IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පෙම්වතියගේ අයියාට පාට් දමන්න ගිහින් අනූනවයෙන් බේරිලා

(මනෝජ් හර්ෂික)

තම සිත් ගත් තරුණිය ඉදිරියේ වීරයකු වීමට උත්සහා කර ඇයගේ සොහොයුරාගෙන් හොඳ හැටි ගුටි කෑමට ගොස් නුලෙන් බේරුණු සිද්ධියක් කුරූණෑගල ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

සිද්ධිය සැකවින් මෙසේය.

ඔහු සාමාන්‍ය පෙළ සමත්වී උසස් පෙළ හැදැරීම  සඳහා ගමිබද ප‍්‍රදේශයකින් කුරුණෑගල නගරයේ පාසලකට පැමිණි තරුණයෙකි. ඉගෙනීමට දක්ෂයෙකු වු ඔහු අනෙක් සිසුන් මෙන්ම කුරූණෑගල නගරයේ සති අන්ත උපකාරක පන්ති සඳහාද යුහු සුළුව සහභාගි විය. කාලය ගතවත්ම උපකාරක පන්තියේ සිටින එක් තරුණියක කෙරෙහි පේ‍්‍රමයක් හට ගත්තේ ඔහුටත් නොදැනීමය.

මෙසේ මාස හයක පමණ කාලයක් ගත විය. සිතේ හිර කරගෙන සිටි පේ‍්‍රමය එක් දිනක ඔහු ඇය ඉදිරියේ ප‍්‍රකාශ කළේ මිටින්හළ කුරුල්ලෙකු ලෙසිනි. එහෙත් තරුණිය මේ පිළබඳව කිසිදු තැකීමක් නොකළාය. ඇයගේ ප‍්‍රතිචාරය ඉදිරියේ තරුණයා කනස්සලූ වුවත් ඔහු ඔහුගේ උත්සහය නම් අත්හැරියේ නැත.

දිනක් කතානායකයා සහ ඔහුගේ මිතුරා උපකාරක පන්තියට සහභාගී වීම සඳහා උදෑසනින්ම බස් නැවතුම්පොළ වෙත යන්නේ දහසක් බලාපොරොත්තු සමඟින්ය. ඔහු පැමිණෙන විටත් ඔහුගේ සිත්ගත් තරුණිය උපකාරක පන්තියට සහභාගී වීම සඳහා බස් රථයක් පැමිණෙන තුරු  බස් නැවතුම්පොළ අසළ රැුදී සිටියේය.

වෙනදාට තනිවම සිටින ඈ එදින සිටියේ තවත් තරුණයකු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් උස් හඬින් සිනා සෙමින් ය. මෙය දුටු තරුණයාට උන්හිටි තැන් අමතක විය. එක විටම ඔහු තම මිතුරා අමතා මෙසේ කීවේය.
”අන්න මගේ කෙල්ලට වෙන කොල්ලෙක් බැල්ම දානවා මං යනවා ඌට හොඳ දෙකක් කියලා දෙන්න” යැයි කියමින් එකවරම තරුණයා සහ තරුණිය සිටි තැනට පැමිණියේ තරහෙන් පුපුරමිණි.

ඔහු එක්වරම තරුණයා අමතා මෙසේ ඇසීය. ”ඇයි මෙයාගේ ළඟට වෙලා ඉන්නේ? මොකද්ද කෙරෙන්න ඔනේ?” තරුණයාගේ මුහුණ රතුවිය, උස් හඬින් ඔහු මෙසේ කීවේය. ”මම මෙයාගේ අයියා ඇයි මොකද්ද තියෙන ප‍්‍රශ්නේ?”
ඔහුට කර කියා ගැනීමට දෙයක් නොහැකි විය. මුළු ගතම දහඩියෙන් තෙමි ගොස්ය. එක වරම ඔහු තරුණයා අමතා මෙසේ කීවේ ලැජ්ජාවෙන් මිරිකෙමිනි. සොරි අයියේ වැරදීමක් වුණේ.



අදහස් (2)

පෙම්වතියගේ අයියාට පාට් දමන්න ගිහින් අනූනවයෙන් බේරිලා

kithsiri Friday, 14 July 2017 06:41 AM

අපේ යාළුවෙක් ඉස්කෝලේ යන කලේ මෙහෙම පැටලිල්ලකින්, නංගිගේ කොල්ලගෙන් ගුටි කෑවා මතකයි.

:       19       2

Thusha Friday, 14 July 2017 02:18 PM

අයියා ඉතාම වැදගත් පවුලක කොල්ලෙක් වගෙයි. ඉතාම නිහතමානිව, වැදගත් විදිහට පිළිතුරු දීලා තියෙන්නේ. අද කාලේ බොහෝ දෙනෙක් හොස්ස ලඟින් මැස්සෙක් ගියත් වලියටමනේ යන්නේ.

:       0       25

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 127 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 619 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 467 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1087 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 841 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 717 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1684 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site