(තිහගොඩ උපසේන ලියනගම)
වයඹ පළාතේ පොලිස් මුරපොළකි. දෙදෙනකු නැග ආ යතුරුපැදියක් නැවැත්වූ පොලිස් නිලධාරියකු යතුරුපැදිකරුවාගේ බලපත්‍ර පරීක්ෂාවේදී ඔහු රක්ෂණ සහතිකය වෙනුවට පෙන්වූයේ මුදල් ගෙවූ බවට වූ රිසිට් පතකි. මේක නෙමෙයි ඉන්ෂුවරන්ස් කාඞ් එකක් තියෙනවා. පොලිස් නිලධාරියා කීවත් ඔහුට එය පැහැදිලි නොවුයෙන් මඳ කතාබහක් ඇතිවිය.
මේ නිසා කීප දෙනකු එතැනට එක්වූ අතර වෙනත් යතුරුපැදියකින් ආ වැදගත් පෙනුමැති මැදිවියේ අයකු ද ඒ අතර විය.
හරි ඔයාට මං නියම ඉන්ෂුවරන්ස් කාඞ් එකක් පෙන්වන්නම්. මහත්තය රක්ෂණ සහතිකේ දෙන්නකො’ ඔහු අසල වූ වැඩිහිටි පුද්ගලයාගෙන් රක්ෂණ සහතිකය ඉල්ලීය. ඔහු වහාම සිය මුදල් පසුම්බියෙහි පසෙක වූ රක්ෂණ කාඞ්පත රැගෙන නිලධාරියාට දුන්විට එය පරීක්ෂා කළ ඔහු මහත්තයා මේකත් කල් පැනලනෙ. කීවෙන් මැදිවියේ මහතාට තරු පෙනිණි.
හත් දෙයියනේ මම දැනගෙන හිටියෙ නෑනෙ. ඔහු කීවත් මේ දෙදෙනාටම නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරියා කටයුතු කළාලු.
විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිකං ඇවිත් ඉල්ලන් කාලා නීති කැඩූ දෙන්නටම තට්ටු