IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බිරියයි අනියම් බිරියයි ගුටි ඇන ගනිද්දී රෝගියා රෝහලේ පස්ස දොරෙන් පැන ගිහින්

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
රෝහල් ගතකළ තැනැත්තකු බලන්නට නිත්‍යානුකූල බිරිඳ හා අනියම්  බිරිද  ගොස්   ඔවුන් දෙදෙනා වාට්ටුවේ කෙස්වලු පටලා ගන්නා අවස්ථාවේදී රෝගියා රෝහලෙන් පැනයාමේ පුවතක් පොල්පිතිගම මූලික රෝහලෙන් වාර්තා වේ.


සිද්ධිය අනාවරණය වෙන ආකාරයට මෙසේය.


රෝගියා විවාහක දරු දෙදෙනෙකුගේ පියකු වේ. තම බිරිඳ රෝගී තත්ත්වයකින් පසුවන නිසා ඔහු තවත් කතක් සමග අනියම් ඇසුරක් පවත්වයි. ඔහු එසේ ඇසුර පවත්වන්නේද සැමියා හැර ගොස් සිටින විවාහක දෙදරු මවක්  සමග බවත් මේ සම්බන්ධතාව ප්‍රදේශයේ  ප්‍රසිද්ධ රහසක් නොවන බවත් ප්‍රදේශවාසීහු පවසති.


දිනක් එම තැනැත්තාගේ නීත්‍යානුකූල බිරිඳ ඇයගේ විවාහක දුවගේ නිවසට ගිය අතරවාරයේ එදින රාත්‍රියේ තනි වූ ඔහු අනියම් බිරිඳගේ නිවසේ රාත්‍රිය ගත කරන්නට ගිය අවස්ථාවේදී ඔහු රෝගී තත්ත්වයකට පත්ව තිබේ.


දන්නා හඳුනන ත්‍රිරෝද රථ රියදුරන්ට ඔහු රෝහල් ගත කරන ලෙස නිවෙස් හිමි කත දැනුම් දී ඇතත් කිසිවෙකුත් නොපැමිණි තැන තමා සතු යතුරු පැදියක රෝගියා වාඩි කරවා ඇය යතුරු පැදිය පදවාගෙන ගොස් මැදියම් රාත්‍රියේදී රෝගියා  පොල්පිතිගම මූලික රෝහලට ඇතුලත් කොට තිබේ.


පසුදින රෝගියාගේ  මව  තම පුතා රෝහල් ගත කළ පුවත දැනගෙන ඔහු බලන්නට උදේම රෝහලට ගොස් ඇත.


එහිදී දවල්ට තමා බලන්නට රෝහල් ගත කරන ලද අනියම් බිරිඳ කෑම සපයාගෙන එන බැවින් පවුලේ උදවිය පැමිණීමෙන් වලකින ලෙසට රෝගියා අම්මාගෙන් ඉල්ලීම් කර තිබේ.


එයට අම්මා අවනත වී ඇතත්, රෝහලෙන් පිටතට ගිය විගස පිටස්තර පදිංචි තම මිණිපිරියගේ නිවසේ රැඳී සිටින  එම පුතාගේ නිත්‍යණුකූල බිරිඳට සියල්ල පැවසීමට ලහි ලහියේ කටයුතු කර ඇත.


ඒ අනුව දවල් රෝගීන් බලන්නට එන වෙලාවටත් මත්තෙන් එම අම්මා, පුතාගේ නිත්‍යණුකූල බිරිඳ හා එම මිණිපිරියද  කැටුව රෝහලට පැමිණ අනියම් බිරිඳ එන තුරා ඒ අවට සැඟවී සිට තිබේ.


කෙසේ හෝ අනියම් කත දිවා ආහාරයද රැගෙන වාට්ටුවට පිවිස රෝගියාගේ ඇඳ ළඟට යනවාත් සමගම සැඟවී සිටි එම අම්මා  රෝගියාගේ සැබෑ බිරිඳ හා ඇයගේ විවාහක දියණියත් කැටුව අනියම් කත සමග අඩ දබරවී වාට්ටුව කාල ගෝට්ටියක් බවට පත්වෙන අතරවාරයේ එය බේරීමට වෛද්‍යවරුන්ට හා හෙද කාර්යය මණ්ඩලයට එහි රෝහල් ආරක්ෂක අංශය කැඳවීමට සිදු වී තිබේ.
කෙසේ වෙතත්  ඔවුන් එක්ව කණ්ඩායම් දෙපසටකොට ඇතත් රෝගියා ඇඳේ නොසිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.


පැමිණි අනියම් කත රෝගියාගේ වියපත් මවටත්, ඔහුගේ නිත්‍යාණුකූල රෝගී බිරිඳටත් ඇයගේ දියණියටත් පහරදී ඇති බවටත්, ඔවුනට පහර දෙන අයුරු දෙස බලා සිටින්නට නොහැකි තැන රෝගියා නේවාසිකව ප්‍රතිකාර ගැනීම පසෙක දමා පිටුපස දොරෙන් පලාගොස් තම නිවසට ගොස් ඇති බවටත් තොරතුරු අනාවරණය වුණි.



අදහස් (5)

බිරියයි අනියම් බිරියයි ගුටි ඇන ගනිද්දී රෝගියා රෝහලේ පස්ස දොරෙන් පැන ගිහින්

Luxitha Monday, 26 August 2019 07:32 AM

මේකේ සිංහල වාක්‍ය ගැලපීම අන්තිමයි. අඩුම ගානේ සාමාන්‍යපෙළ කරපු කෙනෙක්වත් මේවා ලියනවා නම් හොඳයි.

:       15       73

samanTuesday, 27 August 2019 06:19 AM

සිංහල භාෂාව හැසිරවීමේදී එහි සුන්දරත්වය මතු වන ලෙස හැසිරවීම ලේඛකයෙකු සතු හැකියාවකි. මෙම සිත්තම සිතෙහි මවාලිමට ලේඛකයා සමත්ව ඇත. ඇති විශිෂ්ටයි. ඕනෑම භාෂාවක සාහිත්‍යම හැසිරවීමක් යොදා ගනුයේ ,යොදා ගැනෙනා අවශ්‍යතාව අනුව වේ.

:       111       6

පුෂ්පිත Monday, 26 August 2019 10:24 AM

ලක්ෂිත ඔයාගේ ඉංග්‍රීසියෙන් නම් ලිවීමේ හැකියාව අන්තිමයි. ඊළඟ සැරේවත් ලක්ෂිත කියලා ඉංග්‍රීසියෙන් ලියනකොට Luxitha වෙනුවට Lakshitha කියලා ලියන්න.

:       65       36

පුදිත Monday, 26 August 2019 09:24 PM

මම නම් මෙහි පලවන , කතාවල සාරාංශය කැටි කොට, කතාව වටහාගෙන රස විඳින යමක් වේ නම් රස විඳ ඊළඟ ආටිකල් එකට යනවා. කතාව ලියන කෙනාගේ දිග පළල මනින්නේ මොකටෙයි ? පෘතග්ජන අපිත් හැම දේකින්ම අංග සම්පුර්ණ අය නොවෙයිනේ , එහෙම නේද.?

:       84       57

Kumar Wednesday, 28 August 2019 03:59 PM

ලංකාවත් බටහිර රටක් වගේ වෙලානේ... ඔය දේවල් කලින් තිබුණට පුවත්පත්වල පළවුණේ නැතිව ඇති...

:       0       4

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 871 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 913 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1129 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1048 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1289 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1634 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site