(තිහගොඩ උපසේන ලියනගම)
මුහුණුපොතේ අඟර දඟර නැටුමක් නිසා දිගු කලක් පැවති පෙම් සබඳතාවක් දෙදරා යාමේ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ සතුන් වත්තකට ප්‍රකට උප නගරයකිනි.
ඔහුත් ඇයත් ඥාති පවුල් සබඳතාවක් ඇති පෙම් යුවළක් වීම නිසා ඥාතීහුද ඒ පිළිබඳව තම එකඟතාව ද පළ කොට තිබිණ.
සංස්කෘතික අමාත්‍යාංශයට සම්බන්ධ ආයතනයක සේවය කළ පෙම්වතා ඉතා නිහතමානී මනා හික්මීමක් ඇති තරුණයකු වූ අතර ඇය බටහිර පන්නයට කැමති තරුණියක වූවාය.
ඥාති පවුලක පැවති උපන්දින සාදයකට ගිය ඇය තම යහළු යෙහෙළි පිරිසක් සමඟ ගීතයකට අනුව අඟර දඟර නැටුමක් දැක්වූ අතර ඥාති දියණියක ඇගේ නැටුම රූගතකර සති අන්තයේ නිවසට ආ පෙම්වතාට එය පෙන්වූයේ ‘‘ආව් ආව්’’ කියමින් තාලයද අල්ලමිනි.
මෙය දුටු තරුණ පෙම්වතාට මහත් ලජ්ජාවක් මෙන්ම කෝපයක් ද ඇතිවී පෙම් සබඳතාව නැවතීමට තිත තබමින් ආපසු ආවත් දෙදෙනා සමඟි කිරීමට දැන් දෙපසේම ඥාතීන් උත්සාහ දරනවාලු.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මඟුල් ගෙදර නැටුම දුටු පෙම්වතාට පෙම්වතිය එපා වෙලා
mille Friday, 09 October 2020 12:27 PM
යා දෙක නොරත රත නම් දැන්ම තිත තිබීම දෙන්නටම ඉස්සරහට හොඳ වේවි...!!!