IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පොලිසියට අරක්කු ගඳ වසන් කරන්න මුඛවාඩමක් දාගෙන

(සුජීව ජයවික්‍රම)
කොරෝනා උවදුර මැඬපැවැත්වීමේ සෞඛ්‍ය පියවරක් ලෙස මුඛ ආවරණ පැළඳීමට උපදෙස් දී ඇතත්, ඇතැමෙක් එම උපදෙස් ඒ හැටි ගණන් නොගිනිති.


මෙහි කතානායකයා වන චමල් ද එම ගණනට අයත් වන්නෙකි. ප්‍රදේශයේ කොහේ ගියත් එම උපදේශය ඔහු අනුගමනය කරන්නේ නැත. බොහෝ විට ඔහු ආරක්ෂක අංශවලට මාට්ටු වී උපදෙස් දෙන අවස්ථා ද එමටය.


‘‘අනේ සර්.... මම මේ මාස්ක් එකක් ගන්නත් එක්ක තමයි කඩේට යන්නේ.....’’


‘‘අනේ සර්.... හදිසියක් වෙලා ආව. මාස්ක් එක දාගෙන එන්න අමතක වුණා.....’


‘‘අනේ සර්.... බයික් එකෙන් එනකොට මාක්ස් එක හුළඟට ගියා....’’ මෙසේ නිදහසට කරුණු කියා එතැනින් ගැලවී යාම ඔහුගේ සිරිතය. නමුත් ඔහු කිසි විටෙකත් එම ක්‍රියාපිළිවෙත වෙනස් කළේ නැත. එය ඔහුගේ මිතුරෝ ද හොඳ හැටි දනිති.


දිනක් සන්ධ්‍යා කාලයේ නිවෙස දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි චමල්ගේ යතුරුපැදිය සිය මිතුරකු ඉදිරියේ නතර කළේය. ඔහුටත් පුදුමය. දහවල් කාලයේ කිසිම විටෙක මුඛ ආවරණ නොපළඳින චමල් දුටු මිතුරාට ඇතිවූයේ පුදුමයකි.


‘‘ඈ බං... කවදාවත් මාස්ක් නොදා පොලිසියට හැංගි හැංගි යන උඹ මේ රෑටත් මාස්ක් දමාගෙන යන්නේ’’ මිතුරා විමසුවේය.


‘‘මම මේ මාස්ක් එක දාගත්තෙ කොරෝනාවෙන් බේරෙන්න නෙවෙයි. යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ල ගැහුව හොඳ අඩියක්. මේක දැම්මම පොලිසියට ගඳ දැනෙන්නෙ නැහැ බං....’’ මුඛ ආවරණය ගලවා මිතුරා සමග කතා කරමින් සිටි චමල් නැවත හොඳ හැටි මුඛ ආවරණය පැළඳගෙන යතුරුපැදියට නැංගේය.

 



අදහස් (2)

පොලිසියට අරක්කු ගඳ වසන් කරන්න මුඛවාඩමක් දාගෙන

bandara Thursday, 28 May 2020 05:52 AM

හිස් ජීවිත..!

:       30       14

upali Friday, 29 May 2020 06:04 AM

කතානායක චමල්?

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 886 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 922 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1136 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1052 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1289 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1634 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site