(වියලූව වාර්තාකරු)
තම කාර්යාලයේ මිතුරියකගෙන් ලද උපදේශයක් මත වෙනදා පළඳින සෙරෙප්පු කුට්ටම වෙනුවට අඩි උස සෙරෙප්පු දෙකක් පැළඳගෙන විවාහ මංගල උත්සවයකට ගිය මැදිවියේ කාන්තාවක සෙරෙප්පු කුට්ටම පාලනය කර ගත නොහැකිව පඩිපෙළකින් ඇද වැටී කොන්ද කඩාගෙන රෝහල් ගත කිරීමට සිදුවීමේ පුවතක් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
රජයේ ආයතනයකි. එහි සේවිකාවකගේ මංගල උත්සවයට සැමට ආරාධනා ලැබුණේ සති කීපයකටත් පෙරය. කාර්යාලයේ වැඩ කටයුතු අතරතුර රැුස්වූ කාන්තාවෝ මංගල උත්සවය ගැනද කතා කරන්නට අමතක නොකළහ. ඇතැමෙක් ඇඳ පැළඳගෙන යන ඇඳුම් ආයිත්තම් ගැන කතා කළහ. තවත් පිරිසක් සෙරෙප්පු ගැන කතා කළහ.
අනුන්ගේ උපදෙස් ඉහළින් අගය කළ එහි සිටි එක් සේවිකාවකට තවත් සේවිකාවකගෙන් ඇයට ගැළපෙන සෙරෙප්පු කුට්ටමක් ගැන අපූරු උපදෙස් ලැබුණේ මේ අතරේය.
‘‘අක්ක අර අහවල් කඬේ තියෙනව ලස්සන හීල්ස් (අඩි උස සෙරෙප්පු) දෙකක්. රත්තරං පාටයි. අක්කගේ ගෝල්ඞ් සාරියට මාරෙට මැච්වෙනව. මොකක්ද අනේ ඔයා හැමදාම ඔය පොඩි සෙරෙප්පු දාන්නේ.’‘ හිතවත් සේවිකාව නෝක්කාඩු කීවාය.
විලාසිතාවලට කවදත් ප්‍රිය කළ ඇය කාර්යාල කටයුතු නිමාවීමෙන් පසුව සිය මිතුරියද සමඟ නතර වූවේ අදාළ සෙරෙප්පු කඬේය. සෙරෙප්පු දෙක කකුලට දමා එහේ මෙහේ ගිය ඇයට ඒ මොහොතේ සිටම මංගල උත්සවයේ තමන් යන එන හැටි මැවී පෙනුණාය. ඇය දෙවරක් නොසිතාම එය මිලදී ගත්තේ ඒ තරමටම ඒ ගැන හිත බැඳුණු නිසාය.
මංගල උත්සවය පැවැතියේ නගරයේ හෝටලයකය. සිය සැමියාද සමඟ ඇය උත්සවයට ආවේ මිතුරිය තෝරාදුන් සෙරෙප්පු කුට්ටමද පැළඳගෙනය. ඇයට වැඩිදුරක් යන්නට නොලැබුණේය. හෝටලයේ උඩුමහලට යන පඩි කීපයක් නගිද්දී ඇය සෙරෙප්පු දෙක පැටළී උඩුබැලි අතට ඇද වැටුණේය.
ඇය තුනටියට අත තබාගෙන නැගිටින්නට තැත් කළාය. පලක් නොවීය. ‘‘පුලූවන් දේවල් කරන්න එපැයි.’’ හැඩි දැඩි අතකින් අල්ලා ගත් පිරිමියෙක් ගෝරනාඩුවක් දැම්මේය. ඒ ඇගේ සැමියාය. ත්‍රිරෝද රථයක් ගෙනා ඔහු මඟුල පැත්තක තබා මිතුරෙකු සමඟ ඇය රෝහල් ගත කළාය. ‘‘දින කීපයක් ඉන්නවෙයි.’’ පරික්ෂා කළ වෛද්‍යවරයෙක් කීවේය. ‘‘මේ සෙරෙප්පු මඟුලක් නිසා අද යාළුවොත් එක්ක සෙට් වෙන්න තිබ්බ චාන්ස් එකත් නැතිවුණා.’’ මිතුරෙකුට ඇමැතුමක් දුන් සැමියා බිරියට ඇසෙන්නටම කීවේය.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නුපුරුදු සෙරෙප්පු පැළඳ රෝහලෙත් නැවතිලා
nuwan sagara Monday, 19 June 2017 05:06 AM
මේකට කියන් තියෙන්නේ මහන්තත්වකම කියලයි...
dinu Thursday, 29 June 2017 07:58 AM
එහෙම කියන්න එපා නුවන්... ඔයාලා වගේ නෙවේ...හැම කාන්තාවක්ම විලාසිතා වලට කැමතියි. හැබැයි ඉතින් පුරුදු නැත්නම් ටිකක් පරිස්සමින් ඇවිද්දා නම් හරි....