IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පෙම්වතිය පෙම්වතාට සැප බස් රියේදී බූරුවා කියලා

(කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ)
දෙදෙනාට එක ළඟ වාඩි වී යාමට ආසන නොමැති සැප බස් රියකට පෙම්වතිය  නග්ගවා ගත් පෙම්වතකුට ‘බූරුවා’ යැයි අමතමින් දොස් කියූ පෙම්වතියක් කොළඹ-අම්බලන්ගොඩ ඉන්ටර්සිටි  බසයකදී හමුවිය.


 යොවුන් වියේ මෙම ජෝඩුව කළුතර බෝධිරාජයාණන් අසල  බස්නැවතුමේ සිට අම්බලන්ගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ ඉන්ටර් සිටි බසයට ගොඩවිය. පෙම්වතිය බසයට නැගීමට අදිමදි කළද පෙම්වතා දොරටුවට ගොඩවී එහි හිස් ආසන ඇති බව දැකීමෙන් ඇයද බසයට නග්ගවා ගත්තේය. 


සැප බස්රියේ දෙදෙනාට එක ළඟ වාඩිවී යාමට ආසන දෙකක් නැති බව පෙම්වතිය දුටුවාය. ඇය පෙම්වතාගේ පපුවට හෙමිහිට ගහගෙන ගහගෙන ගියාය. කොන්දොස්තර පසුපසට ගොස් වාඩි වෙන්නැයි කීවද පෙම්වතිය නොසෙල්වී ආඩපාලි කියමින් සිටියාය.


 “බූරුවා... ඇයි බූරුවෝ කෝ සීට්...” ඇය උරණව ඔහුට දොස් නගන්නට විය. ලැජ්ජාවට පත් තරුණයා පසුපස අසුනේ වාඩිවන ලෙස ඇයට කීය. එහි ඉඩකඩක් තිබූ අතර තරුණයින් තිදෙනෙක් වාඩිවී සිටිනු පෙනුණි. ඇය පෙම්වතා දෙස හැරී කමක් නැද්ද?’යි විමසූ විට ‘මට කමක් නැහැ’යි කියමින් තරුණයා වෙනත් අසුනක වාඩිවිය. මෙම බසය අහුන්ගල්ලට  එන තුරුම පෙම්වතාටත් පෙම්වතියටත් එකළඟ ආසන දෙකක වාඩිවීමට වාසනාව නොලැබුණි. 



අදහස් (1)

පෙම්වතිය පෙම්වතාට සැප බස් රියේදී බූරුවා කියලා

sena Sunday, 19 August 2018 02:37 PM

ප්‍රසිද්ධ ස්ථානයක හැසිරෙන්න දන්නේ නැහැ. යාලු කරගත්ත එකෙන්ම තේරෙනවා ඒ මනුස්සයා නමට ගැලපෙනවා කියන එක...

:       0       2

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 862 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 911 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1127 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1046 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1289 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1634 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site