IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පදම වැරදුණු වැලිතලප පාර්සලෙන් දානෙ ගෙදර කලබැගෑනියක්

(ප්‍රියාණි මංගලිකා - නිකවැරටිය )
පදම වැරදුණ වැලිතලප පාර්සලයක් නිසා මහත් අකරතැබ්බකට පත්වූ තරුණයකු පිළිබඳ පුවතක් නිකවැරටිය ආසන්න පෙදෙසකින් වාර්තාවේ. 


සිද්ධිය මෙසේය, 


තරුණයාගේ අසල්වැසි නැන්දා කෙනෙකුගේ නිවසට පැමිණි ඥාති සොයුරකු සමග මිත්‍රවන්නේ ඔවුන්ද නොසිතූ ලෙසය. මිතුරන් දෙදෙනා නිතර දුරකථනයෙන්ද හමුවෙති. ඔවුන්ගේ මිතුදම වසරක් පමණ මෙසේ ගලායද්දී, දිනක් තම මිතුරා හදිසි අනතුරකින් මියගිය පුවත තරුණයාට සැලවෙන්නේ අසල්වැසි නැන්දා ගෙනි. 


මහත් ශෝකයට පත් තරුණයා ඒ සැනින්ම මිතුරාගේ නිවසට යන්නේද හැඬූ කඳුළෙනි. මිතුරාගේ සමුගැන්ම තරුණයාට මහත් වේදනාවක් විය.


තරුණයා මළගම නිමවනතුරුම මිතුරාගේ නිවසේ රැඳී සිටිමින් තම මිතුරා වෙනුවෙන් තම යුතුකම් කොටසද නොපිරිහෙලා ඉටු කළේය.


අනතුරුව මළගමේ ආදාහන කටයුතු නිමවා තරුණයා ආපසු නිවසට පැමිණියේ මිතුරාගේ සත්දින දානයටද පැමිණෙන බව ඔහුගේ මවුපියන්ට සහ ඥාතීන්ටද පවසමිනි. 


නිවසට පැමිණි තරුණයා මිතුරාගේ සත්දින දානය සඳහා රැගෙන යායුතු දෑ ගැන කල්පනා කළේය. ඒ අනුව තම මවට කියා රසකැවිදිලිද සාදවා ගැනීමටද තරුණයා තීරණය කළේය.


“අම්මේ දානේ ගෙදරට ගෙනියන්න වැලිතලප ටිකක් හදලා දෙනවද” තරුණයා සිය මවට කීවේය. ඒ අනුව මව මහත් භක්තියෙන් නියමිත දිනට වැලිතලප සකස් කළාය. එහෙත් යම් හේතුවකින් එහි පදම වැරදීමක් සිදුව පාර්සල් කිරීමේ ගැටලුවක්ද පැන නැගිණි.


තරමක් කල්පනා කළ තරුණයා රසකැවිල්ල පොඩි නොවී රැගෙන යාම සඳහා නිවසේ තිබූ පැරැණි වීදුරු ඇසුරුම් පෙටිටියක් තෝරාගෙන, ඒ තුළ ආරක්‍ෂා සහිතව වැලිතලප ටික ඇසුරුවේ මවගේද සහය ඇතිවය. පසුව තරුණයා එය දර්ශනීය ලෙස වෙනත් කොළයකද දවටා, යතුරුපැදියේ ඉදිරිපස තබාගෙන සෙසු රැගෙන යා යායුතු දේවල්ද රැගෙන මිතුරාගේ නිවස බලා පිටත්වූයේ දානය පිංකමට සහභාගී වීම සඳහාය.


තරුණයා, මිතුරාගේ නිවසට ගොස් තමා රැගෙන ආ වැලිතලප පාර්සලය මිතුරාගේ මවගේ අතටම දුන්නේය. මිතුරාගේ මව එය මහත් භක්තියෙන් ගෙන ගෙතුළට ගියාය. තරුණයා තාමට හැකි උපරිමයෙන් දානයේ කටයුතුද සිදුකර දානය නිමවීමට පෙර ආපසු නිවසට පැමිණියේ වෙනත් හදිසි අවශ්‍යතාවක් තිබූ බැවිනි.


දින, සති ගෙවී මාසයක් පමණ ගතවෙද්දී අසල්වැසි නැද්දා දිනක් තරුණයා සමග මහ මගදී කථාවට වැටිණි. නැන්දා තම සොයුරාගේද, තැරණයා තම මිතුරාගේද අකල් මරණය පිළිබඳව මහත් සංවේගයෙන් කතා බහකරන්නට විය. 


“එදා මහත්තයා ගෙනා වීදුරු පෙට්ටිය අපි පංසලට පූජාකළා. මල්ලීට පිං සිද්ධ වෙන්න” 


අසල්වැසි නැන්දා එසේ කියද්දී තරුණායට දවල් තරු පෙනුණි. පසුව තරුණයා අසල්වැසි නැන්දාට සිදුවුණ දෙය පැවසුවේ කනගාටුවද පළකරමිනි.


“අප්පච්චියේ” කියමින් අසල්වැසි නැන්දාද හිස අත තබා ගත්තාය. 


පසුව තරුණයා ඒ සැනින්ම නගරයට ගොස් එවැනිම වටිනා වීදුරු පෙට්ටියක් ගෙන විත් අසල්වැසි නැන්දාද සමග පන්සලට ගොස් එය පූජා කර අත්වැරදීමකින් සිදුවූ දෙයට සමාවද අයැද, තම මිතුරාටද පින් අනුමෝදන් කර ආපසු ආවේලු. 

 



අදහස් (0)

පදම වැරදුණු වැලිතලප පාර්සලෙන් දානෙ ගෙදර කලබැගෑනියක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 541 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 890 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 935 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1246 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1581 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site