IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පදමට සූර්වී ගෙදරට ශීතකරණ 2ක් ගෙනත්

(වියලුව වාර්තාකරු)
පදම ඉක්මවා මත්පැන් පානය කළ පුද්ගලයකුට තම නිවසේ තිබූ ශීතකරණය අමතක වී තවත් ශීතකරණයක්  පහසු ගෙවීමේ ක්‍රමයට නිවස වෙත රැගෙන ඒමේ පුවතක් ඉකුත් දිනෙක වාර්තා විය.


ඔහු රජයේ සේවකයෙකි. මත්පැනට ඇබ්බැහි වූවෙකි. බැංකුවකින්  නිකුත් කරන ලද පසු ගෙවුම් කාඞ් පතක් ඔහු අත තිබූ  අතර ඇතැම් අවස්ථාවලදී ඔහු එමගින්  භාණ්ඩ මිලට ගත්තේය.


පසුගිය දිනෙක නගරයට ගිය හෙතෙම ගමේ මිතුරෙකුද සමග තැබෑරුමකට ගොඩවී හොඳ හැටි සප්පායම් වූයේ පසුම්බියේ  තිබූ සෑහෙන මුදලකට වග  කියමිනි. 


අනතුරුව ඉන් පිටතට පැමණි හෙතෙම ඒ අසල වූ විදුලි භාණ්ඩ අලෙවි සලකට ගොඩ වූයේ තමන් අත වූ ගෙවුම් කාඞ් පතේ මහිමය ගැන ගමේ මිතුරාවද දැනුවත් කරමිනි.


 වට්ටමක්ද සහිතව අලෙවිය සඳහා තබා තිබූ රුපියල් අසූ දහසක් පමණ වටිනා ශීතකරණයක් තෝරා ගත් හෙතෙම තම පසු ගෙවීම් කාඞ්පත ඉදිරිපත් කොට එය මිලදී ගත්තේ නිවසේ තවත් එවැනිම ශීතකරණයක් තිබෙන බවද අමතක කරමිනි.


අනතුරුව අතිරේක මත්පැන් බෝතලයක්ද මිලදී ගත් හෙතෙම රුපියල් 3000ක පමණ මුදලක් වැයකර කුලියට කුඩා ලොරි රථයක් රැගෙන මිතුරාද සමග බමන මතින්ම නිවස වෙත පැමිණියේ ශීතකරණය දැක සතුටුවන සිය බිරියගේ ආදරණීය පිළිගැනීමද සිහිපත් කරමිනි. 


එහෙත්  සිදුවූවේ අනෙකකි.


 නිවසේ ඇති තරම් ප්‍රශ්න තිබියදී කනමදයෙකු සේ බීගෙන එකක් තිබියදී තවත් ශීතකරණයක් ද  රැගෙන නිවසට පැමිණි සිය සැමියා දුටු බිරිය සිය ආවේගය පිට කළේ මිතුරා අතේ වූ රුපියල් 2000ක් පමණ වටිනා මත්පැන් බෝතලය ඔවුන් ඉදිරියේම පොළවේ ගසමිනි.


 තවත් අඩියක් ගැසීමේ බලාපොරොත්තුවෙන් මෙතෙක් වේලා තම මිතුරා සමග රැඳී සිටි අනෙක් පුද්ගලයා හෙමින් සීරුවේ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයෙන්ම මාරු වූයේ තවත් හිටියොත්  තමුන්ටත් ගුටි කන්නට සිදුවෙතැයි ලොරි රථයේ රියදුරාට ද පවසමිනි. 

 



අදහස් (0)

පදමට සූර්වී ගෙදරට ශීතකරණ 2ක් ගෙනත්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 385 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 728 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 997 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 984 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1263 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1607 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site