් සංගීතය නතරකර ගමන් කිරීම වරදක් යැයි පවසා එතැනදී ඔහුට පහර දීමට තැත්කර බැන වැදී ඇත. මිය ගිය අයට ගරු කිරීමක් ලෙසට නිවහන ඉදිරිපිට දී සංගීත නාද රටාව නවතා නිහඬව එම සීමාවෙන් ගමන් ගත් බව හෙතෙම පවසා ඇත. මේ අතර චූන් පාන් රථය පැමිණෙන වේලාව පසු වී ඇති බැවින් ඒ ගැන විපරම් කළ ඔවුනට දැන ගන්නට ලැබී ඇත්තේ එය එතැනින් නික්ම ගොස් බොහෝ වේලාවක් ගත වී ඇති බවයි. කෙසේ වෙතත් කෑමට පාන් අවශ්‍ය නිසා එය හඹා ගොස් හෝ පාන් ගැනීමට ඔවුනට සිදු විය. ඒ අනුව කිලෝ මීටර් තුනක් පමණ දුරට ගොස් එය නවත්වන විටත් පාන් බොහොමයක් විකිණී තිබූ නිසා මළ ගෙදරට අවශ්‍ය තරම් පාන් දීමට ද එහි තිබුණේ නැත.
හෙලදාස ගුරුදේව Thursday, 06 July 2017 11:08 AM
අනේ ළමයිනේ, මම කොච්චර නම් උගන්නලා තියෙනවද අපි ආමි නෙමෙයි අපි ආමු කියලා... ?
thusha Thursday, 06 July 2017 09:11 AM
මොනවා කියන්නද..."දෙයියෝ සාක්කි" කියනවා හැරෙන්නට...?
pitigala Friday, 07 July 2017 04:43 AM
ඔය මල ගෙදරට මොලෙයක් තියන එක්කෙනෙක් වත් ඇවිත් ඉඳලා නැද්ද? මල ගෙවල් ලඟින් යද්දී සංගීතය දාගෙන යන්නේ නැහැ උගත් මිනිස්සු. ඒ මිනිහා යමක් කමක් තේරෙන මිනිහෙක්. හයියෝ මල ගෙදර මිනිස්සු???
thilina Sunday, 09 July 2017 07:04 AM
සමිති තමයි මේ ගමවල් වනසන්නේ....
vidya Thursday, 13 July 2017 07:15 PM
උදේ පාන්දර නැගිටලා වාහනේ එලෝගෙන ගෙදරටම පාන් ටික ගෙනල්ල දෙන මිනිසාට ඇයි හිරිහැර කරන්නේ. මල ගෙදරක ඇහෙන්නේ අනිච්චාවත සංඛාරා කියන ධර්ම පදය නේද? නුබලට අනුකම්පාව දයාව ඇති වෙන්නේ කවදද? ඒ මිනිසාගෙන් සමාව අයදින්න. එතනටයි දෙවියන්, බුදුන් වැඩමවන්නේ. මිනිසුනේ පොඩි දේවල් වලට නොසැලී අනුකම්පාව දක්වන්න
mathara anura Friday, 14 July 2017 08:14 PM
මා දකුණේ ඉපදුණත් දැනට ඉන්නෙ ගම්පහ ප්‍රදේශයේ.. මේ සිරිත් නැහැ ගෙදර අයම තම ආහාර සපයා ගත යුතුය. මේ පිළිවෙත් අනුගමනය නොකරන අයත් ඉන්නවා. ෙ