IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහදැනමුත්තා යළිත් ඉපදිලා

කන්ද උඩරට පදිංචි ඔහු බැංකු නිලධාරියෙකි. මේ දිනවල සිය විවාහයට කඩිමුඩියේ ලක ලැහැස්ති වෙන ඔහුගේ මනාලිය වූයේද එම ප්‍රදේශයේම බැංකුවක සේවය කරන තරුණියකි.

තම නිවසේ අලුත්වැඩියා කටයුතු නිසා දින ගණනකින් සිය මනාලියවත් බලන්න යන්න ඔහුට විවේකයක් තිබුණේ නැත. ‘අදනම් යන්න ඕනෑ’ ඔහු සිතා ගත්තේය.  වේලාසන වැඩ නිමකළ ඔහු මිතුරකු ද සමග මනාලියගේ නිවෙසට ගොඩවැදුණේ තවත් ගමන් කීපයක්ම යන්න තියෙනවා. ඔයාව නොබලා ඉන්න බැරි නිසාමයි ආවේ යැයි තමන් ඉදිරියට ආ මනාලියට පවසමිනි.

එහෙත් හරි හරියට වැඩය. ගෙට ගොඩවැදුණු මනාලයාගේ ඇස් එක්වරම ඇදී ගියේ  සාලය මැද ගරු ගාම්බීරව  තබා තිබූ නවීන පන්නයේ වටිනා සෝපාවටය.

 ෂා මරු සෝපාවක්නේ මාත් හෙටම ගේනවා. ඔහු සිය මිතුරාට කොඳුරා කීවේ මනාලියටත් නෑසෙන්නටය.
පසුදාම ගොස් ඊට නොදෙවැනි සෝෆාවකට සල්ලි බැන්ද මනලයා ගෙදර ආවේ උජාරුවෙනි.

මටත් සෙකන්ඞ් වෙන්න බැහැනේ මචං කෙල්ලගේ ගෙදර තිබුණට වඩා හොඳ එකක් මාත් ගේනවා. ඔහු මිතුරන්ට කීය.

පසුදා අඳුරුවැටෙද්දී සෝෆාව රැගෙන ආවේය. ගේ අස්පස් කර එය ගෙට ගන්න හැදුවත් සිද්ධ වුණේ අලි ජරමරයකි. උළුවස්ස පොඩිය. අයියා මලෝ එකතු කරගෙන දන්න සෙල්ලම් දැම්මත් සෝෆාව  ගෙට ගන්න තියා හිතා ගන්නවත් බැරිවිය. මනාලයාට දෙලෝ රත්විය. කරපු මෝඩකම තේරුම් ගියත් ලැජ්ජාවට කරන්න දේකුත් නැත. ආයි හරවලා යවන්න බැරිය.

‘උළුවස්ස කඩමු’ දෙවරක් නොසිතූ ඔහු ඒ රෑම බාස් කෙනෙකු අල්ලාගෙන වැඬේට බැස්සේ ගෙදර අයගේ විරෝධය පවා තඹේකට මායිම් නොකරමිනි.

බිත්ති පිටින්ම උළුවස්ස බිම දැමු මනාලය සෝෆාව ගෙට ගත්තේ මම කොහොමත් මේ උළුවස්ස ලොකු කරන්න හිටියේ යැයි ගෙදර අයටද ඇසෙන්නට කියමිනි.

සෝෆාවේ වැඬේනම් හරිය. නමුත් කඩපු තැන් හරිගස්සන්න මනලයාට දින ගාණක් කට්ට කන්න සිදුවිය. වෙච්ච ලැජ්ජාව වහගන්න හැදුවත්  මනාලයාගේ කැකිල්ලේ තීන්දුව ලැව් ගින්නක් වගේ පැතිර අන්තිමේ මනාලියගේ ගෙදර උදවියගේ කන්වලට ගිහින් තිබිණි. තාම මගුල් කාලත් නැතිලු. දැන් බැංකුවේ යාළුවෝ පවා ඔහුට කතා කරන්නේ හලෝ ‘සෝෆා’ කියලාලු.

සුරංග පෙරේරා.

 



අදහස් (7)

මහදැනමුත්තා යළිත් ඉපදිලා

vernon Monday, 26 February 2018 07:57 AM

මෙතන කිසිම මහදැනමුතුකමක් නෑ. වෙන කෙනෙක් නම් කරන්නේ ඒ කවිච්චිය දෑවැද්දට ඉල්ලන එකයි. එහෙම නැතුව තමන්ගේ සල්ලි වලින් තමන්ට කවිච්චියක් ගත්ත මේ තරුණයා ආදර්ශයක්. එයා කඩවලා තියෙන්නේ එයාගේ ගෙදර උළුවස්ස. අනුන්ගේ ගෙවල් නෙවෙයි.

:       2       155

ශෝබනකුමාර Monday, 26 February 2018 02:08 PM

එකම පැනය වන්නේ ඔය සෝෆාවේ කවුරුවත් ඉඳගන්නේ නැහැ. රෙද්දකින් වසා තිබීමමයි කවුරුත් කරන්නේ. පිට මිනිස්සුන්ට පේන්න සෝෆා, හෝම් තියටර් සිස්ටම්, 42" එල්.ඊ.ඩී. ටීවී ගන්නවා. ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ. ණය කාඩ්පතින් බැංකුවට පොළී ගෙවනවා.

:       4       74

සසිත් නිමන්ත Tuesday, 27 February 2018 05:37 AM

මොන ගොන් තඩියෙක්ද මූ. අපරාදේ බිත්ති කැඩුවේ. වහලේ උළු ගලෝලා ගන්න තිබ්බනේ. කොහෙද මූට මොලේ නැනේ. මොලේ --ට බැහැලද කොහෙද

:       0       165

janahitha Tuesday, 27 February 2018 05:39 AM

පනින්න පෙර සිතා බලනු. බඳින්න පෙර සලසුම් කරනු. බැංකුවේ නිසා කමක් නැහැ ඉතින්. සුබ මංගලම් කියල පතනවා.

:       0       13

RUPAWATHIE Saturday, 03 March 2018 12:35 PM

අලුතෙන් මොනවට ඉපදෙන්නද? ලංකාවේ පුරාවට ඉන්නෙම මහදැනමුත්තොනේ..!!!

:       0       30

padmiSaturday, 03 March 2018 04:10 PM

හලෝ රූපවතී, කාලෙකට පස්සේ.... කොහොමෙයි සැප සනීප.? ඔයා නැතිව හරි පාළුවෙන් හිටියේ. ඉස්සර වගේම රස කතා කියලා අපිව හිනාගස්සවන්න.

:       1       21

Chana Sunday, 04 March 2018 12:38 PM

මේ වගේ ඕපාදූප පල කරද්දී තව ටිකක් ඒ පුද්ගලයන් ගැන සඳහන් කරන විස්තර නැතුව දානවනං තමයි හොඳ.. මොකද ඔය දාලා තියෙන පළාත සහ ක්ෂේත්‍රය සදහන් කරලා පළකරද්දී ඒ පුද්ගලයින්ට ඉලක්ක වෙන සම්භාවිතාවය වැඩියි.. අනික මේකෙන් ලඟකදී විවාහ ගිවිසගන්න ඉන්න මනාල යුවලක්ව හාස්‍යයට ලක්වෙන නිසා..

:       1       17

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 850 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 907 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1119 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1040 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1289 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1633 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site