IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මහ රෑ අලියකුට බියවී ජංජාලයක්

(හසලක වාර්තාකරු)
වල් අලි ගම්වැදීම නිසා මේ දිනවල හසලක ප්‍රදේශයේ ගම්මානවල ජන ජීවිතයේ අවුල් සහගත තත්ත්වයක් ඇති වී තිබුණත් ඒ ආශ්‍රිතව ගමේ කඩපිලෙන් ඇසෙන වල් අලි කතා සිනහ උපදවන සුළුය.


මෙහි කතානායකයා මහියංගන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන හතළිස් දෙහැවිරිදි තිදරු පියෙකි. ඔහු පදිංචිව සිටින්නේ ද වල් අලි ගම් වදින ප්‍රදේශයකය. ඒ නිසා මොහු ද නිතරම කල්පනා කරමින් සිටිනුයේ තම නිවසට, ගෙවත්තට හෝ පවුලේ කෙනෙකුට කොයි මොහොතේ වල් අලියෙකුගෙන් හානියක් වේදෝයි සිතමිනි.


 මොහුගේ රාජකාරි වැඩමුරය නිමා වන්නේ සවස හතට පමණය. වැඩමුරය නිමා වූ වහාම කිසිදු ස්ථනයක රැඳී නොසිට සිය යතුරුපැදියෙන් කෙලින්ම එන්නේ නිවහන කරාය. ඒ සවස 6 න් පසුව තම ගම්මානයේ මේ දිනවල වන අලි ගැවසීම හේතුවෙනි.


සුපුරුදු පරිදි මොහු සවස වැඩමුරය නිමා වී යතුරුපැදියෙන් රාත්‍රියේ නිවස බලා ගමන් කරමින් සිටියේය. යෝධ ඇළ මාර්ගයේ ගමන් කරමින් සිටින විට එක්වරම ඉදිරියෙන් දිස් වූ දෙයින් ඔහුගේ ගත සිත සලිත විය. ඇඟේ හිරිගඬු පිපුණි. ඉදිරියෙන් පැමිණෙන්නේ දැවැන්ත අලියෙකු  බව යතුරුපැදියේ විදුලිපහන් ආලෝකයට පෙනුණි. සිත සිතා සිටීමට අවස්ථාවක් නැත. වහා යතුරුපැදියේ තිරිංග තදකර යතුරුපැදිය නවත්වා එය පෙරළා දමා අසලින් ගලා බසින යෝධ ඇළට පැන්නේ ඇළෙන් එගොඩ වී වන අලියාගෙන් බේරීම සඳහාය.


රාත්‍රී 12 ට පමණ සිය සැමියාගේ නිදන කාමරයෙන් ‘දඩාස්’ ගාන ශබ්දයක් ඇසුනෙන් බිරිය අවදිව සැමියාගේ කාමරයට වහා දිව ගියේ ඔහුට යම් කරදරයක්වත් සිදුවුණා දැයි සිතමිණි. මොහුට පියවි සිහිය ආවේ සිය බිරිඳ පැමිණ ‘ඒයි ඒයි මොකද වුණේ’ කියා විමසමින් ඒ වෙන විටත් බිම වැටී සිටි ඔහුට නැගිටින්නට සහාය වූ අවස්ථාවේය.


බිරියගේ එම කතාවත් ඇගේ සහයාත් හේතුවෙන් තමන් මේ දැක ඇත්තේ සිහිනයක් බවත් අලියාගෙන් බේරීමට ඇළට කියා පැන ඇත්තේ ඇළට නොව ඇඳෙන් බිමට බව වැටහීමෙන් අනතුරුව සිද්ධිය බිරිඳට ද පැවසූයෙන් ඔහුට මෙන්ම බිරියට ද හිනාව නවත්වා ගැනීමට නොහැකි විය.

 



අදහස් (1)

මහ රෑ අලියකුට බියවී ජංජාලයක්

asanka Friday, 09 October 2020 10:28 AM

මෙය හාස්‍යජනක දෙයක් ලෙස පෙනුණත්, මෙයින් ගම්‍ය වන දෙයක් නම් අද රටේ සමහර ප්‍රදේශවල මිනිසුන් වන අලින්ට බියෙන් ජීවත්වන ආකාරයයි. එබැවින් මේ ප්‍රශ්නය තවත් ඔඩු දුවන්නට පෙර, ගම් වදින වල් අලින්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි.

:       6       7

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 727 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 561 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 482 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 307 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 318 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


ගැමියාගේ සත්කාරයෙන් රාලහාමිට එලොව පොල් පෙනිලා
2024 අප්‍රේල් මස 20 452 0

අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 273 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site