IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බලූ හඬ නවත්වන්න අපූරු උප්පරවැට්ටියක්

 

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)

අල්ලපු ගෙදර බල්ලා රාති‍්‍ර කාලයේ නොකඩවා බුරන නිසා පාඩම් කිරීමට බාධා වෙන බැවින් පියවරක් ගන්නා ලෙස උපාධි අපේක්ෂිකාවක ග‍්‍රාම නිලධාරිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ බල්ලාගේ බුරන ශබ්දය නොඇසෙන්නට නම් ඉයර්ෆෝන් යුගලයක් පාවිව්ච් කරන ලෙස දැන්වූ පුවතක් අලව්ව ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ.

ළඟදීම අවසන් වසරේ විභාගයට පෙනී සිටීමට නියමිත උපාධි අපේක්ෂිකාවගේ නිවසට යාබඳ නිවසකට අලූතින් බල්ලකු ගෙන ආවේ මෑතකදීය. දහවල් කාලයේ නිදහසේ නිවස තුළ සැරසරන බල්ලා රාති‍්‍රයේදී නිවසින් පිටත වැට මායිමට ආසන්න තැනක බැද දැමීමට නිවැසියෝ කටයුතු කළහ.

දහවල නිවී සැනසිල්ලේගේ ඇතුළත ගතකරන බල්ලා රාති‍්‍රයට කාන්සිය මකා ගැනීමට නිතර මහ හඬින් බුරන්නට වීම අසල්වාසීන්ට කරදරයක් විය. වැඩිපුරම කරදරයකට පත්වූයේ රාති‍්‍ර කාලයේ පාඩම් කරන උපාධි අපේක්ෂිකාවටය. නිවැසියන්ට මේ ගැන කීපවිටක්ම දැන්වූවත් පලක් නොවූ තැන ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිට පැමිණිලි කළේ වෙන කළ හැකි දෙයක් නැති තැනය.

ග‍්‍රාම නිලධාරි දිනක් සවස පැමිණ ගියාට පසුදින කිහිපයක් බල්ලා නිවස ඇතුළත තබා ගැනීමට නිවැසියන් පියවර ගත් අතර කාටවත් කරදරයක් වූයේද නැත. දින කිහිපයක් ඇවෑමෙන් යළිත් බල්ලා සුපුරුදු ලෙස නිවසින් පිටත බැද දමන්නට වූ අතර උගේ බිරුම් හඬ රාති‍්‍ර පුරාම ගිඟුම් දෙන්නට වූයේය. මේ බල්ලා බැද දමන ස්ථානයත් තරුණිය පාඩම් කරන නිවසත් අතර දුර ප‍්‍රමාණය මීටර් හත අටක් තරම් සමීපය.

නැවත ඇතිවූ බලූ බිරුම් කරදරය ගැන තරුණිය ග‍්‍රාම නිලධාරිට දැනුම් දුන්නේය. ඒ ගොල්ලො බල්ලට කටකලියාවක් දාන්නම් කිව්වා. ඒක බල්ලාට කරදරයක් බව පැවසූ ග‍්‍රාම නිලධාරියාගෙන් ලැබුණේ අපූරු උපදෙසකි. ‘‘ ඕව නවත්වන්න නීතිරීති නැහැ. බල්ලා බුරන එක කරදරයක් නම් ඔයා ඉයර්ෆෝන් දෙකක් කනේ ගහගෙන පාඩම් කරන්න’’ එසේ පාඩම් කරන්නේ කෙසේ දැයි කියා ග‍්‍රාම නිලධාරීවරයා තරුණියට කියාදී නැත.  



