(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගැබිනි මව්වරුන් සඳහා පැවැත්වුණු දානමය පිංකමකට අනාරාධිතව එක්වූ දේශපාලනඥයකු ගැබිනියන් සඳහා සූදානම් කර තිබූ ආහාර ඔවුන් කිහිපදෙනකුට බෙදා දී තමන් ද සප්පායම් වී හස්ත සංඥාවෙන් යන බව කියා පිටව ගිය පුවතක් පසුගියදා මීගමුවට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.
ගමේ තරුණ පිරිසක් අසල්වාසීන්ගේ ද දායකත්වය ඇතිව මෙම ගැබිනි මව් සත්කාර වැඩසටහන සංවිධාන කරනු ලැබ තිබිණි. ගමේ මෙන්ම අසල්වාසී ගම්මානවල ද වෙසෙන ගැබිනියන් සොයා මෙම දානයට එක්වන ලෙසට ආරාධනා කරනු ලැබීය.
ගැබිනියන්ට රිසි දේ රිසි පරිදි ලබා ගැනීම පහසුවන පරිදි ආහාර බෙදා ගැනීමට සලසා තිබුණේ බුෆේ ක්රමයටය. දිවා ආහාරයට පෙර කෙටි දම් දෙසුමකින් ගැබිනියන්ගේ සිත් පහන් කරනු ලැබීය. අනතුරුව දානයට ආරාධනා කෙරිණි.
ඒ සමඟම නවීන පන්නයේ රියක් පැමිණ ඒ අසල නතර කෙරිණි. වැඩි ප්‍රසිද්ධියක් නැති දේශපාලනඥයකු ඉන් බැස්සේ දෑත් ඔසවා පිරිසට ආචාර කරමිනි. සංවිධායක පිරිස මුහුණෙන් මුහුණ බලමින් මෙයට ආරාධනා කළේ කවුදැයි විමසීය. අපි කවුරුවත් කාටවත් ආරාධනා කළේ නැහැ. ඔවුන්ගේ පිළිතුර විය. මේ දේශපාලනඥයා හා දානමය පිංකමේ සංවිධායකයන් අතර සම්බන්ධයක් ද නොවීය.
පිරිසට ආචාර කරමින්ම කෑම මේසය අසලට ගිය මේ දේශපාලනඥයා එන්න එන්න කියා ගැබිනියන් කැඳවා කිහිපදෙනකු අතට කෑම බෙදන්නට විය. මේ නිසා සමහර ගැබිනියන්ට තමන් අකමැති ආහාර පානයන් ද ලැබිණි.
කිහිපදෙනෙක් අතින් වසා ඒවා එපා කියද්දී මේ දේශපාලනඥයා කළේ පිඟානක් බෙදාගෙන පැත්තකට වී රස බැලීමය. අනතුරුව නැගී සිටි ඔහු යළිත් දෑත් ඔසවා ආචාර කර රියට නැග ඉගිල ගියේ වෙන කිසිවක් නොදොඩමිනි.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දේශපාලකයෙක් ගැබිනි මාතාවන්ගේ දානයට බලෙන් ඇවිත් කාලා ගිහින්
sachith Thursday, 23 November 2017 04:47 AM
ජන්දේ ලගයිනෙ, මේවගේ නාට්‍ය බලාපොරොත්තු වෙන්න පුළුවන්.
Chandralal Fernando Thursday, 23 November 2017 08:53 AM
ඒගොල්ලෝ හැමදාම කන්නේ අනුන්ගේ ඒවා නේන්නන්
manavi Thursday, 23 November 2017 11:18 AM
බලෙන් තමයි හැමදේම ලබා ගන්නේ.
himal Friday, 24 November 2017 03:53 AM
දේශපාලුවෙක්නේ, කෑමනේ, බඩත් ලොකුනේ, ඒ නිසා ආවනේ
Bamunuarachchi Saturday, 25 November 2017 01:14 AM
සමහරු කොන්ෆ්ලෙක් දැක්කෙත්, කෑමට පෙර සුප් එකක් බීවේත්, සැලඩ් එකක් කෑවේත් පාර්ලිමේන්තු බෝජනාගාරයෙන්...
රාජුන් Saturday, 25 November 2017 03:03 AM
කවුරු වුණත් කමක් නෑ. දේශපාළුවාගේ නම හරි, කවුද කියලා අපිට හිතා ගන්න මොකක් හරි හෝඩුවාවක් දෙන්නකෝ...
indika Saturday, 25 November 2017 03:48 AM
මොකද නම කියන්න බය. විස්තරේ හරිනම් නම කියන්න බය වෙන්නේ මොකටද? වැරදි විස්තරයක් නම් නම කිව්වොත් උසාවි ගෙනියන්න පුළුවන් චරිතය ඝාතනය කළා කියලා...
රවින් Saturday, 25 November 2017 09:03 AM
ඉන්දික මහතාණනි, දේශපාලකයන්ට චරිතයක් කියලා දෙයක් තියනවද?
Raveendra Saturday, 25 November 2017 09:36 AM
අපි සෑමවිටම කියන්නේ දේශපාලකයා යනු අනුන්ගේ මුදලින් " පිනටම ගිලින්න සහ පිනටම ජීවත්වෙන්න " හදන අයවලුන් බව... මෙය එයට හොඳම උදාහරණයකි.
pakeer Sunday, 26 November 2017 01:13 PM
මේ දේශපාලකයා එහෙම කරන්න ඇත්තේ, මේ දන්සල කළේ එයා කියලා එ්ත්තු ගන්නන්න වෙන්නත් පුළුවන් !!!