(පොලොන්නරුව - ක.ග. කරුණාරත්න)
තමන් නොකළ වරදක් වෙනුවෙන් පොලිස් රාලහාමි කෙනෙකු නඩුවක් පැවැරීමට සූදානම් වූ අවස්ථාවේ තම නිරවද්‍යතාව ඔප්පු කිරීම සඳහා ඇඳ සිටි සරම ලිහා පොලිස් රාලහාමිට පෙන්වීමට රියැදුරෙකුට සිදුවූ අපූරු පුවතක් පොලොන්නරුව පෙදෙසින් ඇසුණි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
තම කුඹුරේ ට්‍රැක්ටරයෙන් සී සාමින් සිටි තරුණ ගොවියාට එය හිටි අඩියේ නතර වුණේ මන්දැයි සොයා බැලූ විට දැක ගන්නට ලැබුණේ ටැංකියේ ඉන්ධන (ඩීසල්) අවසන්වී ඇති බවය. ඔහු වහාම කළේ තමන් සතු කුඩා ලොරියේ ඉන්ධන ගෙන ඒම සඳහා බැරලයක්ද පටවාගෙන නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට යාමයි.
කිලෝමීටර් 15ක් පමණ දුර ගෙවා ගොස් පිරවුම් හලකින් බැරලයට ඉන්ධනද පුරවාගෙන මුදල් ගෙවා ආපසු එන්නට ලැබුණේ මීටර් කිහිපයක් පමණි. හතරමං හන්දියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි රාලහාමි කෙනෙකු ලොරිය නතර කරන ලෙසට අතින් සංඥාවක් දුන්නේය. මාර්ගය අසල ලොරිය නවතා රක්ෂණ සහතිකය, ආදායම් බලපත්‍රය ආදී තමන් සතු දෑ රැගෙන පොලිස් රාලහාමි වෙත ගිය විට ඔහුගෙන් ඉල්ලා ඇත්තේ රියැදුරු බලපත්‍රය පමණි.
එය දෙපැත්ත පෙරළා බලා තමන් සතු පොලිස් පොතේ නඩුවක් පැවැරීම සඳහා විස්තර ලියා ගන්නට සූදානම්වී ඇත. එවිට රියැදුරා පොලිස් රාලහාමිගෙන් විමසා ඇත්තේ මොකක්ද මහත්තයා මම කරපු වරද කියාය.
වරද? ඇයි ෆෝන් එකක් කනේ ගහගෙන ආවේ යනුවෙන් පොලිස් රාලහාමිගෙන් පෙරළා පිළිතුරු ලැබිණි.
මහත්තයා මගේ ළඟ ෆෝන් එකක් ඇත්තෙත් නෑ. මම ෆෝන් එකක් ගෙනාවෙත් නෑ. එහෙම තිබුණොත් ඕනෑම දඬුවමකට මම යටත් වෙනවා යනුවෙන් රියාදුරා පැවැසූ විට හා හොඳයි යමු බලන්න කියා ලොරිය වෙත පැමිණ එහි ඇතුළත හොඳින් පරීක්ෂා කර තිබේ. එසේ වුවද එහි තිබී ජංගම දුරකතනයක් සොයා ගැනීමට පොලිස් නිලධාරියාට නොහැකිවූ විට එහෙනම් තමුසේගේ ඉනේ තිබෙනවා නේදැයි අසා ඇත.
ඉනේ ජංගම දුරකතනයක් නැතැයි කීවද පිළි නොගත් පොලිස් රාලහාමි එහෙම නම් සරම ලිහලා පෙන්වනවා යැයි කියූ විට තරමක් ලැජ්ජාවෙන් වුවද සරමද ලිහා පෙන්වා තිබේ.
ඉන් අනතුරුව යටට මොකුත් ඇඳලාද ඉන්නේ කියාත් විමසූ විට අනේ නෑ රාලහාමි මම මේ කුඹුරේ හිටපු ගමන් මඩ පිටින්ම මේ ආවේ කියා රාලහාමි දමන්නට ගිය අවනඩුවෙන් බේරී එන්නට හැකිවී ඇතැත් ආපසු එනවිට පොලිස් රාලහාමි රියදුරාට කියා ඇත්තේ හොඳයි අපි කොහේදි හරි හම්බවෙයිනේ කියාය.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නිර්දෝෂි බව තහවුරු කරන්න පොලිස් රාලහාමිට සරම ගලවා පෙන්වලා
janahitha Friday, 24 May 2019 03:25 PM
කොහොම වුනත් මේ මනුස්සයා එයාට අපායේදී නම් හමු වෙන එකක් නැහැ. මොකද නිලධාරියා අපායට ගියත් ගොවියා නම් අපාගත වෙන්නේ නැහැ සාධාරණ විදිහට ජීවත් වෙන නිසා...