IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ප්‍රා. ලේකම්වරියගේ සීනු හඬින් නිලධාරිනියක් හොල්මන් වෙලා

(රත්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන) 
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිලධාරිනියකට නිවස හා කාර්යාලය මාරු වීම නිසා සිදුවූ අපූරු සිද්ධියක් දකුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් වාර්තා විය. 


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 


මෙම නිලධාරිනිය දුර බැහැර පදිංචිව සිට මෑණියන් තම නිවසට ගෙන්වා ගත්තේ ඇය වයස්ගතව දැඩි සේ අසනීපයෙන් සිටි බැවිනි. තම මෑණියන්ට සාත්තු සප්පායම් කිරීමට තරම් විවේකයක් හෝ හැකියාවක් නොතිබුණ ද මෑණියන්ගේ කටයුතු තමාගේ අතින් ඉටු විය යුතු බවට මෙම නිලධාරිනිය තරයේ විශ්වාස කළාය. 


තම දරුවන් අධ්‍යාපන කටයුතු වල නිරත වුවද ඔවුහු නිතරම තම ආච්චි අම්මා ළඟ රැඳීසිටිමින් සාත්තු සප්පායම් කළහ. 


කෙසේ වුවද නිවසේ කිසිවකු නොමැති අවස්ථා වල තම ස්වාමි පුරුෂයා නිවසේ රැඳෙව්වේය. ඔහු අවශ්‍ය දේ සිදු කළ ද කාර්යබහුල පුද්ගලයකු වූ නිසා ඇතැම් අවස්ථා වල මෑණියන්ගේ දුබල කටහඬ නොඇසෙන බැවින් කතා කළ සැණින් ඇය අසලට යාම සිදු නොවීය. මේ බව ඇය තම දියණියට පැමිණිලි කළාය. ඒ ගැන ස්වාමි පුරුෂයා පැවසුවේ වැඩ අධික වේලාවට අම්මාගේ හඬ නොඇසෙන බවයි. 


මෙයට අපූරු උපායක් කල්පනා කළ මෙම නිලධාරිනිය මවගේ ඇඳ මත බෙල් එකක් සවි කර අවශ්‍ය වූ විට එයට ඇඟිල්ල තබන ලෙස උපදෙස් දුන්නාය. ඒ නිසා මෑණියන්ට අවශ්‍ය සෑම විටම බෙල් එක ටි්‍රං හඬින් නාද කළ අතර කවුරුන් හෝ ක්ෂණිකව ඇය අසලට ගොස් අවශ්‍යතාව ඉටු කළේය. 


මෙම සාර්ථක උපක්‍රමයක් නිසා කරදරයක් නොමැතිව මෑණියන්ගේ අවශ්‍යතා ඉටුවූ අතර රාත්‍රියේ වුවද මෑණියන්ගේ කටයුතු වලට එය පහසුවක් විය. 


ඉන් පසු බෙල් හඬට කවුරුන් හෝ ඇය අසලට දිව යාම සිදු විය. ඒ ගැන ඇය සතුටු වූවාය. කෙසේ වුවද ඇතැම් දින වල රාත්‍රී කාලයේ නිදි වරා මෑණියන්ගේ කටයුතු කර සේවයට යන්නේ වෙන කළ හැකි දෙයක් නොමැති බැවිනි. නිලධාරිනියගේ සිත තිබුණේ නිවසේය. 


දිනක් ප්‍රාදේශීය ලේකම්වරිය කාර්යාල කාර්ය සහයක කැඳවමින් බෙල් එක නාද කළේය. හදිසි වැඩක නිරතව සිටි මෙම නිලධාරිනිය ශබ්ද නඟා එනවා අම්මේ යි කියමින් නැගිට ප්‍රාදේශීය ලේකම් කාමරය වෙත දිව ගියාය. කාර්යාලයේ සහෝදර නිලධාරීන් සිනා වෙමින් පුදුමයෙන් ඇය දෙස බලන විටත් ඇය ප්‍රාදේශීය ලේකම්වරියගේ කාමරය ආසන්නයටම ගොස් තිබුණි. 


කෙසේ වුවද සිද්ධිය අවබෝධ වී ලජ්ජාවෙන් වට පිටා බලා නැවත ආපසු පැමිණ රාජකාරි කටයුතු ඉටු කළේ මෙහෙමත් වැරදීමක් යයි සිතමිනි. ඉන් පසුව එම අංශයේ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්වරිය බෙල් එක නාද කරන සෑම විටකදීම සියල්ලෝම සිනා සී හොරැහින් ඇය දෙස බලති. 