අදහස් (26)

බලූ හඬ නවත්වන්න අපූරු උප්පරවැට්ටියක්

sunil gikiyanage Thursday, 09 November 2017 04:49 AM

නීති නැත්නම් නීති හදල හරි මේවා නතර කළ යුතුයි. තමන්ගේ බල්ලා අනුන්ට කරදරයක් නොවන සේ තබා ගැනීම හදන්නාගේ වගකීමක්. නිති නැත්තේ නහැ නතී තිබිය හැකියි හොයා බලන්න. ශබ්දවාහිනි, සංගීත. සතුන්ගෙන් ඇතිවන කරදරවලට නීතියෙන් පිහිට පැතිමට හැකියි.

:       1       265

himal Thursday, 09 November 2017 05:21 AM

මේවට නීතී නෑ කියන්නේ ග්‍රාම සේවක බොරුවට. මහජන පීඩාවල් ලෙස සලකා පියවරක් ගන්න කියලා ප්‍රාදේශීය ලේකම්ට පිටපත් දාලා ග්‍රාම සේවකට ලිපියක් යවන්න. ඒකට පියවර නොගත්තොත් රාජ්‍ය පරිපාලන ඇමති දක්වාම යන්න පුළුවන්.එහෙම නැත්නම් මහජන පීඩාවක් ලෙස පොලීසියේ පැමිණිල්ලක් දාන්න

:       0       198

ධනුශ්ක Thursday, 09 November 2017 05:33 AM

මම එහෙමනම් පින් පව් බලන්නේ නැතුව බල්ලට වහ දානවා. හොඳින් කියලා තේරෙන්නේ නැත්නම් තේරෙන භාෂාවෙන් පිලිතුරු දෙන්න ඕනේ ලංකාවේ මිනිස්සුන්ට.

:       1057       1526

aka Thursday, 09 November 2017 07:11 AM

දැන් ඔය පිලිතුරු දෙන්නේ බල්ලටද මිනිස්සුන්ටද?

:       6       34

kap Thursday, 09 November 2017 07:17 AM

අනුන්ගෙ වත්තෙ ඉන්න බල්ලා බුරන එක නවත්තන්න ඉල්ලීමක් කරන්න පුලුවන්. නමුත් නීති කතා කරන්න බැහැ. බල්ලො බුරන්නෙ නැතුව අඩන්නද? ගෙදර දොර ජනේල හරියට සීල් කරලා හදා ගන්න. අනික බල්ලෙක් ගන්නෙ ගේ මුර කරන්නනේ. කනේ පුලුන් ගහ ගන්න පුලුවන් සද්දෙ අඩු කරගන්න. මෙතන බල්ලො මරන්න කතා කරන බෞද්දයොත් ඉන්නවා..

:       723       1024

පෙට්‍රල් සිරා Thursday, 09 November 2017 08:09 AM

ධනුෂ්ක - නොතේරෙන සතෙක්ට වස දෙන්නේ මිනිසෙක් නොවන නිසා

:       92       190

සමන් Thursday, 09 November 2017 08:38 AM

ග‍්‍රැමොක්සෝන් දාපු මස් කට්ටක් දැම්මනම් සද්දෙ නවත්තගන්න තිබ්බා

:       209       307

ගයාන් Thursday, 09 November 2017 09:22 PM

ග්‍රාමසේවක ජරාවක් කාල බල්ලා අයිති කාරයාගේ ගෙදරින්. බල්ලට වහ දෙන්ඩ ඕන නෑ, උපාධි අපේක්ෂිකවත් ග්‍රාමසේවකට කියක් හරි දුන්න නම් හරි. (දැන් ඉතින් කරුණු කාරණා හරි හැටි දන් නැතුව කියවනවා කියන්ඩ එහෙම එපා)

:       12       132

ධම්ම Friday, 10 November 2017 03:20 AM

මෙතන බල්ලාගේ ශබ්දයට වඩා අසල්වැසියා සමග තියෙන අමනාපයයි ප්‍රකාශවෙන්නේ. ලංකාවේ බොහෝ දෙනා අසල්වැසියා සමග අමනාපයි.

