IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මළ ගෙදර කරාබු විලාපයෙන් පළාතම දෙවනත්

ඉංගිරිය නගරාසන්නයේ විසූ විශ්‍රාමික ගුරුතුමියක් හදිසියේම මියගියාය. දූ දරුවන් රැසකගේම ආදර සැලකිල්ලට පාත්‍ර වෙමින්  බොහෝ දෙනකුට උදව් උපකාර කරමින් දිවි ගෙවූ මෙ කාරුණික ගුරුතුමියගේ වියෝවීම අවට ගම්වල දිවි ගෙවුවන්ගේ පවා බලවත් කනගාටුවට හේතු වී තිබුණි.


මියගිය කාන්තාවගේ දූ දරුවනුත් නෑදෑ හිතවතුනුත් දේහය ළඟ කඳුළු සලමින් ශෝක වූ අතර සෑහෙන වේලාවක සිටම මළසිරුර අසලටම වී විලාප තබමින් මෘත දේහය බදාගෙන වැළපෙන තවත් කාන්තාවක් ද වූවාය. “ඉස්කෝලෙ හාමිනේගෙන් හොඳට උදව් උපකාර ගත්තු කෙනෙක් වෙන්න ඇති ඔය දරාගන්න බැරුව අඬන්නේ” විලාපය දුටු කවුරුත් එසේ සිතන්නට වූ අතර දූ දරුවන් ද සිතා සිටියේ ‘අපේ අම්මගෙන් ලොකු උදව්වක්. ගත්තු කෙනෙක් වෙන්න ඇති” කියාය.


මෘත දේහය ආදාහනාගාරය වෙත ගෙන යාමට නියමිත වේලාව ද මදක් පසුවී තිබුණි. මෙතෙක් වේලා මළසිරුර බදාගෙන හැඬූ අයගේ අතින් ඒ මේ අතට හැරී තිබුණ මළ සිරුරේ මුහුණ මියගිය කාන්තාවගේ දියණියක විසින් නිසියාකාරව සකස් කළේ ඒ අවස්ථාවේය.


මිනීපෙට්ටියේ අවසන් නින්ද නිදන තම මවගේ දෙකනෙහි ඊට මොහොතකට පෙර තිබූ කරාබු කුට්ටම ඒ වන විට නොතිබුණ බව ඇය දුටුවේ එවිටය.


මළ සිරුරේ කරාබු දෙක නැතිවී ඇති ආරංචියත් සමගම එතනින් පිටවීමට තැත් කරද්දී මෙතෙක් වේලා විලාප තබා මළ සිරුර බඳාගෙන හඬමින් සිටි කාන්තාවගේ ඉනේ ඔතාගෙන තිබූ කුඩා පොදියක් බිමට වැටුණි. මළ සිරුරේ දෙකනෙහි පළඳවා තිබුණ කරාබු කුට්ටම හමුවූයේ කාන්තාවන් තුන් හතර දෙනෙකු එක්වී ඒ වැටුණු පොදිය අහුලා එය ලෙහා බැලීමෙන් පසුවය.


දේහය රැගත් පිරිසක් ආදාහනාගාරය වෙතට ද “කරාබු විලාපය” තැබූ කාන්තාව රැගත් තවත් පිරිසක් පොලිසිය වෙත ද ගියේ අවමංගල පෙරහර දිගේය. 
(වසර කීපයකට පෙර සිදු වූ සත්‍ය සිදුවීමකි)
ස්ටීවන් කරුණාරත්න, ඉංගිරිය.



අදහස් (0)

මළ ගෙදර කරාබු විලාපයෙන් පළාතම දෙවනත්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 587 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 911 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 947 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1248 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1584 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site