(මතුගම බන්දු තඹවිට)
බීමත්ව තම බිරියට පහර දී නිවසේ මුළුතැන්ගේ උපකරණ සහ ශීතකරණය ඇතුළු උපකරණ ගිනි තැබූ තදින්ම බීමට ඇබ්බැහිවූ අයකුට වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයා පසුගියදා අපූරු දඬුවමක් ලබාදුන්නේය.
වසර ගණනාවක සිට තදින්ම බීමට ඇබ්බැහි වූ මෙම පුද්ගලයා දරුවන් තිදෙනකුගේ පියෙකු වන අතර දවස පුරා බීමතින් සිටීම නිසා බිරිය දරු පවුල රැක ගන්නේ පෞද්ගලික ආයතනයක රැකියාවක නිරතවෙමින්ය. දවස පුරා තම මිතුරන් සමග එක්ව බීමතින් සිටින මෙම පුද්ගලයා රැකියාව අවසන්ව නිවසට පැමිණෙන බිරිය සමග කළහ කර ගැනීම දිනපතා සිදුකරන අතර එම අවස්ථාවල නිවසේ සිටින දූ දරුවන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී නිවසේ භාණ්ඩවලට අලාභහානි කිරීම සිදුකරන බවත් පසුගියදා ද එසේ කළහ කර නිවසේ මුළුතැන්ගේ උපකරණ සහ ශීතකරණය ඇතුළු භාණ්ඩ සියල්ලට ගිනි තබා විනාශ කළ බවත් සැමියාගේ මෙම ක්‍රියාවන් නිසා තමා ඇතුළු දරුවන්ට නිදහසේ ජීවත් වීමට නොහැකිවී ඇති බවත් එම පුද්ගලයාගේ බිරිය විසින් වැලිපැන්න පොලිසියට පැමිණිලි කර තිබුණි.
ඒ අනුව වැලිපැන්න පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී ස්ථානාධිපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු තදින්ම මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බව තේරුම් ගෙන බිරිය සහ දරුවන් සමග ගැටුම් ඇති කර නොගෙන මත්පැන් පානය අතහැර ජීවත් වන ලෙස අවවාද කර පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාර්යාලයේ තැන්පත් කර ඇති බුදු පිළිමය වෙත ගොස් පන්සිල් සමාදන් වන ලෙස දන්වා ඇත. බුදු පිළිමය අභියසට ගිය මෙම පනස් හැවිරිදි පුද්ගලයාට පන්සිල් අමතකව ගොස් ඇති අයුරු පොලිස් ස්ථානාධිපතිවරයාට නිරීක්ෂණය විය.
පන්සිල් අමතකවීමට තරම් බීමතට ඇබ්බැහි වූ මෙම පුද්ගලයාට ශාරීරික දඬුවමක් ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොමැති බැවින් පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.කේ. ගමගේ මහතා අපූරු දඬුවමක් නියම කළේය. එනම් එම පුද්ගලයාගේ 8 හැවිරිදි පාසල් යන දියණියගෙන් පන්සිල් ඉගෙන ගෙන දින කීපයක් සවස 6ට පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයේ තැන්පත් කර ඇති බුදු පිළිමයට මල් පහන් පූජා කරන ලෙස නියම කිරීමය. මේ පාරවත් මේ මිනිහා හැදුනොතින් හොඳ යැයි පවසමින් සැමියාව ද කැඳවාගෙන බිරිය වැලිපැන්න පොලිස් ස්ථානයෙන් පිටව යන අයුරු දක්නට ලැබුණි.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දවස තිස්සේම බීලා ඉන්නවාට පොලිසියෙන් මතක හිටින දඬුවමක්
nadeer Thursday, 25 July 2019 08:43 AM
බොහොම හොඳයි...
himal Thursday, 25 July 2019 04:16 PM
පොලිසියට දඬුවම් දීමේ කිසිදු බලයක් නෑ. මෙතන වුනත් මේ මනුස්සයා යහමගට යොමු වූ බවට වාර්තාවක් නෑනේ.
chandima Friday, 26 July 2019 10:21 PM
බැලූ බැල්මට නම් පොලිස් මහත්තයා වීරයෙක්, කට්ටයට හුරේ දාන්නා නියම වැඩක් කරලා තියෙනවා. නමුත් නීතියට අනුව මේ මනුස්සයා වැරදි කරුවෙක් කරලා සුළු හෝ දඬුවමක් දෙන්න පොලිස් උන්නාන්සේට බලයක් නැහැ. ඔහුව මානසික වෛද්‍ය වරයෙකුට නැතිනම් උපදේශකවරයෙකුට ඉදිරිපත් කිරීම වගේ වැඩ ගොඩක් ඒ නිලධාරීන්ට කරන්න තිබුණා. මොනවා කරන්නද කබාය ඇඳගෙන තරු පටි ගහගෙන උන්නට ඒ වයසක මිනිහට තිබුණු දැනුමම තියෙන කට්ටියනේ වැඩි හරියක් පොලිසියේත් ඉන්නේ. රටේ නීති පද්ධතියක් තිබුණට, පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න බලය තිබුණට එයාලා වැඩ කරන්නේ තවමත් ආදි කාලේ ගම්මුලාදෑනියන් වගේ.