:       147       112

SIRI- OMAN Friday, 10 November 2017 07:47 AM

අපේ රටට හෙන ගහල තියන්නේ බහුතරයක් මිනිස්සු තව කෙනෙක් ගැන හිතන්නේ නැති හින්දයි. බල්ලා හදන්න ඕනි අහල පහල අයට කරදරයක් නොවෙන විදිහට.

:       2       43

bamunuarachchi Friday, 10 November 2017 10:51 AM

අයියෝ ඕක සුළු දෙයක්නේ... මී පාෂාණම් ගාලා මස් කෑල්ලක් බල්ලට දාන්නකෝ...

:       87       122

bamunuarachchi Friday, 10 November 2017 10:54 AM

සමන් ඔබ හරියට හරි. රැවුලයි කැඳයි දෙකම බේරා ගන්න බැරිය.

:       1       3

senewi Saturday, 11 November 2017 09:48 AM

බල්ලව මරන්න තව බල්ලෝ සැලසුම් ඉදිරිපත් කරල තියෙනවා....

:       40       559

Bamunuarachchi Sunday, 12 November 2017 08:45 AM

බල්ලන් සමග බුදියන්න කැමති අය බල්ලෝ මරන්න කැමති නැත. බල්ලන් ගේ ශබ්දය නිසා පීඩා විඳින අය බල්ලන් විනාශ කර දැමීමට කැමතිය. බල්ලන් සමග බුදිය ගත්තොත් මැක්කන් සමග නැගිටින්න වෙන බව මතක තියා ගන්න. අර දරුවාට පාඩම් කිරීමට බල්ලගෙන් වන කරදය ගැන එක්කෙනෙක්වත් කතා කරන්නේ නැත.

:       2       143

bandara( kekirawa ) Saturday, 11 November 2017 10:12 AM

බල්ලෝ මරන්න දක්ෂයෝ ගොඩක් ඉන්නවා ඒ අතරින් ""සමන්"' නම් සුපර්..

:       0       2

thusha Saturday, 11 November 2017 11:22 AM

බල්ලාට කතාකරන්න බැරි නිසා බුරන එක තමයි බල්ලාගේ ගතිය. ඉතින් ඕකට වස දෙන්න ඕනෙද අප්පා..? මිනිසාගේ පැරණිම මිතුරා, සමහරුන්ට හතුරා වෙලා. ඔය පොඩි දෙයක්වත් සමාදානයෙන් විසඳා ගන්න බැරිද අපේ මිනිසුන්ට..?

:       1       45

BamunuarachchiSunday, 12 November 2017 08:54 AM

සමහර මිනිස්සු බල්ලෝ වගේම තමයි හේතුවක් නැතුව ඔහේ බුරනවා. ඒ බල්ලෝ හදන මිනිසුන්ට කිසිම අයිඩියා එකක් නැහැ... මේ ශබ්දය අනික් මිනිසුන්ට කොපමන හිරිහැරයක් ද කියලා. මොකද ඒ අය හිතන්නේ... ඒ වගේම බල්ලොත් එක්ක ඉන්න අනික් මිනිස්සු කැමතියි කියලා. මගේ ගෙදරට අල්ලපු ගෙදරත් ඉන්නවා බල්ලෙක් .... ඌ ඉන්නවද? නැද්ද කියා කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඌ බිරුවොත් අපිත් දන්නවා නාඳුනන කෙනෙක් ඇවිල්ලා කියලා අන්න බල්ලෝ ඌ ජර්මන්ෂෙපඩ් වර්ගයේ එකෙක්. එ්කයි වෙනස.

:       1       6

Bamunuarachci Sunday, 12 November 2017 09:01 AM

ප්‍රශ්නය සමාදානයෙන් විසඳන්න තමා අර ළමයා බල්ලාගේ අයිතිකාරයාට, ග්‍රාසේවකයාට කිව්වේ... ඉතින් ඒ දෙගොල්ලටම බැරිනම් විසඳන්න. තිබෙන එකම පිළියම ඕකයි මම වැරදිද? වැරදිනම් හරික්‍රමය කියන්න. මම නම් ඔය ප්‍රශ්නය මෙලහකටත් විසඳලා. මගේ ජීවත්වීමේ නිදහසට බාධා කරනවා නම් නීතියේ පිහිට නැතිනම් මම නීතිය අතට ගන්නවා. ප්‍රතිඵල පස්සේ බලාගමු...

