IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පැළේ වළ දැකලා ආරාධිතයා හොල්මන් වෙලා

කඹුරුපිටිය - ප්‍රීති ජයවර්ධන
සෑම වසරකම රුක් රෝපණ වැඩසටහන් පාසල් මට්ටමෙන් සහ විවිධ ආයතන මට්ටමින් දිවයිනපුරා ක්‍රියාත්මක කෙරේ.

ප්‍රදේශයේ එක්තරා ජනප්‍රිය පිරිමි පාසලක වාර්ෂිකව මෙවැනි රුක් රෝපණ වැඩසටහන් මහත් උත්සවශ්‍රීයෙන් ක්‍රියාත්මක කෙරිණි.


එසේ සංවිධානය කළ රුක් රෝපණ වැඩසටහනක ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ එක්තරා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුට ඊළඟ වසරේද රුක් රෝපණ වැඩසටහනට සහභාගී වන ලෙස ආරාධනා කර තිබුණි.

ඒ අනුව විද්‍යාලයට ගිය ආරාධිත අමුත්තා පැළයක් රෝපණය කිරීම සඳහා සකස් කර තිබූ ස්ථානයට කැඳවාගෙන යනු ලැබිණි. තමා කලින් වසරේද රුක් රෝපණ උත්සවයේදී පැළයක් රෝපණය කළේ මෙම වළෙහිම බව ආරාධිත අමුත්තාට පැහැදිලිව දක්නට ලැබුණි.


රුක් රෝපණ වැඩසටහන් වලදී සිටුවන පැළ නිසි ලෙස ආරක්ෂා නොකිරීම සහ ශාකය හැදීමට අවශ්‍ය පොහොර සහ ජලය නොදීම නිසා සිටුවන පැළ සුළු කලකින් මැරී යාම හේතුවෙන් පැළ නැවත නැවත සිටුවීමට සිදුවන බව ආරාධිත අමුත්තාට සිහිපත්විය.


මේ නිසා වසරක් පාසා රුක් රෝපණ වැඩසටහන් සංවිධානය කරනවාට වඩා සිටුවන පැළ නඩත්තු කිරීමට සහ ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ නම් රටේ වනගහනය මීට වඩා කිහිප ගුණයකින් වැඩිකරගත හැකිවනු ඇත.



අදහස් (1)

පැළේ වළ දැකලා ආරාධිතයා හොල්මන් වෙලා

dhamseth Monday, 25 June 2018 10:53 AM

රුක් රෝපණය සඳහා මා ඉතාමත් ඵලදායක ක්‍රමයක් අනුගමනය කලා. කාර්යමණ්ඩලයේ 96 දෙනාටම පැලය බැගින් දුන්නා පැල 100ක් ගෙන්වාගෙන. පාසල් වත්තේ පැල සිටවිමට සැලැස්මක් සදා ස්ථාන ලකුණුකර දුන්නා. අපි කරන්නේ රුක් රෝපණය පමණක් නොවෙයි, රුක් වගාවක් කරනවා කියා දරුවන්ගේ සහය ඇතිව පැලවලට සාත්තු කරන්න කියා .කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ඉතාම කැමැත්තෙන් කාර්ය පටන්ගත්තා. මා එම පාසලෙන් ස්ථාන මාරුවක් ලබා යනවිට එම ගස් ඉතා හොදින් වැඩෙමින් තිබුනා මගේ කාර්ය මණ්ඩලයට හා දරුවන්ට පිං සිදුවන්ට.

:       0       424

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 226 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 40 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 953 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 780 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 651 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 388 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 291 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site