(වියලුව වාර්තාකරු)
මංගල සාදයකට ගොස් හොඳ හැටි පදම්වී ආපසු එන ගමනේදී තමුන්ට වෙට්ටු දැමූ යතුරුපැදිකරුවෙකු හඹාගෙන ගමනාන්තයටත් එහා කිලෝමීටර් විස්සක් පමණ ගමන් කර කුලී රථයකට වැඩිපුර කුලී මුදලක් ගෙවූ පිරිසක් පිළිබඳ පුවතකි මේ.
සිද්ධිය මෙසේය.
ඔවුහු එක්තරා ආයතනයක සේවක පිරිසකි.
මංගල සාදයකට ඇරයුම් ලැබූ ඔවුන් ඒ වෙනුවෙන් කුලී රථයක් ද වෙන්කර ගත්තේ පදම ඉක්මවා මත්පැන් පානය කළ පසු වාහන පැදවීම නුවණට හුරු නොවන බව අත්දැකීමෙන්ම දන්නා නිසාය.
මංගල සාදයේ අවසන් හෝරාව තෙක්ම රැඳී සිටි පිරිස ආපසු ගමනාන්තය බලා පිටත් වනවිට මැදියම් රැය ද ඉක්ම ගොස් තිබිණි.
ඔවුන් ගමන්ගත් වාහනය ඉදිරියෙන් කීපවිටක් එහා මෙහා ගමන්ගත් යතුරුපැදියක නැගුණු තරුණයින් දෙදෙනෙකු වෑන් රථයට වෙට්ටු දමමින් ගමන් කළේ ඔවුන්ගේ තරුණකම ප්‍රදර්ශනය කරමිනි.
සිද්ධියෙන් කෝපාවිෂ්ඨ වූ වෑන් රථයේ ගමන් ගත් පිරිස ද ඊට එකට එක කිරීමක් ලෙස තරුණයින් දෙදෙනා ගමන් ගන්නා යතුරුපැදිය පසුපසින් හඹා ගොස් ඔවුන්ට පාඩමක් උගන්වන ලෙස රියැදුරාට බලකර සිටියේ සෙසු පිරිසගේ ද සහයෝගය ලබා ගනිමිනි.
පසුපසින් එන වෑන් රථය දුටු තරුණයින් දෙදෙනා ද පවනට බඳු වේගයෙන් සිය යතුරුපැදිය ධාවනය කළේ පිරිසට අසු වුවහොත් හොඳ කෑමක් ලැබේ යැයි සිතූ නිසාය.
උත්සාහය අත් නොහළ වෑන් රථයේ පිරිස ද යතුරුපැදිකරු පසුපස පන්නන ලෙස එහි රියදුරාට උපදෙස් දුන්නේ ‘‘හයර් එක අපි බලා ගන්නනම්’’ යැයි පවසමිනි.
අතිශයින් වංගු සහිත වූ අබලන් මාර්ගයේ යතුරුපැදිය සමඟ ගමන් කිරීම වෑන් රථයේ රියැදුරාට ලෙහෙසි පහසු කාර්යයක් නොවිණි.
යතුරුපැදිය පසුපසින් හඹා ආ පිරිස ඒ වනවිටත් ගමනාන්තය පසුකොට කිලෝමීටර් 20 ක පමණ දුරක් පැමිණි තිබූ අතර අතුරු මාර්ගයකට හැරවූ යතුරුපැදිය ද අතුරුදන්ව තිබිණි.
අවසානයේ වෑන් රථයේ පැමිණි පිරිස මාර්ගය අසල වූ රාත්‍රී තේ කඩයකින් තේ පානය කොට අමතරව රුපියල් 4000 ක පමණ මුදලක් වියදම් කොට වෑන් රථය හරවාගෙන යළි නිවෙස් වෙත පැමිණියේ වෑන් රථයේ රියැදුරාට ද දෙස් දෙවොල් තබමිනි.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මංගල සාදයට ගොස් එද්දී වෙරි හිඳෙනතුරු රේස් ගිහින්
Pradeep Wednesday, 19 February 2020 01:41 PM
ලංකාවෙනෙ... බේබද්දොනේ.. බිපුවාම චන්ඩි නේ.. තවත් මොනවද ඉතින්..