:       3       121

thushaSunday, 12 November 2017 12:40 PM

බමුණුආරච්චි හරි. බලු කරදරේට බල්ලට වස දීලා මැරුවා කියල හිතමුකෝ.. බල්ලා අයිතිකාරයා නිකම් ඉඳියි කියලා ඔයා හිතනවද.? තව බල්ලෙක් ගෙනාවොත් මොකද කරන්නේ.? දැන් විසඳුම මොකක්ද කියලා නේ ඇහුවේ...? ඔය බල්ලාගේ බිරුමෙන් මේ සිසුවියට විතරද බාධා වෙලා තියෙන්නේ..? රැය පුරාවටම නොනවත්වා බුරනවා නම් අනෙකුත් අසල් වැසියෝ නිදාගන්නේ කොහොමද.? තනි මතේට පිළිගැනීමක් නැතිනම් කට්ටියම එකතු වුණොත් මේ බලු කරදරය ලේසියෙන්ම විසඳාගන්න පුළුවන්. (මම මේ සිසුවිය නම් ඉයර්ෆෝන් දෙකක් කනේ ගහගෙන පාඩම් කරනවා. ඕක කනේ ගහගත්තම ලෝකේ පෙරළුනත් ඇහෙන්නේ නැහැ.)

:       3       6

BamunuarachchiWednesday, 15 November 2017 02:45 PM

බල්ලාට කතා කරන්න බැරිනිසා ඌ බුරනවා.. එහෙනම් ගෙදර ඉන්න කතා කරන්න පුළුවන් කෙනෙක් තොර තෝංචියක් නැතිව කියවන්න ගත්තොත් මොකක්ද ඔබේ තත්වය? කනේ පොල්මුඩ්ඩක්වත් ගහ ගන්නවාද?

:       0       1

Wijepala Sunday, 12 November 2017 06:07 AM

අපේ අසල්වාසියෙක් ඔය කියල තියෙන විදියට උන්දැට කඩා පනින බල්ලන්ට වස දෙන්න පුරුදු වෙලා හිටියා. බල්ලෝ කීප දෙනෙක්ටම මේක කරල තිබුණා. වස දාලා බව දැන ගත්තේ කටින් නිල් පාටින් සෙම වැටිලා තිබුණ නිසා. දරුවන් හිටපු නැති මේ මිනිහාගේ බිරිඳ දාලා ගිහින්. තනියම ගෙදරක හිටියේ. පස්සේ කාලෙක දවස් කීපයක් පේන්න හිටපු නැති නිසයි, ගෙවල් පැත්තෙන් අමුතු ගඳක් ආපු නිසයි වටේ පිටේ අය ගෙදර දොර කඩල බලන කොට මිනිහ මැරිලා නරක් වෙලා. වස බෝතලේකුත් ලඟ තිබුණා. පස්චාත් මරණ පරීක්ෂණයෙන් වස බීලා මැරිලා කියල ඔප්පු වුණා. මගේ ජීවිතේ මේ විදියට කර්ම විපාක විඳපු මිනිස්සු ගැන ඇසින් දු‍ටු ඒවා සෑහෙන්න තියෙනවා.

