IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මළගමේ සාජ්ජෙට සුදු කොඩිය හරස්වෙලා

වාහනයේ ගසා තිබූ සුදු කොඩිය ගලවා දමා ගී ගයමින් මළ ගෙදරක ගිය පිරිසක් පිළිබඳව පුවතක් පසුගියදා අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

තම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ ඥාතියකුගේ අවමංගල්‍යයක් දකුණේ ඈත ප්‍රදේශයක පැවැත්විණි. ඒ සඳහා සහභාගීවීමට යාම සඳහා නාගරික ප්‍රදේශයේ හිතවතුන් පිරිසක් සංවිධාන වූහ.


විසිපස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිස එදින උදෑසනම කුලියට ගත් බස් රථයකින් ගමන පිටත් විය.


ගමන තරමක් දුර වූ බැවින් ගමන් වෙහෙස නිවා ගැනීමට 

අවශ්‍ය මත් වතුර බෝතලයක් දෙකක් ද වැඩිහිටියන්ට හොරෙන් බස් රියට දමා ගැනීමට තරුණ පිරිස කටයුතු කර තිබිණි.

මඳ දුරක් යද්දී බස් රියේ පසුපස දෙසින් ගී ගයන හඬක් මතුවන්නට විය. ක්‍රම ක්‍රමයෙන් ගී සිංදු රාවය වැඩිවන්නට වූ නිසා බසයේ ඉදිරි පස කොටසේ වාඩිවී සිටි වැඩිහිටි අයගේ අවධානය ඒ කෙරෙහි යොමු විය. සුදු කොඩියකුත් ගසාගෙන යන ගමන් සිංදු කීම සුදුසු නැති බව ඔවුන්ගෙන් කියවිණ.


ඒ සමඟම තරුණ පිරිසෙන් කෙනෙක් ගොස් බසයේ සවිකර තිබූ කොඩිය ගලවා දැමුවේය ඉන්පසු දිගටම සිංදු කියමින් ගිය පිරිස මළගෙදර ආසන්නයේදී නැවත කොඩිය සවිකර ගෙන නිහඬව ගමන් කර දුක්මුසු මුහුණින් නිවෙසට ගොඩවුනාලු
 
(පොල්ගස්ඕවිට එස් වික්‍රමආරච්චි)



අදහස් (0)

මළගමේ සාජ්ජෙට සුදු කොඩිය හරස්වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 543 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 891 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 936 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1246 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1581 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site