(මොරගොල්ලාගම සිසිර කැලේගම)
පියා විසින් තම පුතාගේ වම් කන සපා කෑම හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගැලවී ගිය කනද සමගින් පෙරේදා (15) රාත්‍රියේදී පුතා රෝහල් ගතකර ඇතැයි පොල්පිතිගම පොලිසිය කියයි.
මෙලෙස වම් කන අහිමි වී ඇත්තේ පොල්පිතිගම පොලිස් බලප්‍රදේශයේ පදිංචි අවුරුදු 19ක අවිවාහක තරුණයෙකුගේ බව පොලිසිය සඳහන් කරයි.
අවුරුදු උත්සවයට සමගාමීව යහළුවන් සමඟ එක් වී පදමට වෙරි වූ පියා නිවසට පැමිණ තම මව සමඟ අඬදබර වී ඇයට පහර දෙන අවස්ථාවේ දී පුතා එය බේරීමට උත්සාහ දරා ඇත.
ඒ අවස්ථාවේ දී මවට පහර දීම වැළක්වූයේ යැයි කුපිත වූ පියා තම පුතාට පහර දෙමින් කන සපා කා ඇති බවත් එහි දී වම් කන ගැලවී ගොස් ඇති බවත් ඒ සම්බන්ධව කළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
තුවාලකරු අහිමි වූ කනේ කොටසද සමඟින් පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කොට ඒ මොහොතේ ම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් සේවකයෙක් පැවසීය.
ඒ පිළිබඳව අපි කුරුණෑගල රෝහලෙන් විමසීමක් කළ අවස්ථාවේ දී එහි සේවකයෙකු කියා සිටියේ අහිමි වූ කන සමඟින් තුවාලකරු ප්‍රමාද වී පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත්ව පසුව කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇතත් තුවාලකරු මේ වනවිට දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් කනේ බද්ධ කිරීමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිළිබඳව කිසිවක් හෙළිකළ නොහැකි බවය.
සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (16) මහව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය පිළිබඳව පොල්පිතිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පියා පුතාගේ කන වෙන්වෙන්නම කාලා
dias Thursday, 18 April 2019 10:03 AM
බීගත්තම හැසිරෙන්නේ තිරිසනුන්ටත් අන්ත විදියටයි.
abiya Friday, 19 April 2019 06:00 AM
කන්කානම්ගේ පෙළපතේ කෙනෙක්
පූජ්‍ය මාංගොඩ රතනසිරි හිමි Friday, 26 April 2019 01:50 PM
ඒක තමයි කියන්නේ අරක්කු මත්ද්‍රව්‍ය තහනම් කරන්න කියලා. අනේ මට බලේ නෑනේ නැත්තම් මම මෙලාකට තහනම් කරලත් හමාරයි බොන අයට එල්ලුම් ගස් තමා හම්බවෙන්නෙ