IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පේනකරුගේ ‘ගේම’ හෙළිවී අන්තිමේ ගමත් නැතිවෙයි

(උණවටුන - ඩී.ජී. සුගතපාල)
ඔහු මැදිවයසේ පසුවූ පුද්ගලයෙකි. ස්ථිර රැකියාවක් නොවූ ඔහු කලක් ඈත පළාතක පේනකරුවෙකු ළඟ ආවතේව කරමින් සිටියේය. පේනකරුගේ දේවාලයට ලැබෙන පඬුරු එකතු කිරීම හැර අනෙක් සියලු දේවල් එකතුකොට ඒවා අවශ්‍ය තැන්වලට ගෙන ගියේ ඔහුය. පලතුරු වෙළඳසලකටත් හඳුන්කූරු කපුරු ආදිය ඒ අසල වෙළඳසලකටත් තිරරෙදි ආදිය ටේලර් සාප්පුවකටත් ගෙනයාම ඔහුගේ රාජකාරියේ කොටසක් විය.


දිනක් ඔහුගේ හිතට අලුත් අදහසක් පහළ විය. “හැමදාම මේ මනුස්සයට ආවතේව කර කර ඉන්නවට වඩා මමත් ගමට ගිහිල්ල පේන කියන්න පටන් ගන්න ඕන” යනුවෙන් ඔහු සිතුවේය. ටික දිනක් යනවිට ඔහු පේනකරුට දක්වන සැලකිල්ල අඩුවන්නට විය. පේනකරු සමඟ හිත් අමනාපයක් ඇතිකර ගත් ඔහු යළිත් ගමට ගියේය. එසේ යනවිට දේවාලයේ තිබූ කුඩා දේව රූප කිහිපයක් ඝණ්ඨාරයක් ඇතුළු දේවාලයකට අවශ්‍ය දේවල් කිහිපයක් ද රැගෙන යාමට අමතක කළේ නැත. කලකට පසු ගමට පැමිණි ඔහු නිවස අසල කුඩා දේවාලයක් ඉදිකර ගත්තේය. දේවාලයේ හඳුන්කූරු කපුරු සුවඳ ගමපුරා හමා යන්නට විය. පුදුමයකි දැන් ඔහු කපු මහතෙකි. දිනපතා සවස කාලයේ දේවාලයේ පෝලිමකි. පේන ඇසීමට පැමිණෙන අයට තර්ජනය කර ඔවුන්ගේ කටින්ම තොරතුරු ලබාගෙන පේන කියන හැටි ඔහු ඉගෙන ගෙන තිබූ නිසා මෙය ඉතා පහසුවිය. පඬුරු ගැනීමෙන් පසු කපුමහතා පේන කියන්නේ පේන අසන්නට එන පුද්ගලයාට පිටු පාලාය. දිනක් පේනයක් කියමින් සිටින විට කපු මහතා මෙසේ කීවේය “දරුවනි, තව සුළු වේලාවකින් මෙම ස්ථානයට ශ්‍රමණ පැවිද්දෙක් වඩින බව මට දෙවියන් පෙන්නුම් කරනවා.” එසේ කියු කපුවා යළිත් පේනය කියන්නට විය.


ඔහුගේ අනාවැකිය සත්‍යයක්ම විය. එහි සිටි සියලු දෙනා පුදුමයට පත් කරමින් භික්ෂුන්වහන්සේ නමක් එහි වැඩියහ. එහෙත් උන්වහන්සේ වැඩියේ පේනයක් ඇසීමට නොව වෙනත් කාරණවකටය. මේ අතර පේනයක් ඇසීමට පැමිණ සිටි එක්තරා පුද්ගලයෙක් සෙමින් සෙමින් ඔහුට නොපෙනෙන ලෙස දේවාලයේ පිටතට නොපෙනෙන කොටසට එබී බැලුව්ය. එම පුද්ගලයා දුටුවේ පේන කීමට උපයෝගී කරගන්නා අපූරු උපකරණයකි. කුඩා කණ්ණාඩියක් මුල්ලක සවිකර තිබුණේය. එම කණ්ණාඩිය යොමුකර තිබුණේ කපුවාගේ නිවසට එන පාර දෙසටය. පේන කියන කපුවාට ප්‍රධාන පාරේ සිට ඔහුගේ නිවසට එන තෙක් මේ කණ්ණාඩියෙන් හොඳට දර්ශනය වේ. හාමුදුරුවන් වඩින බව එහි සිටි පුද්ගලයින්ට කපුවා කීවේ මේ කණ්ණාඩිය බලාගෙනය.


දැන් දේවාල භූමියේ කලබලයකි. දෙවියන් පලාගියේය. ඉන්පසු ගමේ මිනිස්සු ඔහු හැඳින්වූයේ කණ්නාඩි කපුවා යන නමිනි. එහෙත් ඔහු වැඩි කලක් ගමේ සිටියේ නැත. ගමට මුහුණ දීමට බැරිවූ කණ්ණාඩි කපුවා යළිත් ගමෙන් ගියේය.

 



අදහස් (0)

පේනකරුගේ ‘ගේම’ හෙළිවී අන්තිමේ ගමත් නැතිවෙයි

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 196 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1023 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1382 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 988 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා
2024 අප්‍රේල් මස 08 826 0

සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ


ඇප වෙලා අලි අමාරුවක වැටිලා
2024 අප්‍රේල් මස 05 1229 0

හේ දකුණේ ප්‍රසිද්ධ චරිතයකි. පියා ද වැදගත් රැකියාවක් කරමින් සිට විශ්‍රාම ලබා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගියේ ය. මෙහිදී මියගිය අයගේ වැඩිමහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 136 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site