IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බිරියට යළි ආදරය කරන්න ගිහින් කොසුපහර කාලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මනෝ වෛද්‍ය වැඩසටහනකට සහභාගිවී එහි හෙළිකළ එක රහසක් එවේලේම ක්‍රියාත්මක කළ අයකුට භාර්යාවට ළංවීම කෙසේවෙතත් කොසු ප්‍රහාරයකට පමණක් ලක්ව යාන්තම් වෙන්වීම වළක්වාගත් අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා විය.


ඔහු සේවය කළ ආයතනයේ අපූරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එම ආයතනයේ සුභසාධක සමිතිය විසින් පියවරගෙන තිබිණ. ඒ භාර්යාව හා සැමියා අතර දිනෙන් දින දුරස්වන සබඳතාව නතර කොට ඔවුන් අතර ඇති සුසංයෝගය තව තවත් වර්ධනය කරවීමේ රහස් එළිදක්වන මනෝ වෛද්‍ය වැඩසටහනක් පැවැත්වීමය.


ඒ අනුව මේ වැඩසටහන විශේෂඥ මනෝ වෛද්‍යවරයකු විසින් පවත්වනු ලැබීය. එහිදී භාර්යාව සැමියාටත්, සැමියා භාර්යාවටත් ළංවිය හැකි සරලම රහසක් එම විශේෂඥ මනෝ වෛද්‍යවරයා හෙළි කළේය. ඒ නිතර නිතර තමා අනෙකාට මම ඔයාට ආදරෙයි කියා පැවසිය යුතුය යන්නය.


භාර්යාව තමා වෙතට තවත් ළංකර ගැනීමට තිබූ දැඩි ඕනෑකමක් තිබූ ඔහුද මේ වැඩසටහන යන අතරතුරදීම සිය නිවසටත් යන්න පෙර තමාගේ ජංගම දුරකතනයෙන් භාර්යාවට අයි ලව් යූ යන කෙටි පණිවිඩය යැව්වේය.
සුපුරුදු පරිදි ඔහු සිය සේවය නිමවී නිවසට ගියේ විශේෂඥ මනෝ වෛද්‍යවරයාගේ රහස වැඩකර ඇතැයි යන ලොකු විශ්වාසයෙන්ය. වෙනදා වැඩ ඇරී එනවිට පෙරමග බලා නොසිටින භාර්යාව එදා කොස්සත් රැගෙන පෙරමග සිටියාය.


ඒ එක්කම මම එනකං තමයි බලාගෙන හිටියේ තමුසෙ වෙන ගෑණියකුට යවපු එස්එම්එස් එක මගේ ෆෝන් එකට ආවා. ඉන්නවකෝ මම තමුසෙට හොඳ පාඩමක් උගන්වන්නම් කියා ඇය ඔහු අත තිබූ කොස්සෙන් තඩි බබා තමුසේ ඕන මගුලක් කරගන්නවා මම අදම අපේ මහගෙදර යනවා කිය කියා ඇය මරලතෝනි දෙමින් හැඬුවාය.


අනේ නැහැ නැහැ මම ඔයාටමයි ඔය එස්එම්එස් එක එව්වේ. අද අපිට කරපු මනෝ වෛද්‍ය රහසක් අත්හදා බලන්න හිතාගෙනයි. බලන්න ඒකේ කියූ පරිදි මම ඔයාට දරුවන්ට හොරෙන් දෙන්න චොක්ලට් එකකුත් ගෙන ආවා කියමින් කරුණු කාරණා පැහැදිලි කරමින් කුලප්පුවූ ඇතින්නක් මෙල්ල කළ අයුරින් ඇය මෙල්ල නොකළේ නම් ඇය මහ ගෙදර යාමට සූදානම් කොට තිබූ ගමන් මල්ලත් සමග මහ ගෙදර යාම වළක්වාලීමට හැකියාව තිබුණේ දෙවියන්ට පමණි.

 



අදහස් (0)

බිරියට යළි ආදරය කරන්න ගිහින් කොසුපහර කාලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 636 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 814 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1061 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1015 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1278 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1622 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site