IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


නෝන​ාගේ මල්ලේ කරෝලයාට මුදලාලිගෙන් කෝටුපාර

(මාවතගම කාන්චන මාලා බණ්‍ඩාර)
මාවතගම වෙළෙඳ සැලකින් බඩු මිලදී ගන්නට පැමිණි කාන්තාවකගේ බඩු මල්ලට බලෙන් රිංගා සිටි බල කරෝලයාට මුදලාලි කෝටුපාරක් දී ආපසු කඩේටම කැඳවාගෙන ඒමේ සත්‍ය සිදුවීමක් මාවතගමින් වාර්තාවෙයි.


එදින ඉරිදා දිනයක් නිසාම එම වෙළෙඳ සලේ බඩුමිලදී ගැනීමට ආ පිරිස වැඩිවී තිබුණි.


ඒ නිසාම එහි සේවකයන්ට ද ඉස්පාසුවක් තිබුණේම නැත. 


මුදලාලි බිල් ලියමින් එම භාණ්‍ඩවල ලේඛනය සේවකයන්ට කියවන්නට විය. බඩු මිලදී ගෙන යන්නෝද ගැනීමට එන්නෝද ඒ අතර වූහ.


මුදලාලි​ එක් කාන්තාවක් තමා මිලදී ගත් බඩු මල්ල අමාරුවෙන් ඔසවාගෙන යන ආකාරය දෙස ඇස යොමු කළේ බිල ලියනගමන්මය.
මල්ලෙන් එළියට තිබූ කරෝල කූරියා දෙසට මුදලාලිගේ ඇස යොමු වූයේය. ඇය කරෝලයකු මිලදී නොගත් බව මුදලාලිට සිහිවන්නට වැඩිවෙලාවක් ගතවූයේ නැත. පුටුවෙන් නැගී සිටි මුදලාලි කඩයේ තිබූ කරෝල ගොඩ දෙස බැලුවේය.


එහි තිබු ලොකුම බල කරෝලයා දක්නට නොවීය. මුදලාලිට ගණදෙවි නුවණ පහළ විය. කඩේ බල්ලන් එළවීම සඳහා පුටුව අසල තබා තිබූ වේවැල රැගෙන කාන්තාව පසු පස හඹා ගිය මුදලාලි.


කරෝළයෝ උඹ මටත් හොරෙන් නෝනගෙ මල්ලට පැන්නා නේද කැතයි කැතයි... කරෝලයාගේ වලිගයෙන් උස්සා කෝටු පහර දෙකක් දුන් මුදලාලි කාන්තාව දෙසවත් නොබලා කරෝලයා රැගෙන කඩේට ගොඩවිය.


කාන්තාව විලියෙන් ඇඹරෙන්නට වුයේ මහ මග යන එන අය මේ සිදුවීම දුටුවාද යන සැකයෙනි.

 



අදහස් (2)

නෝන​ාගේ මල්ලේ කරෝලයාට මුදලාලිගෙන් කෝටුපාර

Pradeep Saturday, 16 May 2020 02:36 AM

අපුරු දඬුවමක්.

:       0       28

Thilina Tuesday, 19 May 2020 02:53 AM

මේ කතාව අපි පොඩි කාලෙත් අහලා තියෙන එකක්.

:       0       4

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 221 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1026 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1387 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 988 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා
2024 අප්‍රේල් මස 08 826 0

සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ


ඇප වෙලා අලි අමාරුවක වැටිලා
2024 අප්‍රේල් මස 05 1229 0

හේ දකුණේ ප්‍රසිද්ධ චරිතයකි. පියා ද වැදගත් රැකියාවක් කරමින් සිට විශ්‍රාම ලබා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගියේ ය. මෙහිදී මියගිය අයගේ වැඩිමහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 137 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1412 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site