IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පමාවී වැඩට එන වඩුවාගෙන් ගෙහිමියාට අපූරු උත්තරයක්

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි) 
එක් ගමකට තදින් වැසි වසිද්දි අල්ලපු ගමට පායන කාලගුණ තත්ත්වයක් මේ දිනවල පවතින අතර එයින් තම සේවාලාභියෙකු ඇන්දවීමට පුද්ගලයකු ගත් උත්සාහයක් දකුණේ කඳුකර ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 


සිද්ධිය සැකෙවින් මෙසේය. 


අලුතෙන් ගොඩනගන තම නිවසේ දොර ජනෙල් සාදවා ගැනීමට අවශ්‍ය වූ අයෙක් ඒ සඳහා හිතවතෙකුගේ මාර්ගයෙන් හොඳ වඩු කාර්මිකයෙකු සොයා ගත්තේය. 


කිලෝමීටර් පහළොවක් පමණ දුර බැහැර ගමක පදිංචි තනිකඩයකු වූ වඩු මහතා බොහෝ දිනවල පෙරවරු අට පමණ වන විට සේවයට පැමිණෙයි. ඇතැම් දිනවල උදේ නවය පමණ වනතුරුත් ඔහු වැඩට නොපැමිණෙයි. 


එවැනි දිනවලට යතුරු පැදියේ තෙල් ඉවර වුණා හෝ හුළං ගියා වැනි හේතුවක් කියාගෙන පැමිණෙන හේ පැමිණි වෙලාවේ පටන් සවස හය පමණ වන තෙක් හැල්මේ වැඩ කරයි. 


පසුගිය සති අන්තයේ දිනක උදේ නවය පසුවන තෙක්ම මොහු වැඩට නොපැමිණි නිසා ඒ පිළිබඳව විපරම් කර බැලීමට නිවෙස් හිමියා කල්පනා කළේය. ඒ අනුව ඔහු වඩු මහතාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තේය. මෙහාට හෝ ගාල වහිනවා, ඉතින් කොහොමද එන්නේ. පොඞ්ඩක් පායපු ගමන් මම එන්නම් ඔහුගේ පිළිතුර විය. 


ඔහුගේ පිළිතුර ගැන සැක හැර දැන ගැනීම සඳහා නිවෙස් හිමියා වහාම වඩු මහතාගේ ප්‍රදේශයේම පදිංචි තම හිතවතාට ඇමතුමක් ලබා දී වැස්ස පිළිබඳව විමසීය. ඒ ප්‍රදේශයට හොඳින්ම පායන බවත් එදින වැසි බිඳක්වත් නොවැටුණු බවත් හිතවතා කීවේය. 


නිවෙස් හිමියා දුරකථන ඇමතුම අවසන් කරනවාත් සමගම වඩු මහතා කඩිමුඩියේ ගෙට ගොඩ වූයේ නිවෙස් හිමියා පුදුමයට පත් කරවමිනි. ඔහු තමාට බොරුවක් පවසා ඇතැයි හැඟුණු නිසාත් සුළු වේලාවකින් පැමිණීම නිසාත් නිවෙස් හිමියාට වඩු මහතා පිළිබඳ කුකුසක් ඇති විය. 


වඩු මහතා කුමක් හෝ තමාගෙන් වසන් කරන බැව් තේරුම් ගත් ඔහු එදින දවස පුරාම වැඩ කරන අතර තුර මේ ගැන වඩුවාගේ කටින්ම අල්ලා ගැනීමට උත්සාහ කළේය. ඔහුගෙන් බේරුමක් නොමැති තැන වඩු මහතා පවසා ඇත්තේ තමා පෙර දින නිවෙසට නොගිය බවත් මෑතක දී දැන හඳුනා ගත් ඒ ආසන්නයේ වෙසෙන වැන්ඳඹු කතකගේ නිවසේ ගත කළ බවත්ය. එහි ගත කරන දින වලට තමන්ට ටිකක් දවල් වන තුරු නින්ද යන බවත් ඇඟට පතට නොදැනී කී වඩුවා ඇණයකට තදින් මිටි පහරක් ගැසුවාලු. 

 



අදහස් (0)

පමාවී වැඩට එන වඩුවාගෙන් ගෙහිමියාට අපූරු උත්තරයක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 445 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 757 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 620 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1132 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 877 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 756 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site