IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බිරියගේ හොර අල්ලන්න ගිහින් සැමියා​ෙපාලිස් කූඩුවෙත් ලගී

(හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන)
බිරියගේ හොරවැඩ ඇල්ලීමට ගොස් පොලිස් කූඩුවේ ළගින්නට සිදුවූ සැමියෙකු පිළිබද ප්‍රවෘත්තියක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


සරසවි අධ්‍යාපනය ලබද්දී දැන හඳුනාගත් දෙදෙනකු දැනට වසර පහකට පමණ පෙර විවාහවී ඇත. දෙදෙනාම රැකියා ස්ථාන දෙකක රැකියාව කරන නිසාත් බිරිය තම නිවසේත් සැමියා සැමියාගේ නිවසේ ජීවත්වී ඇත. මේ දෙදෙනාට දරුවන් දෙදෙනෙක්ද සිටිති. 


බිරිය සිත් ඇද ගන්නා සුළු රූපයකට උරුමකම් කියන්නියක වූ අතර සැමියා මස්මාංස අනුභව නොකරන නිවුණු පුද්ගලයෙකි. කාලය ගතවෙද්දී සැමියාට බිරිය පිළිබඳව කවුරුන්ගෙන් හෝ සැක සහිත  ආරංචියක් ලැබී ඇති අතර බිරියගේ හොර අල්ලා ගැනීම සඳහා ඔහු අපූරූ උපක්‍රමයක් යෙදීය.


බිරියගේ නිවසේ සවස් වන තෙක් කාලය ගත කළ සැමියා තම නිවසට යන බව පවසා පිටත්ව ගොස් රාත්‍රී නවයට පමණ ඔහු ජැකට් හෙල්මට් සහ මුඛ ආවරණ ආදිය පැලඳ යතුරු පැදියෙන් බිරියගේ නිවෙසට පැමිණ ඇත. ඒ බිරියගේ නිවසට යන සුපුරුදු පාරේ නොව වෙනත් කෑලෑබද මාර්ගයකිනි. යතුරු පැදිය අතරමග නතර කර බිරියගේ නිවස අසලට ගොස් ඔහු සැඟවී බලා සිටියදී නාදුනන යතුරු පැදියක් නතර කර තැබීම නිසා ප්‍රදේශවාසීන් කලබලයට පත්ව තිබේ.


ප්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීම නිසා පොලිසිය පැමිණ යතුරු පැදිය පොලිසියට ගෙනගොස් ඇති අතර ගම්වැසියන් යතුරු පැදියේ හිමිකරු එනතෙක් රැකවල්ලා ගෙන සිට ඇතැයි ද වාර්තාවේ. සැමියා යතුරු පැදිය තිබූ තැනට පැමිණ බලන විට යතුරු පැදිය නොමැති නිසා කිලෝමීටර් පහක් පමණ පයින් ගොස් පොලිසියෙන් යතුරු පැදිය පිළිබඳව විමසා කුලී රථයකින් නැවත යතුරු පැදිය නතරකර තිබූ තැනට පැමිණි විට ප්‍රදේශවාසීන් ඔහු අල්ලාගෙන පොලිසියට බාර දී ඇත.  එහිදී සැමියා තමන් පැමිණි කාරණය පොලිසියට පවසා ඇති අතර ගම්වාසීන් එවිට සිද්ධිය අවබෝධ කරගෙන ඇත.


සැමියා එදින රාත්‍රියේ පොලිස් කූඩුවේ ගත කළ අතර කිසිවක් නොදත් බිරිය පොලිසියෙන් කරනලද දැනුම්දීම අනුව පසුදින උදැසන පොලිසියට ගොස් ඇතැයි වාර්තාවෙයි. සැමියාට අවවාද කර මුදාහැරි පසු බිරිය සමග නිවසට පැමිණ ඇති අතර දෙදෙනාම සිද්ධිය වසන් කර ගැනීමට උත්සාහ කළද දින කිහිපයක් ගතවන විට කතාව ගම පුරා පැතිර ගොස් තිබුණි.



අදහස් (3)

බිරියගේ හොර අල්ලන්න ගිහින් සැමියා​ෙපාලිස් කූඩුවෙත් ලගී

himal Thursday, 02 July 2020 04:32 AM

දැන් එතකොට මේ පුද්ගලයාව ‍රැයක් පොලිස් සිර මැදිරියේ තබා ගන්න මොකක්ද චෝදනාව? ගමේ ඉන්න මිනිස්සුන්ට සැකයි කියලා අල්ලගෙන යන්නේ බයිසිකලයක් නිසාද? ප්‍රාඩෝ මොන්ටේරෝ එහෙම පාළු පාරවල නවත්වා තැබුවොත් ඒවත් අල්ලනවද?

:       1       277

buddhi Friday, 03 July 2020 08:27 AM

මේවා පොලිසියේ වැඩ.

:       1       57

sampath Sunday, 05 July 2020 03:57 AM

දැන් ගම පුරා දැනගත් දෙය රට පුරා දැනගෙන අවසානයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 821 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 897 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1111 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1035 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1288 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1631 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site