(මනෝජ් හර්ෂික)
හරි හැටි හඳුනාගැනීමට නොහැකි වී තම දුරකථන අංකය දෙවතාවක්ම එකම තරුණියකට දී තම කුළුඳුල් ප්‍රේමය අහිමි කරගත් තරුණයකු පිළිබඳ පුවතක් නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔහු ගම්බද ප්‍රදේශයක සිට නුගේගොඩ නගරයට පැමිණ නගරයෙහි ප්‍රසිද්ධ ආපනශාලාවක සේවය කරන කඩවසම් තරුණයෙකි. කොතරම් කඩවසම් කෙනකු වුවත් ප්‍රේමකිරීමට පෙම්වතියක් නොසිටීම හේතුවෙන් ඔහු සිටියේ දැඩි කනස්සල්ලකිනි. මේ නිසාම ඔහු ඉක්මනින්ම පෙම්වතියක සොයාගැනීමට අමුතුම ක්‍රමයක් අනුගමනය කළේය.
එනම් ආපනශාලාවට ආහාර ගැනීමට පැමිණෙන තරුණියන් සමග හිතවත් වී ඔහුගේ ජංගම දුරකතන අංකය ලබාදීමයි. කිහිප විටක්ම මෙසේ උත්සාහ කළත් ඔහුගේ වෑයම සාර්ථක කර ගැනීමට ඔහුට නොහැකි විය.
දිනක් රූමත් තරුණියක් ඔහු සේවය කරන ආපන ශාලාවට කෑම ගැනීම සඳහා පැමිණියාය. නොපැකිළිව කතා නායකයා ඇයගේ අසලට පැමිණ අවශ්‍ය ආහාර ඇණවුම ගෙනවිත් දුන්නේය. ඇය ආහාර ගන්නා අතරේ ඔහු හොරෙන් බලමින් ඉඟිබිඟි පාමින් ඇය දෙසම බලා සිටියේය. තරුණියද ඔහු දෙස බලා අනුකම්පා සහගත සිනහවක් පෑවාය.
ඇය ආහාර ගෙන ආපසු යාමට සැරසෙන විට තරුණයා තම දුරකථන අංකය කොළයක ලියා තරුණිය අත තැබීය. ඇය සිනා මුසු මුහුණින් එය ද රැගෙන ගියාය. එදින සිට මාස තුනක පමණ කාලයක් දෙදෙනා දුරකතනය හරහා ප්‍රේමයක වෙළුනාය.
තරුණියගේ හා තරුණයාගේ රැකියාවන් හේතුවෙන් දෙදෙනාට හමුවීමට නොහැකිවීම නිසා ඇය සිටියේ තරමක කනගාටුවකිනි. මේ හේතුව නිසාම තම ප්‍රේමවන්තයාට නොදන්වාම ආපනශාලාවට යාමට ඇය තීරණය කළාය.
ප්‍රේමයෙන් මුසපත් වූ ඇය ඔහුට තෑග්ගක්ද රැගෙන යාමට අමතක නොකළාය. වෙනදා මෙන් ආපන ශාලාවේ පසෙක වන්නට තිබූ අසුනක හිඳ ගත් ඇය තම ප්‍රේමවන්තයාට කතා කර ආහාර ඇණවුම් කළාය. ඔහුද කිසිදු වෙනසක් නොමැතිව එය රැගෙන ඇය ඉදිරියේ තබා වෙනදා මෙන් සිනා සී ඇය දෙසම බලා සිටියාය.
ඇය ආහාර ගැනීමෙන් අනතුරුව ආපසු යාමට සැරසී තම ප්‍රේමවන්තයා දෙස බැලුවාය. ඔහු ඉක්මනින් ඇය වෙත පැමිණ පුංචි කොළ කෑල්ලක් අත තැබුවාය. කොළ කෑල්ල දිග හැර බැලූ ඇයට කාරණය වැටහිණි. කිසිත් නොකියා කොළ කෑල්ල තරුණයාගේ මූණට දමා ගැසූ ඇය යන්නට ගියාය.
විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පෙම්වතියගේ මූණ අමතක වී අලි ජංජාලයක වැටිලා
pitigala Tuesday, 05 September 2017 06:39 AM
ගණන් ගන්න එපා මල්ලි. ගැහැණු ළමයි පාරේ යන බස් වැනිය. එකක බැරි උනොත් අනිකේ යා හැකිය.