(හසලක වාර්තාකරු)
හතළිස් දෙහැවිරිදි තිදරු මවක ඇසුරට ගන්නට උත්සාහ කළ 23 හැවිරිදි තරුණයකු පසුගියදා පේරාදෙණිය මල්වත්තේදී කාන්තාවගේ ප්‍රහාරයට ලක්ව ජනතාවගේ අවමාන මැද පලාගිය පුවතක් පේරාදෙණියෙන් වාර්තා වේ.
පිළිමතලාව ප්‍රදේශයේ කාන්තාවක් පේරාදෙණියට යාම සඳහා මහනුවර බලා යන බසයට ගොඩවූවාය. ඉඩ ඇති තැනක ඇය වාඩිවීමෙන් පසු බසයේ කෙළවර සිටි තරුණයා ඇය හා අල්ලාප සල්ලාපයේ යෙදුණි.
කතාබහත් සමග තරුණයා කාන්තාව ස්පර්ශ කිරීමට උත්සාහ කිරීමේදී විරෝධය පෑ ඇය ඔහුට එසේ නොකරන ලෙසට අවවාද කර වෙනත් අසුනකට ගියාය.
ඇය පේරාදෙණිය පොලිසිය ඉදිරිපිටින් බසයෙන් බැස ගත්තාය. බසයෙන් බැසගත් ඇයට “අක්කේ” යැයි හඬක් පිටුපසින් ඇසී එදෙස බලද්දී ඇයට දැකගත හැකිවූයේ බසයේදී තමන්ට කරදර කළ තරුණයා තමන්ට කතා කළ අය බවයි.
ඇය නවතිනවාත් සමගම ඇය අසලට දිව ආ ඔහු ඇයට යෝජනා කළේ “මට ඔයාත් එක්ක කතා කරන්න ඕනෑ. ඒ නිසා ළඟ ඇති හෝටලයකට හරි වෙනත් කොහාට හරි ගිහින් ටිකක් කතා කරමු” කියාය.
මෙහිදී ඇය කල්පනා කළේ මේ තරුණයා තමන්ගේ අම්මා වාගේ වන තමන්ට මෙවැනි යෝජනාවක් ගෙන ඒමට තරම් පහත් තත්ත්වයකට වැටී ඇත්තේ සමාජයේ වරදින් වන හෙයින් එය සමාජයෙන්ම නිවැරැදි කිරීම සුදුසු යැයි ද එයට සුදුසු පාඩමක් ඉගැන්වීම ද සුදුසු යැයි ද කල්පනා කළාය. ඇය “හා එහෙමනම් අපි මල්වත්තට යමු” කියා යෝජනා කර ඇය ඔහු සමග මල්වත්තට ගියාය.
මල්වත්තට ගිය ඇය එහි තිබූ අසුනක වාඩිවූයේ මොහුට යම් උපදේශයක් ලබාදී මෙවැනි ක්‍රියාවල නොයෙදෙන ලෙස දැනුම් දීමේ අරමුණෙනි. එහෙත් ඇය එහි වාඩිවෙනවාත් සමගම ඔහු ද ඇය ළඟ වාඩි වූ සැණින් ඇයගේ දෑත් අල්ලා ගැනීමට සූදානම් විය. ඒ වෙනවිට එම ආසන්නයේ මල්වත්ත නැරඹීමට පැමිණි පාසල් දරුවන් හා වැඩිහිටියන් ඇතුළු බොහෝ පිරිසක් සිටිනු දැක ගැනීමට හැකි විය.
මොහුගේ මෙම ක්‍රියාවෙන් යක්ෂාවේෂ වූ ඇය ඔහුට පහර පිට පහර දෙන්නට පටන් ගත් විට අසල සිටියවුන් වහා එම ස්ථානයට පැමිණියේ සිදුවෙන්නේ කුමක් දැයි දැක බලා ගැනීමටය. එහිදී ඇය මොහුගේ පාදඩ ක්‍රියාව ගැන රැස්වූවන්ට ද නොවලහා පවසා සඳහන් කළේ මෙම ක්‍රියාව මෙයින් නතර කිරීම සඳහා මොහුට අවවාද කිරීමට මෙහි කැඳවාගෙන පැමිණි බවත් අවවාද දී මුන් හදනවාට වඩා තමන් අද සමාජයෙන් ඔහුට පාඩමක් ඉගැන්වූ බවයි.
පැමිණි පිරිසගෙන් ද ඔහුට එල්ල වූයේ අවමානයකි. අවවාදයකි. වෙනත් යමක් කර කියාගත නොහැකි වූ තැන ඔහු ඇය ඉදිරියේ දණ ගසා වැඳ සමාව ඉල්ලා තමන් මින් ඉදිරියට මෙවැනි නොහොබිනා වැඩ නොකරන බවට පොරොන්දු වී අතෙහි වූ ගමන් මල්ල ද රැගෙන පලා ගියේ එතන සිටි පිරිසේ හූ හඬ මධ්‍යයේය.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බසයේ පෙම්මල නෙළාගෙන මල්වත්තට ගියාම අම්බානක කන්න වෙලා
sameera Tuesday, 12 February 2019 11:28 PM
මල්වත්තට ගියේ ඇයි පොලිසියටනේ නයන්න තිබුණේ. අඳුනන කෙනෙක් දැකලමෙහෙම කළාද?
pubThursday, 14 February 2019 05:43 AM
එක තමා වෙලා තියෙන්නේ.