:       0       270

bamunuarachchiMonday, 13 November 2017 03:05 AM

Wijepala ඔබම කියනවා කඩා පනින බල්ලෝ කීපදෙනෙක් සිටියානම් බල්ලෝ අයිතිකාරයා ඒ ගැන සොයන්නේ බලන්නේ නැතිනම් පිළියම මොකක්ද කියලා ඔබම කියන්න. අපි බල්ලන්ට කියා කවා ගන්නද? මේක හරි හතර බීරි කතාවක්නේ. බල්ලෝ නිසා මහජනයාට කරදර නිසා තමයි එක ඇමතියෙක් යෝජනා කලේ බල්ලන් පාරෙන් ඉවත් කරන්න. ඉස්සර කොළඹ නගර සභාවෙන් දඩාවතේ යන බල්ලන් අල්ලාගෙන ගියා ඊට පසු මොනවා වුනාද කියා අපි දන්නේ නැත. කඩා පනින බල්ලෝ, තොර තූන්චියක් නොමැතිව බුරන බල්ලන්ගේ මිනිසුන්ට තිබෙන කරදර ගැන කිසිම කතාවක් නැත නමුත් බලු අයිතිය ගැන නම් කතා කොරනවාය. බල්ලෙක් සහ මිනිහෙක් වතුරට වැටුනොත් එක්කෙනාව නම් බේරා ගැනීම අවස්තාව තිබෙන්නේ කාවද බේරා ගන්නේ.

:       11       35

Bamunuarachchi Sunday, 12 November 2017 09:06 AM

"මෙතන බල්ලාගේ ශබ්දයට වඩා අසල්වැසියා සමග තියෙන අමනාපයයි ප්‍රකාශ වෙන්නේ." ධම්ම කොතනද ඔය අදහස ප්‍රකාශ වෙන්නේ කියලා කියන්න අපට බලා ගන්න. "ලංකාවේ බොහෝ දෙනා අසල්වැසියා සමග අමනාපයි." ඔන්න ඔය අදහස ඔලුවේ තියාගෙනයි ඔබ මේ පුවත කියවා තිබෙන්නේ. එතනයි වැරැද්ද...

:       0       1

Bamunuarachchi Monday, 13 November 2017 02:51 AM

thusha ලංකාවෙ සිටින මිනිසුන් බොහොමයක්ම කම්මලේ ඉන්න බල්ලෝ වගේ ඕනෑම සද්දයකට පුරුදුවෙලා තිබෙනවා ලොකු කියන එකාගේ පයින් පාරකට පුරුදුවෙලා තිබෙනවා. නමුත් සද්දවලට ඔරෝත්තු නොදෙන මිනිසුන් ඉන්නවා. ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය බල්ලෙකුගේ ජීවත් වීමේ අයිතියට වඩා වටිනවා.

:       0       5

Bamunuarachchi. Monday, 13 November 2017 03:10 AM

"බමුණුආරච්චි හරි. බලු කරදරේට බල්ලට වස දීලා මැරුවා කියල හිතමුකෝ.. බල්ලා අයිතිකාරයා නිකම් ඉඳියි කියලා ඔයා හිතනවද? ඉතින් මහත්තයෝ මම කලින් කීවනේ මගේ නිදහසට බාධා කරනවානම් මමත් ඔනෙම් දෙකට ලැහැස්තී කියල. වාසනාවකට අපට ඉන්න අසල්වාසීන් එකිනෙකාට කරදර වන ආකාරයට ජීවත් වෙන්නේ නැත. අපි අතර ගනුදෙනුව තිබෙන්නේ මූනට මූණ හමු උනොත් සිනාසීම පමණය.

:       0       6

Bamunuarachchi Monday, 13 November 2017 05:11 AM

(මම මේ සිසුවිය නම් ඉයර්ෆෝන් දෙකක් කනේ ගහගෙන පාඩම් කරනවා. ඕක කනේ ගහගත්තම ලෝකේ පෙරළුනත් ඇහෙන්නේ නැහැ.) කවදා පාඩම් කරලද? නේද? ඉයර්ෆෝන් දෙකක් කනේ ගහගෙන බලන්න බල්ලෝ බුරන සද්දේ ඇසෙන්නේ නැද්ද කියලා.

:       0       10

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 629 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 814 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1061 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1015 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1278 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1622 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site