IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දුඹුරු එළදෙනක සොරාගෙන ඩයිදමා කළු කරලා

(ගල්ගමුව - නිහාල් ජයවීර)

රුපියල් හැට දහසක් පමණ වටිනා එළ වැස්සියක සොරා ගෙන ගොස් කොණ්ඩයේ ආලේප කරන කළු පැහැති ඩයි වර්ගයක් ආලේප කොට නිවෙසක පිටුපස බැඳ තබා සිටියදී එළ වැස්සිය හා නිවෙස් හිමියා සැකපිට අත් අඩංගුවට ගත් බව ගිරිබාව පොලීසිය කීය.

ගිරිබාව, පහළ ගිරිබාව කුඹුරු යායේ බැඳ සිටි වයස අවුරුදු එකයි මාස දෙකක් පමණ වූ එළවැස්සිය සොරාගෙන ගොස් ඇති බවට පහළගිරිබාව පදිංචි සුනිල් චාමර නමැති අය කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදු කළ පොලීසියට මේ ගව සොරකම අනාවරණය කර ගැනීමට හැකි තිබේ.

පැමිණිලිකරුගේ එළවැස්සියට සමාන එළ වැස්සියක ඉහළවැව, වරාවැව ප්‍රදේශයේ නිවසක පිටුපස සිටින බවද, එහෙත් තමාට අයත් එළ වැස්සිය ගුරු පැහැති එකියක බවත් යට නිවසේ පිටුපස සිටින වැස්සිය කළු පැහැති බවත් පැමිණිලිකරු පොලීසියට ප්‍රකාශ කොට තිබේ. පැමිණිලිකරුත් සමඟ පොලීසිය මෙම නිවසට ගොස් එළවැස්සිය පරික්ෂාකරන විට ඒ වැස්සිය පැමිණිලිකරුගේ පාද ලෙව කෑමට පටන්ගත් බවද පොලීසිය කීය. එළ වැස්සිය තව දුරටත් පරීක්ෂා කිරිමේදී ඇගේ ශරීරයේ කළු පැහැති ඩයි වර්ගය තවරා තිබෙන බවද, වැස්සියගේ බඩ ප්‍රදේශයේ තැන් තැන්වල ඩයි තවරා නොතිබූ බවද පොලීසිය කීය. මේ නිවෙස පිටුපස තව එළදෙනෙනුන් දෙදෙනෙකු සිටි බවත්, ඒ සතුන්ද මෙසේ සොරාගෙන පැමිණ ගස් බැද තබන්නට ඇතැයි සැකටත් ඒ දෙනුන් දෙදෙනාද නිවෙස්හිමිකරු ද අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කීය.

සැකකරු විවාහකයෙකු බවත් මෙවැනි අපරාධවලට සම්බන්ධව අධිකරණයෙන් දඩුවම් විඳි අයකු බවත් පොලීසිය කීය. නිකවැරටිය පොලිස් අධිකාරී සංජීව බන්ඩාර ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී දර්ශන ගාල්ලගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත ගිරිබාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු පිරිසක් පරීක්‍ෂණ සිදු කරති. සැකකරු ඊයේ (19) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



අදහස් (6)

දුඹුරු එළදෙනක සොරාගෙන ඩයිදමා කළු කරලා

abaran Monday, 19 March 2018 10:40 PM

දියවන්නාවට යන්ට හොඳ පෙර හුරුවක්....

:       0       55

janahitha Tuesday, 20 March 2018 03:39 AM

ගණ දෙවියන්ටත් අගරු කරන මෙහෙවූ එවුන්ට යන්න ලෝකයක් තියෙයිද මන්ද? මෙහෙමත් ලෝකයක්.

:       33       4

mahinda Tuesday, 20 March 2018 04:32 AM

නිසකවම මේ හොරා දේශපාලකයකු හෝ අනාගතයේ එවැන්නකුට අවශ්‍යම මූලික සුදුසු කම සපුරා ඇත. ඒ නිසාම මීලග මැතිවරණයෙන් ඔහුට ඒ අවස්තාව දෙමු.

:       10       136

දුෂාන් Wednesday, 21 March 2018 04:44 PM

වැඩේ නම් වැරදියි තමයි. හැබැයි අයිඩියා එක නම් සුපිරි... මේ මොළේ හොඳ වැඩකට ගත්තා නම් සමහරවිට ලෝකයම වෙනස් කරන්නත් පුළුවන් වෙයි. වෙනස් විදිහට හිතන මිනිස්සු නිසා තමයි ලෝකය ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ ඉතිහාසය පුරාම....

:       160       15

Chandima Thursday, 22 March 2018 07:13 AM

ලෝකෙම පළමු වතාවට වෙන්න ඇති මෙහෙම දෙයක් වුනේ. දැන් ඉතින් ඔන්න බල්ලෝ පුසෝ ඩයි දාන්නත් මේ ක්‍රමේ යොදා ගනීවි.

:       0       3

මෙල්බර්න් Saturday, 24 March 2018 09:47 AM

ඉස්සර කාලෙක ජනප්‍රිය රේස් අශ්වයකු දියසායම් වලින් පාට කරලා ජනප්‍රිය නොවන අශ්වයකු විදිහට රේස් එකට යවලා ඔට්ටු අල්ලලා දිනපු කතාවක්... මම මෙහෙදී අහල තියෙනවා. ඒකට අදාල කෙනා ලඟදි මියගියා. වැඩේ අහුවෙල තියෙන්නේ දවසක් රේස් එක යනකොට හදිසියේ වැස්සක් වැටිලා අශ්වයා ගේ දියසායම් හේදිලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 361 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 793 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 876 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1236 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1569 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1021 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1484 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site