IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බෑණා උපන් ඇඳුමෙන් සී සාද්දී මාමාට තරු පෙනිලා

තම කුඹුර සී සෑම සඳහා කිහිප දවසක්ම මාමණ්ඩියගෙන් හරක් බාන ඉල්ලා නුදුන් විට හොරෙන් හරක් බාන රැගෙන ගොස් සී සාමින් සිටිය දී  මාමණ්ඩිය එනු දැක බෑණා අමුඩය ලිහා දමා නිර්වස්ත්‍රව සී සෑමේ පුවතක් කලකට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි ජනපදයකින් වාර්තාවේ.


ඔහු කා අතරත් ජනප්‍රිය පුද්ගලයෙකි. කන්ද උඩරට සිට විවාහ වූ පසු බිරිඳගේ ගමට පැමිණ ඇත. පිරිත් ගෙදරකට මළ ගෙදරකට ඔහු නැතිවම බැරිය. ඔහුගේ කථා ඇසීමට කවුරුත් ප්‍රිය කරති. විටෙක ඔහු අන්දරේට සමාන කළ බව දැන ගැනීමට ලැබුණේ ඔහු කරන වැඩ කටයුතු නිසාය.


තම බිරිඳ සමඟ සහයෝගයෙන් කටයුතු කරන ඔහු ගොවිතැන් වැඩවලට එදා මෙන්ම අදත් ඉතා දක්ෂය. තම කුඹුර සී සෑමට අවශ්‍ය බවත් ඒ සඳහා තමා සතුව හරකුන් නොමැති නිසා බිරිඳගේ පියාගෙන් කිහිප දවසක්ම හරක් බාන ඉල්ලා නුදුන් නිසා මාමණ්ඩිය අවද වීමට පෙර පාන්දරම හරක් බාන රැගෙන කුඹුර සී සෑම ආරම්භ කර ඇත.


පැයක්  පමණ සී සාමින් සිටින විට තම මාමණ්ඩිය පැමිණෙනු දැක කිසිවක් කරකියා ගැනීමට නොහැකිව තමා ඇඳ සිටි අමුඩය ගලවා දමා නිර්වස්ත්‍රව සී සාමින් සිට ඇත. ටික දුරක් පැමිණි මාමණ්ඩිය දැක ඇත්තේ තම බෑණා නිර්වස්ත්‍රව කුඹුර සී සාමින් සිටින අයුරුය.


හරකුන් ඉල්ලා ගැනීම පැත්තක දැමූ මාමා කඩිනමින් දුවගේ ගෙදර ගොස් හරක් දෙන්නා දෑවැද්දට දුන්නා කියලා හිතා ගනින් කියා දුවට පවසා අනේ පුතේ බෑණාට කියාපන් අමුඩය ඇඳගෙන කුඹුර හාන්න කියලා. නැත්නම් අපට මේ ගමේ වසන්න වෙන්නේ නෑ යි මාමා පැවසීය.


තම සටකපට නුවණට මාමණ්ඩිය හසුවූ බව දැනගත් බෑණා මහ හයියෙන් සිනාසී අමුඩය ඇඳගත්තේය.  


දේවහුව  ප්‍රසාද් ජයකොඩි

 



අදහස් (0)

බෑණා උපන් ඇඳුමෙන් සී සාද්දී මාමාට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 545 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 780 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1035 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 998 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1273 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1616 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site