මංගල සාදයකදී පමණ ඉක්මවා මධුවිත පානය කර බස්රථයකදී සිදුවූ අකර තැබ්බයක් කුඩලිගම ප්‍රදේශයෙන් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු කාර්යාල සේවකයෙකි. තරබාරු සමාජශීලී පුද්ගලයකු වූ ඔහු මත්පැන් බීමට ගිජුකමක් දැක්වීය.
කාර්යාලයේ මිතුරෙකුගේ විවාහ මංගල ආරාධනා පත්‍රයක් ඔහුට ද ලැබුණි. මංගල උත්සවයේ ආරාධනා පත් ලැබී තිබුණේ කාර්යාලයේ කීප දෙනකුට පමණි.
ඒ නිසා කුලියට වාහනයක් රැගෙන යාමට විශාල මුදලක් වැයවන නිසා මිතුරන් පිරිස යෝජනා කළේ පොදු ප්‍රවාහන සේවයක යාමටය.
කතා නායක මිතුරා යෝජනා කළේ අපි බස් එකේ යන නිසා වැඩිය බොන්න හොඳ නෑ හීනියට දෙකක් දාගෙන බත් ටිකක් කාලා ඉක්මනින් එමු කියාය. අනෙක් මිතුරන්ද එම යෝජනාවට කැමති විය.
මනමාල මිතුරා දුර බැහැරින් පැමිණි මිතුරන් පිරිස ඉහළින් පිළිගත්තේය. උත්සවයේ සංග්‍රහ කටයුතු කරන අයෙකුට පැවරුවේ ඉතා ඉහළින්ම මිතුරන්ට සලකන ලෙසය.
ඉස්තරම් වර්ගයේ බීම ජාති හා විවිධ වර්ගයේ කටගැස්මවල් මේසයට ආවේය. අපේ මිතුරාට ඉහිලුම් නැතිවිය. බෝතල් එක දෙක හිස් විය.
අද බං උඹ එද්දි කිව්වේ වැඩියේ බොන්නේ නෑ කියලා නේද දැන් බෝතලයකට වඩා උඹ බීලානේ. හරි හරි බං දෙන ගානට හරියන්න කන්න බොන්න එපායැ.
මිතුරන්ගේ පෙරැත්ත නිසාම කෑම මේසයට ආවත් බෙදාගත් බත් පිඟාන අතපත ගා පැත්තකින් තැබුවේය. තෑගි බෝගද මිතුරාට දී බස්රථයකට නැගුණු පිරිස තැන තැන තිබූ හිස් අසුන්වල ඉඳගත්තේ නිවෙස බලා ඒම සඳහාය. මද දුරක් ගිය බස්රථය නැවැත්වූවේ බස්රථයේ සිටි මගීන්ගේ කෑ ගැසීම නිසාය.
පදම වැඩිවූ මිතුරාට නින්දගොස් බසයේ අසුනක් යට සිරවී සිටියේය. ඔහු එළියට ගැනීමට මහත් වෙහෙසක් ගැනීමට සිදුවූයේ තරබාරු අයකු නිසාය. මිතුරන් පිරිස ඔහු ත්‍රිරෝද රථයක දමාගෙන නිවසට ඇරලුවේ ලුණු ඇඹුල් ඇතිව දෙසා බාමිනි.
සමන් කුමාර
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මංගල සාදයේදී පදමට වැදිලා මිතුරන්ට අපූරු දඬුවමක් දීලා