IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බසයේ තද බදය අස්සේ රූමතියගේ පස්ස පැත්තේ අත වැඳී කන පැලෙන්න නෙළලා

කිටි කිටියේ හිරවූ මගී ප්‍රවාහන බස් රථයක යමින් සිටියදී ගාස්තුව ගෙවීමට සිය පිටුපස සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය ගැනීමට යාමේදී රූමත් කාන්තාවකගේ පසුපස අත වැදීමෙන් ඇයගේ කම්මුල් ප්‍රහාරයට ලක්වූ තරුණයකු පිළිබඳව පුවතක් දකුණේ වාර්තා වේ.

කොළඹ සිට දකුණු පළාතේ ප්‍රධාන නගරයකට ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථයකි. ප්‍රධාන පොහොයකට නිවාඩුවට යමින් සිටි පිරිස නිසා මේ බස් රථය මගීන්ගෙන් කිටි කිටියේ හිරවී තදවී තිබිණි. අඩි දෙක තියා එක අඩියක්වත් තබා ගමන් ගැනීමට නොහැකි ආකාරයටම එහි පොල් පැටවුවාක් මෙන් සෙනඟය.


ඒ අස්සේ බස් රථයේ කොන්දොස්තර, ටිකට් ගන්න... ටිකක් ගන්න... යයි මර ලතෝනි දෙමින් බස් රථයේ පසුපස සිට ඉස්සරහට එමින් සිටියේ රථයේ සිටි මගීන්ද තෙරපාගෙනය.


කොතරම් සෙනඟ බස් රථයේ සිටියත් ටිකට් ගත යුතුම නිසා මේ බස් රථයේ සිටි තරුණයෙකු සිය කලිසමේ පිටුපස සාක්කුවට අත දැමුවේ මුදල් පසුම්බිය ගැනීමටය. එසේ අත දමන විටදී කලිසම් සාක්කුවේ මුදල් පසුම්බිය ගැනීමට අතේ ඇඟිලි දෙකක් දමා ඇද්දේ අනෙක් ඇඟිලි තුනට කරන්නට දෙයක් නොවූ නිසාවෙනි.


සෙනඟ කිටි කිටියේ සිටි නිසා මුදල් පසුම්බිය ගැනීමට යාමේදී කාන්තාවකගේ පිරිමියෙකුගේද නොදත් ඔහුගේ අත තමාට පසුපස හරවාගෙන සිටි අයකුගේ පසුපස ගෑවුණි. ඒ ඔහු නොදැනුවත්වමය.


ගතවූයේ ටික වේලාවකි. වැදගත් කාන්තාවකට බස් එකකවත් යන්න දෙන්නේ නැහැයි කියමින් කාන්තාවක් මේ තරුණයාගේ කන හරහා දිගට හරහට නෙලුවාය. මේ කිසිවක් නොදත් තරුණයාට තමන් කරන්න ගියදේ කීමටවත් ඉඩක් නොලැබුණේ සිදුවූ දේ ගැන ගල් ගැහී සිටි නිසාය.


මෙයට පොහොර දැමීමට තවත් තරුණයින් හා වැඩිහිටියන් කිහිප දෙනෙකුම ඉදිරිපත්ව තිබූ බැවින් මේ වන විටත් ඔහුගේ කම්මුල රත් පැහැ වී තිබිණ.


අනේ මම කාගෙවත් පස්ස අල්ලන්න ගියේ නැහැ. මටත් හොඳ ලස්සන නෝන කෙනෙක් ඉන්නවා. මම ටිකට් ගන්න පර්ස් එක ආදින කොටයි මේක වුණේ. මම දන්නේ නැහැ කාගේ පස්සෙද මගේ අත වැදුණේ කියලා. මට ඒ ගැන හොයන්න තියා බලන්නටත් විදිහක් නැහැ. මේ සෙනඟ නිසා ලජ්ජාවටපත් ඔහු දෙනෙතේ කඳුළු පුරවාගෙන කීවේ. වෙනත් තමන්ට මේ වෙනුවෙන් කරන්න දෙයක් නොතිබූ නිසාවෙනි.


සිදුවූ දේ තේරුම් යනවිට සියල්ල සිදුවී හමාරය. කෙනෙකුට චෝදනාවක් කරන විට මීට වඩා හොඳට හොයල බලලා කළ යුතු යැයි අර කාන්තාවට චෝදනා කරමින් ඔහුට පහරවල් එල්ල කළ පිරිස කීවේ අපිට සමාවෙන්න අපි කළ වරදට යයි කියනවිටත් ලජ්ජාවටපත් ඔහු ඊළඟ නැවතුමෙන් ගමනාන්තය කරා නොගොස් බැසීමට තීරණය කර තිබුණේය.
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)



අදහස් (4)

බසයේ තද බදය අස්සේ රූමතියගේ පස්ස පැත්තේ අත වැඳී කන පැලෙන්න නෙළලා

pakeer Saturday, 03 August 2019 12:00 AM

අනේ මොනවට කියනවද මේවා...? සමහර වෙලාවට කෙල්ලෝ ඇවිත් හරියටම ඉස්සරහ හිටගෙන පස්ස තියන් ඉන්නවා. කිසි ගානක් නැහැ. එහෙම තියල අපි ගෑවුනොත් රවලා බලනවා. එතකොට වෙන්නේ මේ කොල්ලට වුණා වගේ අපිටත් බහින්න. අනේ මන්ද මේවා. කෙසේ වෙතත් කිසිම මනුස්සයෙකුට තමන්ගේ සංවරකම තියාගෙන ලංකාවේ ප්‍රවාහන සේවයක යන්න නම් බැහැ...

:       2       18

රිතික් Saturday, 03 August 2019 03:32 AM

මම නම් කෝකටත් කලින් මුහුණ පෙන්නලා යන්තම් හිනාවෙලා ඉන්නවා. ක්‍රමය නොදන්න අය ගුටිකනවා.

:       3       42

Ruvan Tuesday, 06 August 2019 05:35 AM

හුගක් ලාංකිකයෝ හදිස්සිකාරයෝ. නීතියක් නැති නිසා තමුන් නීතිය ක්‍රියාත්මක කරන්න යනවා. අන්තිමේ දී වැරැද්ද වැටහෙනකොට හානිය සිදුවෙලා ඉවරයි. යහපාලනය පත් කරගත්තා වගෙයි. ගුටි කාපු එකත් නීතිය දන්නේ නෑ. ඔහුට තිබුනේ රියදුරු ලඟට ගොස් බස්එක ලඟම පොලිසියට ගෙනයාමයි. ගහපු එවුන්ටයි ඔවුන්ව උසි ගන්වපු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ගොරවන ගැහැණුන්ටයි දෙගොල්ලන්ටම පාඩමක් ඉගැන්වීම රට ගැන හිතන කවුරුන් හෝ කළයුතුයි.

:       0       3

asanka Thursday, 08 August 2019 06:43 AM

අයියෝ මේක වැරදිමක්ලුනේ

:       0       2

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 153 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 630 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 479 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1091 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 843 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 718 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site