(අම්බලන්තොට සනත් ගමගේ)
ගිරුවාපත්තුවේ වලවේ ගඟ සමීපයේ පිහිටි ගම්මානයකි. තරමක් රූමත් එකම දියණියක් සිටින නිවසකි. ඇයට පියා අහිමි වීම නිසා මව සමඟ නිවසේ කල් ගත කරන දියණිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. යන්ත්‍ර මන්ත්‍ර යාග හෝම ගැන දැඩි විශ්වාසයක් ඇති මෙම නිවැසියන් උසස් පෙළ ලියන තම දියණියට යම් භූත බලවේගයක් ඇති වී තිබෙන බවට සාත්තර අහන තැනකින් කී පසු තරුණ මවගේත්, දියණියගේත් නිතර කථා බහ වූයේ මෙවර උසස් පෙළ විභාගයට මෙම භූත බලවේගය යම් හරස් වීමක් සිදුවේ ද යන්නය.
තරුණ මවගේ මවුපියන් සමඟ සාකච්ඡා කර භූත බලවේගයට පිළියම් ලෙස යාග හෝමයක් පැවැත් වීමට දින නියම කරගත්තාය. එදින රාත්‍රී අවශ්‍ය සියල්ල කිරීමට කටයුතු කෙරිණි. කට්ටඩියා කල් වේලා ඇතිව නිවසට පැමිණ අවශ්‍ය කළමනා සකස් කර මන්ත්‍ර ජපකරමින් තටුව මතුරන්නට විය. ප්‍රදේශයම දුම්මල සුවඳින් පැතිරී ගොස් තිබිණි.
යතුරුපැදි කිහිපයක් නිවස ඉදිරිපිටින් එහාට මෙහාට යන්නට විය. නිසල ප්‍රදේශයක පිහිටි නිවස ඉදිරිපිටින් මෙසේ යතුරුපැදි කිහිපයක් යාම හේතුවෙන් නිවැසියෝ ද තරමක් කලබලයට පත් වූහ.
යකැදුරා එක දිගට මන්තර ජප කරමින් දියණියගේ භූත බලවේගය ඉවත් කිරීමට පිළියම් යොදමින් සිටියේය. ඉඳ හිට තරමක පොද වැස්සක් ද ප්‍රදේශයට පතිත විය. නිසල රාත්‍රියේ මාවවුලන් පියාපත් පට පට ගා ගසමින් නිවසේ ගස්වල එල්ලී සිටියහ. නිවැසියන් ද එළියට පහළියට එතරම් බහින්නේ නැතිව සිටියේ කට්ටඩියාගේ උපදෙස් මතය. දියණිය ද සාලයේ පුටුවක වාඩී වී සිටි අතර කුස්සිය පැත්තට තනියම යන විට මව කෑගහමින් කියා සිටියේ යන්න එපා ගෙට වෙලා හිටපන් කියාය. මවගේ අණසකට එක්වරක් කීකරු වූ දියණිය නැවත නිවස තුළම සිටියාය.
යළිත් නිවස ඉදිරිපිටින් යතුරුපැදි හඬ අවදිවන්නට විය. කවුද මේ මහ රාත්‍රියේ යන්නේ කියා නිවැසියෝ තරමක් විමසිලිමත් වූහ. කට්ටඩියා ගේ කනට මෙය ඇසුණු පසු ඔහු කියා ඇත්තේ කොල්ලේ කුරුට්ටෝ වෙන්න ඇති යන්නයි. කෙසේ හෝ රාත්‍රිය ගෙවි යමින් පැවැතිණි.
අඟුරු දුම්මල බඳුනෙන් නිතර දුම් එළියට ගලා ගියේය. නිවැසියන් එළියට පහළියට බැස්සේ නැත. සාලයේ සිටි දියණිය සාලයෙන් එළියට පිටවනු කවුරුත් දැක නැත. දියණිය සාලයේ නැත. කට්ටඩියා භූත බලවේගයට මතුරමින් සිටී.
එළියේ යමක් සිදු වෙමින් පවතින බව කිසිවෙක් දැන සිටියේ නැත. දියණිය සමඟ හාදකමක් දැක් වූ තරුණයෙක් නිවස සමීපයට පැමිණි පසු ජංගම දුරකථනයෙන් ලැබුණ සංඥාව අනුව දියණිය එළියට බැස තිබිණි. එළියෙන් ඇසුණු අඩි ශබ්දයට කට්ටඩියා කියා ඇත්තේ භුතයා ක්‍රමයෙන් ඈත් වන බවය. එහෙත් භූතයා නිවසටම පැමිණි බව දැන සිටියේ දියණිය පමණි. දෙදෙනාගේ කථා බහ අවසන් වීමෙන් පසු යතුරුපැදිය නාද වෙනවාත් සමඟම නිවැසියන් කලබලයෙන් එළියට පැමිණෙන විට දියණිය එක් වරම නිවස තුළට ගොඩවැදුනාය. සියල්ලන්ටම කරුණු වැටහිණි.
කේන්තියෙන් ඉහවහා ගිය තරුණ මව ‘‘කට්ටඩි මහත්තයෝ භූතයා ඇවිල්ල ගියා දැන් ඕක නතර කරන්න’’ යැයි උස් හඬින් කියා දියණිය සිටි කාමරයට ගියේ යක්ෂාරූඩයෙනි.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දියණියගේ විභාගයට කට්ටඩියා මතුරද්දී භූතයා ගෙටම ඇවිදින්