IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පොඞ්ඩට තදවෙන දේශපාලකට වෙළෙන්දියගෙන් කොහිල සංග්‍රහයක්

(තලාතුඔය  ටී.එච්. සරත්)
තලාතුඔය නගරයට ආසන්න පෙදෙසක  රාජ්‍ය ආයතනයක් මඟින් මෙහෙයවූ ජංගම සේවා වැඩසටහනක් එම ගමේ පාසලේ දී පැවැත්විණි. ඒ සඳහා සහභාගි වූ ප්‍රාදේශීය දේශපාලකයකු තම යතුරුපැදියෙන් ආපසු නිවස බලා යන අතරතුර මාර්ගයේ පසෙක ඇති එළවර්‍ළු වෙළෙඳසලක් වෙත ගියේ ගමේ එළවර්‍ළු අඩු මිලට ගැනීමේ අපේක්ෂාවෙනි.


මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය දෙපස එළවර්‍ළු වෙළෙඳසල් රැසකි. හැඩ රුව ඇති කටකාර කාන්තාවකගේ වෙළෙඳසලක් ද මේ අතර වේ. කාන්තාවන්ට වඩාත් ලැදි මෙකී පුද්ගලයා එම වෙළෙඳසලට ගොඩ වැදී තමාට  අවශ්‍ය දෑ තෝරාගෙන මල්ලකට දමා තරාදිය අසලින් තැබුවේ කිරා මැන බැලීමට පහසුවන සේ ය. එහි කැරට්, ගෝවා,  මාලු_මිරිස්, වට්ටක්කා සහ කොහිල දලු_  මිටි දෙකක් ද විය.


ස්වභාවයෙන්ම කුකුල් කේන්තිකාරයකු වූ මොහු තමාගේ එළවර්‍ළු මල්ල ඉක්මනින් කිරා මැන බලන්නැයි කියා සිටිය ද එළවර්‍ළු වෙළෙන්දිය එය පසෙක ලා බස් රථයකින් පැමිණි පිරිසකට කඩිමුඩියේ එළවර්‍ළු කිරා දෙමින් ඒ අතරේම මුදල් ද ලබා ගත්තේ සහායට කිසිවෙකුත් නොමැති හෙයිනි.


බසය පිටත්ව යන තෙක් බලා සිටින්නට සිදු වූ හෙයින් ප්‍රාදේශීය දේශපාලකයාට  කේන්ති ගියේය. ඔහුගේ එළවර්‍ළු මල්ල කිරා රුපියල් හත්සිය අසූපහක මුදලක් අවැසි බව කී විට  කේන්තිය තවත් ඉහවහා ගියේය. ඔහු එළවළු මිල එකිනෙක විමසා අවසානයේ කොහිල දලු_ මිටි දෙකට කීය දැයි විමසීය.


“කොහිල මිටියක් රුපියල් හැත්තෑවයි, දෙකට එකසිය හතළිහයි”_  කී විට ඔහුට යකා නැඟේය. 


“යකෝ... කොහිල මිටියක් අපේ ගමේ රුපියල් තිහයි. මට කොහිල එපා”_


මල්ලෙන් ඇද ගත් කොහිල මිටි දෙක ඔහු ආපසු එළවර්‍ළු මැස්ස මතට දැම්මේ කෝපයෙනි.


එළවළු සඳහා රුපියල් හයසිය හතළිස් පහක් ගෙවා දැමූ ඔහු එළවර්‍ළු මල්ල ද  රැගෙන කේන්තියෙන් පුපුරමින් ගොස් යතුරු පැදියට නැඟ ගත්තේය.


ඒ වනවිට කොහිල දලු_ මිටි දෙක දෙකට නවා මල්ලට දමා තිබූ බැවින් ඒවා දෙකට කැඩී තිබූ බව දුටු වෙළෙන්දියට ද කේන්ති ආවේය.


ඇය මහ හඬින් කියා සිටියේ ‘මහත්තයෝ මේක දාලා යන්න එපා. මේක මගෙන්. ගෙදර ගෙනිහින් කටු පිටින්ම කන්න. එතකොට ඔය මූලග්ගාය හොඳ වෙයි’ යනුවෙන් පැවසීමත් සමග අවට සිටි අයට සිනා නවතා ගැනීමට නොහැකි වුවද ඔහු පසුපස නොබලාම යන්නට ගියේ යතුරු පැදියේ වේගය තවත් වැඩිකරමිනි.

 



අදහස් (0)

පොඞ්ඩට තදවෙන දේශපාලකට වෙළෙන්දියගෙන් කොහිල සංග්‍රහයක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 811 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 893 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1110 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1032 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1288 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1631 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site