(හසලක වාර්තාකරු)
“මම යනවා, බුදුසරණයි” යන්න සිය හිතවතකුට යැවූ එස්.එම්.එස්. පණිවිඩයක් ජංගම දුරකතනයක වැරැදි අංකයකට ගොස් සිදුවෙන්නට ගිය අඹු-සැමි ආරවුලක් නූලෙන් වැළකී ගිය සිද්ධියක් හසලක නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
ඔහු මහනුවර නගරයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන්නෙකි. විවාහකයකු වන මොහුගේ වැඩිමහල් දරුවන් දෙදෙනා විවාහකයන් වන අතර ඔවුහු නගරයේ සිට කිලෝමීටර් හත-අටක දුරින් පදිංචි වී සිටිති.
මොහු රැකියාව සහ අනෙක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා නගරයට ආසන්නයේ තාවකාලික පදිංචියට ගොස් සිටින අතර සතියකට හෝ සති දෙකකට වරක් නිවාඩු ලද විට ඔහු තම ගමට පැමිණ නිවස හා ගෙවත්ත පිරිසුදු කිරීමට පැමිණීම සාමාන්‍ය සිරිතක් කරගෙන තිබිණි.
මෙදින ද ගමට පැමිණ ආ කාරණය නිමාකර සවස 5ට පමණ පෙරළා මහනුවර යන්නට සූදානම්ව “මම යනවා, බුදුසරණයි” යන්න සටහන් කර තම දියණියට, පුතාට සහ හිතවතුන් කිහිපදෙනකුට සිය ජංගම දුරකතනයෙන් කෙටි පණිවිඩයක් යවා ගමන පිටත් විය. මෙය ද මොහු යෑමට සූදානම් වන සෑම දවසකම පුරුද්දට කරන්නකි.
නිවෙසට පැමිණ සිය දෛනික කටයුතු නිමා කර නින්දට ගොස් නින්දේ පසුවෙන විට රාත්‍රී 11ට පමණ ඔහුගේ ජංගම දුරකතනය නාද විය. නිදියහනේ සිටම “හලෝ” යැයි ඇමතූ විට අනෙක් පසින් කාන්තා කටහඬකින් ඔහු අමතා පැවැසුවේ “ඔයා කවුද”යි කියාය. එවිට “ඔයාට කාට ද කතා කරන්න ඕනෑ” කියා ඔහු පවසා තිබේ.
“මම අද හවස මහත්තයාගේ ජංගම දුරකතනය බලනකොට මේ අංකයෙන් මගේ මහත්තයාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබී තිබෙනවා ‘මම යනවා බුදුසරණයි’ කියලා. මට ඒක එව්වේ කවුද කියලා දැනගන්න ඕනෑ. ඇයි එහෙම එව්වේ කියලත් දැනගන්න ඕනෑ. මම අද හවස ඉඳලා මෙයාගෙන් අහනවා මේ කෙටි පණිවිඩය ගැන. එයා හරි උත්තරයක් නොදුන්න නිසයි මම මේ අහන්නේ. මේ ගැන අපේ ගෙදර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා.” යැයි ඇය පවසා ඇත.
එහිදී සිදුවී ඇති අතපසුවීම ඔහුට වැටහුණි.
“අනේ නෝනා මට සමාවෙන්න. මම අහවල් කෙනා. මගේ අතින් වැරැදීමකින් වෙන්න ඕනෑ ඔය කෙටි පණිවිඩය ලැබිලා තියෙන්නේ. මහත්තයා වැරැදිකාරයෙක් නෙවෙයි.” කියා ඔහු පවසා තිබේ.
“හා හොඳයි” කියා නෝනා දුරකතනය විසන්ධි කර තිබේ.
එය එසේ නිරවුල් නොවන්නට එම අඹු-සැමි යුවළ අතර මහා විනාශයක් සිදුවෙන්නට ඉඩ තිබූ බව පසු දින ඔහු යහළුවන්ට පැවැසීය.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පුරුද්දේ වැරැද්දෙන් අලි ජංජාලයක් වෙලා