IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


බිරියගේ හොරේ බල්ලාගෙන් මාට්ටුවෙලා

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
බල්ලකුගේ වැඩක් නිසා සිය බිරියගේ අනියම් සැමියා නියම සැමියාට අතේ මාට්ටු වූ පුවතක් දකුණේ දුෂ්කර ගමකින් වාර්තා වේ.


 පෞද්ගලික ආයතනයක සේවය කරන ආරක්ෂක නිලධාරියෙකි. ගමටම කිට්ටු නගරයේ පෞද්ගලික ආයතනයක මුරකාවලේ යෙදී සිටී. ඔහුගේ බිරිය දෙදරු මවකි. දෙදරු මවක් වුවද ඇයගේ රූප සොභාව අඩුවක් නොවූ නිසාම අහල පහළ නොවුණත් ගමේම ගැටවරයෙකුගේ ඇස ගැටුණි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙන්නා අතර අනියම් සම්බන්ධයක් ගොඩ නැගිණි.


 සිය සැමියා රාත්‍රියේ පෞද්ගලික ආයතනයකට ආරක්ෂාව දෙන අතරෙ දී ඇය තමා ආරක්ෂා කර ගැනීමට අනියම් සැමියා රාත්‍රියේ දී නිවසට ගෙන්වා ගත්තාය. කාලයක් තිස්සේ සිටම මේ හුටපටය ඇයගේ සැමියාට අසුනොවී පවත්වාගෙන යාමට දෙන්නාම සමත් වූහ. ඒ හොඳ සංඥා ක්‍රමයක් අනුගමනය කරන නිසාවෙනි. නිවසට හෝ ඇයට දුරකතන පහසුකම් නොමැති බැවින් මේ සංඥාව ඉතාම හොඳට වැඩ කළේය.


සැමියා රාත්‍රියේ නිවසේ සිටීනම්  නිවසේ දොරකඩ ඇය දෙපයේ දාගෙන යන හම් පාවහන් යුගලම තිබුණේය. සැමියා රාත්‍රියේ නැත්නම් පාවහන් යුවළෙන් තිබුණේ එක් පාවහනයකි.


 සිය අනියම් බිරියගේ සැමියා එදින හවස්වරුවේ සේවයට යනු දුටු ඔහු වෙනදාමෙන් එදින රාත්‍රියේත් මේ නිවසට පැමිණීමට ගියේය. ඇයගේ සැමියා නිවසේ නැති බවට දොරකොඩ පාවහන් සංකේතයෙන් අවබෝධකරගත් ඔහු වෙනදා මෙන් සිහින් හඬින් ඇයගේ නම කියා නිවසේ ඉදිරි පස දොරට ඉතා මටසිලු‍ටුවට තට්ටු කළේය.


එදින හවස්වරුවේ රාත්‍රී සේවය කිරීමට ගිය ඇයගේ සැමියා රාත්‍රියේම ආපසු නිවසට පැමිණ තිබුණේ හවස ඔහුගේ උගුර රිදීම, කැස්ස හා සියුම් උණක් ඇතුළු කොරෝනා රෝග ලක්ෂණ පෙන් වූ නිසා ආයතනයෙන් නිවාඩු ලබාදීමත් සමගමය. මේ සමගම ක්‍රියාත්මක වූ ඔහුගේ භාර්යාව සිය සැමියා අද රාත්‍රියේ නිවසේ බව ඇඟවීමට සිය පාවහන් යුගලම දොරකඩ ළඟ තැබීමට ද අමතක නොකළාය.


මේ නිසා සිය අනියම් සැමියා මේ සංඥාව බලා වෙනදාමෙන් තමන්ගේ දොරට තට්ටු නොකරනු ඇතැයි දැඩි විශ්වාසයක් තිබූ නිසාත් ඔහුගේ පැමිණීම අපේක්ෂා නොකළ නිසාත්  එදින රාත්‍රියේ ඇයට හොඳට නින්න ද ගොස් තිබිණි. 


අසනීප තත්ත්වයෙන් සිටි ඇයගේ සැමියාට එදා රාත්‍රියේ නින්ද නොගොස් තිබුණි. සිය බිරියගේ නම කියා මහ රෑ දොරට තට්ටු කරන පුද්ගලයා කවුරුන්දැයි කියා දැන ගන්නකම් ඉස්පාසුවක් නැතිව සිටි ඔහු බොහෝම සීරුමාරුවට විදුලි පන්දමත් ගෙන සිය නිවසේ පිටුපස දොර ශබ්දයක් නොනගින අයුරින් විවෘත කොට ගෙන ශබ්දයක් නොනගින සේ ඉබි ගමනින් නිවස ඉදිරිපසට ගොස් දොරට තට්ටු කරන පුද්ගලයා දෙසට ඉලක්ක කොට විදුලි පන්දම දැල්ලු‍වේය. පුද්ගලයා හඳුනා ගත්තද පණ කඩාගෙන දිව් නිසා ඔහු අල්ලා ගැනීමට ඔහුට පුළුවන් කමක් නොවිණ.


සිය බිරියගේ හොරේ අසුවී මහ රෑම ඇයට හොඳටම තඩි බෑ ඔහු මේ සිද්ධිය පොලීසියට ද ගෙන ගියේය.


අනුන්ගේ හොර වැඩ ඔවුන්ගේ කටේ දමා අල්ලා ගැනීමේ  ශූරයකු වූ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා මේ ආරක්ෂක නිලධාරියාගේ පැමිණිල්ලට අනුව ඔහුගේ බිරියත් ගමේ ගැටවරයාත් අතර අනියම් සම්බන්ධයක් කාලයක් තිස්සේ සිටම තිබූ බව අනාවරණය කර ගත්තේය.


වෙනදා රාත්‍රියේ සැමියා නැති බව දැනගෙන නිවසට පනින තමා එදා රෑ කොටුවුණේ කෙසේදැයි පොලිස් පරීක්ෂකවරයා ගැටවරයාගෙන් ඇසුවේ ඒ පිළිබඳව තිබූ කුකුස නිසාමය. අනේ සර් සැමියා ගෙදර ඉන්නවානම් ගෙදර දොරකඩ ළඟ එයාගේ සෙරෙප්පු දෙකම තියෙනවා. සැමියා නැත්නම් එක සෙරෙප්පුවයි තියෙන්නේ. එදා රෑ තිබුණේ එක සෙරෙප්පුවයි. ඒ සංඥාව අනුව තමයි එදා ගියේ.


මේ සම්බන්ධයෙන් ගැටවරයාගේ අනියම් බිරියගෙන් ඇසූ විට පොලිසිය හමුවේ කියා සිටියේ සෙරෙප්පු දෙකෙන් එකක් බල්ලෙකු ඇදගෙන ගිහින් කාලා මිදුලේ දාලා තිබුණු බවය. බල්ලාට සම්මානයක් දිය යුතු බව කී පොලිසියේ නිලධාරියා නොමනා වැඩවලින් වැළකී සිටින්නැයි කාන්තාවට උපදෙස් දුන්නේය.



අදහස් (0)

බිරියගේ හොරේ බල්ලාගෙන් මාට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 444 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1085 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1460 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 997 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා
2024 අප්‍රේල් මස 08 834 0

සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ


ඇප වෙලා අලි අමාරුවක වැටිලා
2024 අප්‍රේල් මස 05 1241 0

හේ දකුණේ ප්‍රසිද්ධ චරිතයකි. පියා ද වැදගත් රැකියාවක් කරමින් සිට විශ්‍රාම ලබා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගියේ ය. මෙහිදී මියගිය අයගේ වැඩිමහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site