IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පිටරටකදී තේ බීලා දවල් තරුත් පෙනිලා

වැදගත් රැකියාවක නියුතු එක්තරා මහත්මයකුට යුරෝපයේ සංචාරයක් කිරීමට අදහසක් පහළවිය. ඒ අනුව ඔහු පිටරටවල සංචාර සංවිධාන කරන සමාගමකට එම කාර්යය බාර දුන්නේය.


අදාළ සමාගම විසින් සංවිධාන කරන ලදුව දින 10 ක කාලයක් යුරෝපයේ රටවල් කීපයක සාර්ථක සංචාරයකින් පසුව ඔහුට ආපසු දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ ඩුබායි ගුවන් තොටුපොළෙනි.


සංචාරකයා තම ගුවන් යානයට ගොඩවීමට තවත් වෙලාව තිබෙන බැවින් කිරි තේ එකක් බීමට ගුවන්  තොටුපොළේ අවන් හලකට ගොඩවී තේ කෝප්පයක් ඕඩර් කළ විට අවල්හලේ සේවකයා ඩොලර්වලින් එහි මිල කීවේය.


ඒ වනවිට සංචාරකයා අතවූ ඩොලර් හෝ ඩුබායි මුදල් වන ඩිරාම් හෝ නොවූයෙන් ක්‍රෙඩිට් කාඞ්පත ඉදිරිපත් කළේය.


දෙයියෝ සාක්කි තේ කෝප්පයේ මිල රු. 1500 කි. 


කරගත් මෝඩකමට සංචාරකයාට චැඃ කියවිණි.


මෙතරම් මිලක් ගෙවූ තේ කෝප්පයේ ප්‍රනීත රසය විඳ ගැනීමට එය තොල ගෑවා පමණි. ආවේ තනිකරම මළකඩ රහකි. නොදකින් විතරක්. සංචාරකයා කෙලගැසීමට තැනක් සොයාගත නොහැකිව හතර අත දිවගියේ එරට නීතිය අනුව තැන් තැන්වල කෙල ගැසීම දඬුවම් ලැබිය හැකි වරදකැයි එක්වරම සිතට නැගුණ නිසාය. ඔහුගේ අවසන් වචන දෙක අවන්හල් සේවකයාට නොතේරීම හොඳට සිටියේය.

 

ආරියසේන හඳුවල



අදහස් (1)

පිටරටකදී තේ බීලා දවල් තරුත් පෙනිලා

leel gunawardena Saturday, 31 August 2019 10:05 PM

ලෝකේ අනික් රටවලුත් ලංකාව වගේ කියල හිතන නිසා මෙයාට වැරදිලා තිබෙනවා .

:       0       14

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 473 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 310 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1047 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 821 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 701 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 432 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site