IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොල් ලී දහයක් ඉනේ ගහගෙන ගිහින්

(උණවටුන ඩී.ජී. සුගතපාල)

ගාල්ල දිසත්‍රික්කයේ කෙළවර ගම්මානයක සාත්තරකාරියක් වූවාය. ඇයගෙන් සාස්ත්‍ර ඇසිමට බොහෝ දෙනා පැමිණියහ. එසේ පැමිණි පිරිසෙන් වැඩි දෙනා ගමෙන් හා පිට පළාත්වලින් විය. බුලත් කොළයක් මත රුපියල් තුන්සිය දහයක් තබා ඇයගේ අතට දුන්පසු ඇය පරලවී සාස්ත්‍රය කියන්නේය. සාස්තරය කියාගෙන යනවිට ඇයගෙන් හරස් ප්‍රශ්න ඇසීම සම්පුර්ණයෙන්ම තහනම්ය. ඇය සාස්තරය අසන තැනැත්තාගේ කටට වචනදී එම තැනැත්තාගෙන්ම පිළිතුරු ලබාගෙන ඒ ඔස්සේ සාස්තරය කියාගෙන ගියාය. මේ අතර දිනක් කටකාර අයෙක් සාස්තරයක් ඇසීමට පැමිණියේය.

ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාරය වුයේ ලී මෝලක් පවත්වාගෙන යාමය. ඔහු බුලත් අතක් මත පඬුරු තබා දෑත් එක්කරගෙන දේව මෑණියන් ඉදිරියේ සිටගෙන සිටියේය. දේව මෑණියෝ ආරූඪවී සාස්ත්‍රය කියන්නට වූවාය. ඔහුගෙන්ම යමක් දැන ගැනීමට බැරිවු නිසා ඇය තරමක් කේන්ති ගත්තාය.

අවසානයේ ඇය මෙසේ කීවාය. “දරුවා තමන් ඇවිල්ල ඉන්නේ නැතිවු දෙයක් ගැන දැනගන්නයි. ”එහෙමයි මෑණියෝ එහෙමයි“ “දරුවා මේක තමන්ගේ නිවසට නිතර එන කෙනෙක් ඉණේ ගහගෙන සඟවාගෙන ගිහිල්ලා.“ ඔහුගේ කේන්තිය ඉහවහා ගියේය. “මගේ හොරකම් කරල තියෙන්නේ පොල් ලී දහයක්. පොල් ලී කොහොමද ඉණේ ගහගෙන යන්නේ. දෙනව මගේ සල්ලි” කියමින් ඔහු බුලත් අත පමණක් දෙවියන් ඉදිරියේ තබා ඒ මත තිබු රුපියල් තුන්සිය දහය ආපසු රැගෙන යතුරු පැදියේ නැගී ගියේ එහි සිටි අනෙක් අයටද දේව හාස්කම එපා කරවමිනි.



අදහස් (5)

පොල් ලී දහයක් ඉනේ ගහගෙන ගිහින්

Perakum Friday, 06 April 2018 06:52 AM

දේශපාලුවන්ගේ පස්සේ යන අපේ මෝඩ මිනිස්සු මේ වගේ සාස්තර පස්සේ යන එක මටනම් පුදුමයක් නොවෙයි.

:       0       54

sachith Friday, 06 April 2018 07:04 AM

ලොකුවට පොඩියට හැමෝම කරන්නේ මේක ත. අපේ මෝඩ මිනිස්සු තමාගේ සේසතම මේ වගේ කපටින්ට පුජා කරලා උඩ බලාගෙන හුල්ලනවා.

:       0       101

ක්‍රිශා Friday, 06 April 2018 08:53 AM

පොල් ලී දහයක් හොරකම් කලාට , සාස්තර අහන්නට ගිහින්. අනේ මෙහෙමත් මෝඩ මිනිසුන්. මැරුණු නෑදෑයෙක් තමන්ට ආවේශ වෙලා කියමින් ,මිනිසුන් රවටාගෙන කන බොරු සාස්තර කාරයෝ හැම තැනම.මේවාගේ තැන් වලට පෝලිම් ගැහිලා තමන්ගේ තුට්ටු දෙක පුදන ගෝත්‍රික මිනිසුන්.බොළඳ ටෙලි නාට්‍ය වලිනුත් මේ වාගේ දේවල්වලට උල් පන්දම් දෙන හැටි .රටකට ගිය කලක්.!

:       2       111

vernon Friday, 06 April 2018 09:29 AM

අයියෝ, මේක පරණ කතාවක්...

:       0       110

nali Monday, 09 April 2018 05:03 PM

Vernon මහත්තයා හරි

:       0       2

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 455 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 761 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 627 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1133 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 877 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 758 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site