IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පෝලිම නැතිව සල්ලි ගන්න මිතුරියගේ බබා කුලියට අරන්

(උණවටුන ඩී.ජී. සුගතපාල)
ත්‍රිරෝද රථයකින් පැමිණ බැංකුව ඉදිරිපිටින් බැස ගත් කාන්තාවකි. ඇය මැදි වයස ආසන්නට ළං වෙමින් සිටියාය. වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගන්නට ඇය බොහෝ වෙහෙස මහන්සි වී තිබෙන පාටක් දක්නට ලැබිණි. එමෙන්ම ඇය මැද පෙරදිග රටක සිට මෑතක පැමිණි බවක් ද පෙනෙන්නට තිබිණි. 


ත්‍රිරෝද රථයෙන් බැස ගත් ඇය දොර ළඟට ගොස් බැංකුව තුළට එබී බැලුවාය. දිගු පෝලිමකි. එපමණ දිගු පෝලිමක රැඳී සිටින්නට ඇය අකැමැති වූවාය. ඒ නිසා සවස් කාලයේ එන අදහසින් ඇය පාරට බැස්සාය. ඒ සමගම ඇයගේ පරණ මිතුරියක් හමු විය. මිතුරියට අවුරුදු දෙකක තරම් වයසේ පසුවන කුඩා දියණියක් ද වූවාය. 


“හා කොහොමද ඉතින්. කොච්චර කාලෙකින්ද දැක්කේ. මේ බබත් වඩාගෙන කොහේද යන්නේ” ඇය මිතුරියගේ දුක සැප විමසමින් දීර්ඝ පිළිසඳරක යෙදෙන්නට වූවාය. 


“ඉතින් ආරංචි වුණා ඔයා රට ගියා කියලා. ළඟදි ද ආවේ?” මිතුරිය ද ඇගේ විස්තර විමසුවාය. 


“ඔව් ගිය සතියෙ ආවේ. බැංකුවට ආව සල්ලි ටිකක් ගන්න. අපෝ එතැන පෝලිම දැක්කම එපා වෙනවා. වරුවක් විතර ඉන්න වෙයි. මේ බබා පොඞ්ඩක් මට වඩාගන්න දෙන්න.” 


ඇය මිතුරියගේ බබා වඩාගෙන බැංකුවට ගියාය. බබා “අම්මා අම්මා” කියමින් කෑ ගසන්නට විය. බබා වඩාගත් ඇය දිගු පෝලිමේ මුලටම ගොස් කවුන්ටරයේ සිටි නිලධාරිනියට පොත ඉදිරිපත් කළාය. පෝලිමේ සිටි අයගෙන් ද බාධාවක් නොවූ අතර නිලධාරිනිය ද කඩිනමින් ඇයගේ මුදල් ලබා දුන්නාය. බැංකුවේ දොරකඩට වී දරුවාගේ අම්මා ද බලා සිටියාය. එළියට පැමිණි ඇය දරුවා මිතුරියට දුන්නාය. 


“ඉන්න මම බබාට චොක්ලට් ගේන්නම්.” කියූ ඇය අසල කඩයකට ගොස් රුපියල් දහයක චොක්ලට් පොත්තක් ගෙනැවිත් දරුවා අත තැබුවාය. එහෙත් දරුවා එය ප්‍රතික්ෂේප කරමින් අම්මාගේ පපුවට තුරුළු විය. 


“හරි හරි අපි යන්නම්” කියමින් මිතුරිය ඉක්මන් ගමනින් ගියේ මිතුරියට හිතින් දොස් පවරමිනි. 

 



අදහස් (0)

පෝලිම නැතිව සල්ලි ගන්න මිතුරියගේ බබා කුලියට අරන්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 238 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1030 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1391 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 988 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා
2024 අප්‍රේල් මස 08 826 0

සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ


ඇප වෙලා අලි අමාරුවක වැටිලා
2024 අප්‍රේල් මස 05 1230 0

හේ දකුණේ ප්‍රසිද්ධ චරිතයකි. පියා ද වැදගත් රැකියාවක් කරමින් සිට විශ්‍රාම ලබා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගියේ ය. මෙහිදී මියගිය අයගේ වැඩිමහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 138 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1414 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site