අදහස් (12)

ප්‍රා. ලේකම්වරියගේ සීනු හඬින් නිලධාරිනියක් හොල්මන් වෙලා

jayantha Monday, 28 October 2019 06:16 AM

සිනාවෙන්න නොවෙයි තිබුනේ ඇය මව ගැන කොතරම් අවධානයෙන් ඉන්නවද කියල අගය ක‍රන්න හැමෝටම වැරදි වෙනවා ඔය හිනා උන අයට ගොඩක් වැරදි වෙනවා ඇති

:       0       405

CHANDRA Monday, 28 October 2019 07:06 AM

එයා හොඳ කෙනෙක් අම්මට සලකන. හිනා වෙන්න දෙයක් නැහැ.

:       0       342

fazal Monday, 28 October 2019 07:46 AM

තමන්ගේ අම්මට සලකන්න ලැබීමත් භාග්‍යක්.

:       0       263

kumara Monday, 28 October 2019 07:57 AM

අපේ අය දන්නේ කෙනෙක් වැටෙන්න ගියත් හිනාවෙන්න. මේ මිස් කොච්චර උසස් ගතිගුණ තියන කෙනෙක්ද... කොච්චර කාර්ය බහුල උනත් හැම මොහොතකම හිටියේ අම්ම ගැන සිතමින්...

:       0       194

chinthaka Monday, 28 October 2019 09:29 AM

සිනාසෙන්න නෙවෙයි, සහෝදර නිලධාරීන්ට කරන්න තිබුණේ... මේ නිලධාරිනිය එ් වෙලේ පත්වූ අපහසුතාවයෙන් මිදීමට එම සිද්ධිය නොදැක්කා සේ සිටීමයි. එක අතකට මේ අබුද්ධස්ස කාලේ තමන්ගේ මෑණියන්ට සැලකීමත් විහිලුවට ලක්වෙන යුගයක් තමයි.

:       0       182

තුෂා Monday, 28 October 2019 09:32 AM

අම්මා වයස්ගතව දැඩිසේ අසනීපව ඉන්න නිසා වෙන්න ඇති නිතරම අම්මා ගැන සෙවිල්ලෙන් ඉන්න ඇත්තේ.. දෙමව්පියන් කූඩුවල ලග්ගවන සමහර දරුවන් හමුවේ ඇය කෙතරම් උතුම් කාන්තාවක්ද? සැමියයි දරුවනුයි උපරිමයෙන්ම ඇයට සහයෝගය දෙන නිසා ඇය වාසනාවන්ත කාන්තාවක්.. එතුමියගේ දරුවන්ට ඇය දෙන්නේ ඉතා උතුම් ආදර්ශයක්.. ඇයට හිනාවුණු කාර්යාලයේ සහෝදර නිලධාරීන් ගැන කතා කිරීමත් නිෂ්ඵල ක්‍රියාවක්...

:       0       253

Mahajanaya Tuesday, 29 October 2019 05:46 AM

ප්‍රාදේශීය ලේකම්තුමියගේ අවදානය පිණිසයි. ඉහත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකරන මහජන සේවය කොපමණද කියා සිතා ගතහැකියි. සහෝදර සේවකයා හට එසේ නම්, සේවය ලබාගැනීමට යන මහජනතාවට කොපමණ සිනාවෙනවා ඇතිද? මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතනයකි...

:       0       6

sunanda Tuesday, 29 October 2019 09:07 AM

වාසනාවන්ත අම්ම කෙනෙක්...ඔබට පින්

:       0       7

chinthaka Tuesday, 29 October 2019 06:10 PM

මං හැමදාම කියනවා වගේ අපේ මිනිසුන් කළගුණ සලකන ඉතාම යහපත්, කොටින්ම වැඩිහිටියන් අනිවාර්යෙන් මහලු නිවාස වලට ගාල් කරන බටහිර රටවලටද ආදර්ශයක්. පොඩි වරදකට ඇත්තේ දේශපාලනය පිළිබද පරිණත දැක්මක් නොමැතිවීම පමණයි.

:       0       6

maalaka Wednesday, 30 October 2019 02:09 AM

නූගත්කමද, අසංවරකමද දන්නේ නෑ.. වැඩි දෙනෙක් බලා ඉන්නේ තව කෙනෙක්ට හිනාවෙන්න. තව කෙනෙකුට සහනයක් වෙන්ඩ බැරි නම්, ඒ වෙන අතපසුවීමක් හෝ අත්වැරදීමක් නොදක්කා මෙන් ඉන්න ඉගෙන ගන්න..

:       0       8

Tharuka Wednesday, 30 October 2019 10:37 AM

මම දැකපු උතුම්ම කාන්තාවක්.., එතුමියට කවදාවත් වරදින එකක් නැහැ.

:       0       8

ප්‍රසාද් Thursday, 31 October 2019 02:39 AM

හිනාවෙන්න ඕනෙ ඇයට නොවෙයි, ඒ වගේ අයට හිනා වෙන අමනයින්ටයි...!

:       0       11

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 473 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 308 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1046 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 820 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 700 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 431 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site